2015/05/13

මම කලා කෘතියක්‌ ලෙස පිටුවක්‌ නිර්මාණය කළා




ශාන්ත කේ. හේරත් අප හඳුනාගන්නේ චිත්‍ර හා මූර්ති ශිල්පියකු වශයෙනි. දිවයින පුවත් පතට චිත්‍රශිල්පියකු ලෙස එක්‌වෙමින්පුවත්පත් කලාවේදියකු ද වූ ශාන්ත සිය වෘත්තිය ජීවිතයේ ද්විස්‌වරූපයකින් සිය සහෘරදයින් ආමන්ත්‍රණය කළේ නිර්මාණ ශිල්පියකුට කලාතුරකින් හිමිවන අවසථාවක්‌ උදාකරගනිමිනි. කෙසේ වුව ද සිය වෘත්තිය තුළ පුවත් පත් කලාව කලාවක්‌ ලෙස ම දකිමින් එහි පරමාදර්ශී ඉම් සොයා යන්නට ඔහු කළ මෙහෙවර අතිමහත් ය. ඒ මෙහෙවරෙහි නොයිඳුල් ඵලයකි "ලලිත". දෘෂ්‍ය කලාවත් පාඨකයාත් අතර පාලමක්‌ තැනීමට ශාන්ත දැරූ වෑයම "ලලිත" ලෙස කලක්‌ "දිවයින" පුවත් පතේ වේදිකාවක්‌ බවට පත් විය. කාලයාගේ ඇවෑමෙන් "ලලිත" අතිරේකයේ සොඳුරු මතකයන් අවදිකරන අරමුණින් යළි "දිවයින" පුවත් පතේ නිමවන ලලිත වේදිකාවට "ලලිත" නිssමැවුම්කරු කැදවා එන්නට අප දැරූ වෑයමයි මේ...

දක්‌ෂ කලා
(Fine Arts) සඳහාම වෙන් වූ පුවත්පත් අතිරේකයක්‌ ඉදිරිපත් කිරීමට කල්පනා කළේ ඇයි?

ලලිත වැනි පිටුවක අවශ්‍යතාව මට බරපතළ ලෙස දැනුණා. ඊට ප්‍රධාන හේතුව මම චිත්‍ර ශිල්පියෙක්‌ වීම. මම චිත්‍රශිල්පයට ආදරය කරන ගමන් එහි නියෑළෙන ගමන් මම කරන නිර්මාණ මගේ තෘප්තිය සඳහාම තබා ගන්නවාට වඩා ඒවා ජනතාව අතරට රැගෙන යැමේ වුවමනාවක්‌ ඇති වූනා. නිර්මාණ කිරීම එකක්‌. ඒවා මිනිසුන් අතරට ගෙන යැම තව එකක්‌. නිර්මාණ ශිල්පියකුට මේ දෙකම කිරීම අපහසු කාර්යයක්‌. මට මේ ස්‌ථාන දෙකේම භූමිකා තිබූ නිසා මම එය හඳුනා ගත්තා. ඒ හඳුනා ගැනීම හේතුවෙන් ලලිත වැනි පිටුවක්‌ කළ යුතුය කියන කාරණය මම කර්තෘවරු සමග සාකච්ඡා කළා. නමුත් එය කෙසේද කළ යුත්තේ ඊට අවස්‌ථාව ලබා ගන්නේ කොහොමද කියන කාරණා ගැන ගැටලු තිබුණා. අවසානයේ "දිවයින" හිටපු ප්‍රධාන කර්තෘ උපාලි තෙන්නකෝන් මහතා ඒ පිටුව ආරම්භ කරන්නැයි මට ආරාධනා කළා. මෙතැනදි උපාලි තෙන්නකෝන් මහතාට අවශ්‍යතාවක්‌ තිබුණා පරණ සාම්ප්‍රදායික පුවත්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රමය වෙනස්‌ කරන්න. හුරුවීම්, පුරුදුවීම්, ඇබ්බැහිවීම්වල කඳවුරු බැඳගෙන ඉන්න පිරිස වෙනස්‌ කරන්න. එය විශාල අභියෝගයක්‌. මේ අභියෝගය භාර ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නය මා ඉදිරියට ආවා. මා එය භාර ගත්තා. මේ අභියෝගය ජයගන්න මූලිකව එවකට උපාලි පුවත්පත් සමාගමේ සභාපතිනිය වූ ලක්‌මණි වෙල්ගම මහත්මියත් දෙවනුව නිමල් වෙල්ගම මහතාත් උදව් කළා. ඒ සඳහා අවශ්‍ය තාක්‌ෂණය, පර්යේෂණ පහසුකම් ආදී සියලු දේ ලබා දුන්නා.

මම කලා කෘතියක්‌ නිර්මාණය කරන ආකාරයට පිටුවක්‌ නිර්මාණය කිරීමට උත්සාහ කළා. ඒ වෙනකොට පරිගණක තාක්‌ෂණය සම්පූර්ණයෙන්ම අපට ලැබී තිබුණේ නැහැ. නමුත් ඒ පිළිබඳ පිටස්‌තරින් මා ලබා තිබූ දැනුම පාවිච්චි කරමින් පර්යේෂණ කරමින් පිටු හදන්න ගත්තා. එහි ප්‍රතිඵලයක්‌ ලෙස බදාදා අතිරේකය පිටු සැකසුම් අතින් සම්පූර්ණයෙන් වෙනස්‌ තැනකට ගෙන ඒමට අපි සමත් වූනා. ඒ ජයග්‍රහණය පිළිබඳ හොඳම උදාහරණය තමයි එහි පළවූ ඉතිහාසය පිsssළිබඳ ලිපියක්‌ කියෑවූ කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක්‌ අපේ කන්තෝරුවට ආවා. ඒ වෙනකොට මේ ලිපියේ කොටස්‌ පනස්‌ ගණනත් පළ වී අවසන්. ඔහු එහි මුල් කොටස්‌ ටික සොයාගෙනයි ආවේ. අපි ඔහුගෙන් විමසා සිටියා, දැන් ලිපියේ කොටස්‌ පනහකට වඩා පළ වෙලා. ඔබ මුලදී මේ ලිපිය දුටුවේ නැද්ද කියා. ඔහු කිව්වේ පත්තරේ මම බලනවා නමුත් මේ ලිපිය මීට කලින් කියවන්න ලැබුණේ නැහැ කියලා. මුලදී සාමාන්‍ය ක්‍රමයට අර ලිපිය පත්තර පිටුව පුරා එලලා තිබුණා. මිසක්‌ බැලූ බැල්මට ලිපිය ආකර්ෂණයට ලක්‌වන ලෙස ඉදිරිපත් කර තිබුණේ නැහැ. මම බදාදා අතිරේකයට විශේෂත්වයක්‌ හදා ගත්තා. ඇතුළෙ තියෙන හැම ලිපියක්‌ම වෙනස්‌ වෙලා ඇවිත් මුල් පිටුව සැකසෙන ආකාරයට. ඒ ඉදිරිපත් කිරීමේ ආකර්ෂණය අනුවයි. ඔහුට ඒ ලිපිය හමු වී තිබෙන්නේ ඉදිරිපත් කිරීමේ රටාවේ තිබෙන නිර්මාණශීලී ස්‌වභාවය මිනිසුන්ට කොයි විදිහට ද බලපාන්නේ කියන එකට ඉතා හොඳ උදාහරණයක්‌ ලෙස එය හඳුන්වන්න පුළුවන්. සාම්ප්‍රදායික ඉදිරිපත් කිරීම නරකයි කියනවා නොවේ. නමුත් සම්ප්‍රදාය නිර්මාණශීලීව භාවිත කරන්නේ කොහොමද කියන එක කලාවක්‌.

ඔය කාලයේදීම බදාදා අතිරේකයේ සාර්ථකත්වයත් එක්‌ක දෘෂ්‍ය කලා සඳහා සිංහල පුවත්පත්වල ඉඩ නැති වීම වළක්‌වන්න පිටුවක්‌ කරමු කියන සාකච්ඡාවට ඉඩකඩ ලැබුණා. නමුත් එය කරන්නේ කොහොමද කියන එක ගැන අපට අවබෝධයක්‌ තිබුණේ නැහැ. චිත්‍ර කලාව ගැන, ඉහළ කලාවන් ගැන යම් කෙනකුට ලියන්න කියලා කිව්වොත් ඔවුන් කියන්නේ අපිට මේක තේරෙන්නේ නෑ. දන්නේ නෑ, අපි මේක ඉගෙන ගෙන නෑ කියලා නමුත් මගේ මතයක්‌ තිබුණා ඉහළ කලාව හෝ පහළ කලාව හෝ කලාව කියන එක උපතින් මන්ද බුද්ධික හෝ අංග විකල වෙලා, ශාරීරික දුර්වලතාවක්‌ නැති හැම මනුෂ්‍යයකු තුළම අඩු වැඩි වශයෙන් තියෙනවා කියලා. ඒය මතුකර ගැනීම, උලුප්පා ගැනීමයි අපි කළ යුත්තේ මේ පිළිබඳ වෙනම පර්යේෂණ කරන්න, ඉගෙන ගන්න ආයතන නෑ. සාම්ප්‍රදායික පාසල් අධ්‍යාපනය ඇරුණහම සෞන්දර්ය විශ්වවිද්‍යාලය තියෙනවා. නමුත් ජාතික වශයෙන් විශාල වෙනස්‌කමක්‌ කළ හැකි බලපෑම් කළ හැකි ව්‍යqහයක්‌ ඒ තුළ නැහැ කියන එක අපි පිළිගන්නවා. ඒ තුළින් කිසියම් කාර්යභාරයක්‌ සිදු වෙනවා. එය අවතක්‌සේරු කරන්නේ නැහැ. නමුත් ප්‍රමාණවත් නැහැ.

උපාධිධාරියකු ලෙස, ඩිප්ලෝමාධාරියකු ලෙස කලායතනයෙන් පිටවුණු අය ගුරුවරු වෙලා. ශිල්පීන් වෙලා ඉන්නවා. නමුත් අද වනතුරා අපි මේ සාකච්ඡා කරන විෂය පිළිබඳ මුළු සමාජයක්‌ දැනුවත් වන කලාව පිළිබඳ රසය ජනතාව අතරට ගෙන යන කලාවේ නව ප්‍රවණතාවන් පිළිබඳ සාකච්ඡා වෙන කලාව පිළිබඳ විචාරය කරන සම්ප්‍රදායයක්‌ පිළිබඳ සාධක අපට සොයා ගන්න බෑ. ඒ අඩුව සම්පූර්ණ කරගන්න මේ පිටුව පාවිච්චි කරන්නේ කොහොමද කියන එක පිළිබඳවයි මම කල්පනා කරන්නේ. ලලිත කියන පිටුව වේදිකාවක්‌ ලෙස මෙහෙයවන්න මම උත්සාහ කළා. ඒ වේදිකාවේ තිරය ඇරියෙත් වැහුවෙත් මම.ඕනෑ වෙලාවක වේදිකාවට ගොඩ වෙන ලලිත කලාව පිළිබඳ ක්‍රියාත්මක වෙන කෙනකුට අපි අවස්‌ථාව දෙනවා. ඔහු ඉලක්‌ක කරලා ලයිට්‌ එක ගැහුවා. ඔහුට හඬක්‌ නඟන්න ඉඩක්‌ දුන්නා. ඒ පිළිබඳ සංවාද කරන්න පිටුවෙන් අවස්‌ථාව සලසා දුන්නා. ඒ අතරම පුවත්පතක පිටුවක්‌ තුළින් කොහොමද නිර්මාණශීලීව ජනතාව අතරට යන්නේ කියන එක ගැන අපට අනන්‍ය දෙයක්‌ සකස්‌ කර ගන්නේ කොහොමද කියන එක ගැන පරීක්‌ෂණ කළා. ඒ ආරම්භ කළ දේ වටිනාකම දැනගෙන එය නැති වී යන්න නොදී නැවත ආරම්භ කරනවා කියන එක මහා සතුටක්‌.

ඔබ පුවත්පත්වල ඉදිරිපත් කිරීම පිළිබඳ පර්යේෂණ කළ කාලයට සාපේක්‌ෂව අද පුවත්පත් කලාව තුළ භාවිත තාක්‌ෂණය ශීඝ්‍රයෙන් ඉදිරියට පැමිණ තිබෙනවා. නමුත් තාක්‌ෂණය භාවිතයේ දී යම් විනයක්‌ තිබිය යුතුයි නේද?

ලංකාවේ පුවත්පත් ගල් අච්චුවේ ගහන කාලේ ඉඳලාම විනය තිබුණා. ගල් අච්චුවේ ගහපු බාසුන්නැහේලා ළඟත් මේ විනය තිබුණා. නමුත් අවාසනාවකට තාක්‌ෂණය දියුණු වේගෙන එන්න එන්න මේ තත්ත්වය හෑල්ලු වුණා. ඒ විෂය භාවිත කළාට මදි, ඒ පිsළිබඳ අධ්‍යයනය කරලා ඉන් මතුවන දේ හඳුනා ගැනීමේ ඥනය ද අවශ්‍යයි. හඳුනා ගත්තත් මදි. ඒ හඳුනා ගත් දේ භාවිතයට සුදුසු පසුබිමකුත් ගොඩනැඟෙන්න ඕනෑ උදාහරණයකට ගල් තලාවක වී වපුරන්න බැහැ. ඒකට මඩ බිමක්‌ ඕනෑ. මඩ බිමක පොල් හිටුවන්න බැහැ. ගහ කුණු වෙනවා. ගොඩ ගොවිතැන මඩ ගොවිතැන ගැන අපේ ගොවියෝ හොඳට දැනගෙන හිටියා පුවත්පත ගොවි බිමක්‌. එහි වවන්නෝ පුවත්පත් කලාවේදියෝ.

දෘෂ්‍ය කලාව එහෙම නැත්නම් ෆයින් ආර්ට්‌ස්‌
(Fine Arts) කියූ විට එය යම් පිරිසකට ලඝූ වූ විෂයයක්‌ ලෙස හඳුනාගගැනීමක්‌ සිදු වෙනවා. නමුත් මේ විෂය පොදු කොට සමාජයට ගෙන යන්නේ කොහොමද?

මම චිත්‍ර ශිල්පියකුගේ මට්‌ටමේ හිඳිමින් හෝ ඉහළ රසිකත්වයක්‌ තිබෙන කෙනකුගේ මට්‌ටමින් නොවේ මේ පිටුව මෙහෙයවූයේ. සාමාන්‍ය ජනතාවගේ මට්‌ටමේ ඉඳගෙන. ඔවුන් තර්කානුකූලව කියනවා ශාන්ත කේ. හේරත් ඇඳපුවා අපට තේරෙන්නේ නැහැ කියලා. ඔවුන්ගේ ඒ ප්‍රශ්නය වැඩි පිරිසකගේ ප්‍රශ්නයක්‌. එබඳු දෙයක්‌ මං දිගින් දිගටම කරගෙන යැම තුළ මම මහා ගුප්ත තත්ත්වයකට පත් වෙනවා. මම මේක කරන්නේ මිනිසුන් සඳහා නම් ඔවුන්ගේ රසඥතාව ඉහළට ගෙන ඒම සඳහා නම් මම කරන්න ඕනෑ ඔවුන්ට එය තේරුම් ගැනීමට අවස්‌ථාවක්‌ සලසා දීම. තුළින් මගේ නිර්මාණය සමග සබඳතාවක්‌ ගොඩනඟා දීම. එය නිර්මාණ ශිල්පියාට කරන්න බැරිවෙන්න පුළුවන්. ඔහු ඒ සඳහා වෙහෙස වීම නිර්මාණකරණයට බාධාවක්‌. විචාරකයෝ පුවත්පත් කලාවේදියෝ ඇති වෙන්නේ ඒ අවශ්‍යතාවට යි. මේ හරහා ගැලරියට මිනිස්‌සු ගෙන්න ගන්න, චිත්‍ර මිනිස්‌සු අතරට ගෙන යන්න හැකි වෙන්න ඕනෑ. ඒ සබඳතා තුළින් ගොඩනැඟෙන ප්‍රතිඵල පිළිබඳ කතා බහක්‌ ඇති විය යුතුයි.

මෙතැනටම තවත් දෙයක්‌ අවධාරණය කළ යුතුයි. අපිට බැහැ කලා කෘතියක්‌ පත්තර පිටුවකින් පෙන්වන්න. අපි කරන්නේ කිසියම් විචාරාත්මක මඟ පෙන්වීමක්‌ පමණයි. යම් කලා කෘතියක්‌ පිළිබඳ මේ පිටුවෙන් බලලා අවසන් වෙනවා නම් එය අසාර්ථකයි. අපි මේකෙන් කරන්නේ සංඥවක්‌ දීම. මෙන්න මේ වගේ දෙයක්‌ අහවල් තැන තියෙනවා. ඒක මේ විදිහට රසවිඳින්න පුළුවන්. ගිහින් රසවිඳින්න කියන මඟ පෙන්වීමයි. අපි කළ යුත්තේ. පන්සලකින් වෙන්නෙ නිවන් මාර්ගයට මඟ පෙන්වීමක්‌ පමණයි. මේකත් පන්සලක්‌.

නිරෝෂන් හැඳලගේ
විචිත්‍ර වනිගනෙත්ති

උපුටා ගැනීම
දිවයින