ළමයා චිත්‍රය අදියි.
“සර් මම බිම ඉදගෙන අදින්නද? “
“හොදයි..කැමති විදිහට තියාගෙන අදින්න.“
“ සර්.. මම චිත්‍ර අදින්න කැමතිනෑ..“
“ ඒ මොකද? චිත්‍ර අදින්න අකමැති ? “
“ උදේ නැගිටින්න ඕනෑ! ඉස්කෝලෙ යන්න ඕන! පාඩම්කරන්න ඕන! ගෙදරඇවිත් ටියුෂන් යන්න ඕන! පාඩම්කරන්න ඕන! කන්න ඕන..!. නිදියන්න ඕන.!. මට ඕනදේ එකක්වත් කරන්න වෙලාවක් නැ....“
“ඉතින් ඔයාට මොනවද කරන්න ඕන? “
“සර් මට නිකං ඉන්න ඕන..!!.“ගුරුවරයා තිගැස්සින. ඔහුගේ උගුර වියලී ගියා සේ විය. ළමයා බිම දිගා වී පැස්ටල් කූර නිදහසේ මෙහෙයවමින් යමක් අදියි. ඔහුගේ එක් අතක් හිසේ හිරවී තිබින. අනිත් අත පැස්ටල් කූර සමග එහෙ මෙහෙ දුවයි. පාද දනහිසින් එසවී රිද්මයකට නැලවෙයි. සුදු කොල යේ නිදහසේ දුවන රේඛා වලින් පිරෙයි. රේඛා අතර ඇති හිඩැස් විවිධ වර්ණ වලින් විචිත්‍ර වෙයි. ගුරුවරයා ඒ දෙස බලා සිටින්නේ කුතුහලයෙනි.
“ චිත්‍ර අදින්න ආස නැතිවුනාට ඔයා හරි ලස්සනට අදිනවානේ? “ළමයා අදින වැඩේ නතරකර හැරී බලයි.. වටයක් බිම දිගේ කැරකීගිය ඔහු කදින් එසැ වී චිත්‍රය දෙස බලයි.
“මේක ලස්සනද?“ඔහු නැගිට ගුරුවරයා වෙත පැමිණ ඔහු වැලදගනී.
“සර් මේක ඇත්තටම ලස්සනද?.... ම් ම් ම් ..ඒත් අම්මා දැක්කොත් කියයි මේක කැතයි කියලා..“ළමයා එක් අතකින් ගුරුවරයා අල්ලාගෙන අතේ වූ පාට කූරෙන් ගුරුවරයා ගේ කලිසමේ ඉරි අදියි.
“හරි.. හරි.. අපි අද අම්මව පුදුම කරමු.. ඔයාට හොදට අදින්න පුලවන් කියලා අම්මට පෙන්නමු... දැන් ඉතින් ඉක්මනට ඉතිරි ටිකත් පාටකරමු...“ළමයා ගේ මූන දිලිසෙයි. ඔහු අවිස්වාසයෙන් ගුරුවරයා දෙසබලයි.
“ හරි දැන් මොකද කියන්නේ... යමු අපි අදිමු.....“ළමයා ප්‍රීතියෙන් උඩ පැන නැවත චිත්‍රය ඇදීමට යොමුවෙයි...
ගුරුවරයා චිත්‍ර අදින ළමයින් අතරින් ඇවිදිම් කතාකරයි....
“ අපි අහස අදින කොට... අපි අදින අහස ඇත්තටම අපි දැකපු අහස කියල හිතන්න.... දන්නවද? අපි දැන් මේ අදින චිත්‍රය උදේ වරුවක්ද? නැතිනම් හවසද? මතක්කර ගන්න...... අපි හිතමු අපි මේ අදින්නේ උදේ කියලා... මතකද උදේ අහස..? උදේ අහසයි හවස අහසයි එකව ගේද? වෙනස්ද? මොකද්ද තියෙන වෙනස...?.....“ගුරුවරයා දිගටම කතා කරයි... ළමයි චිත්‍ර අදිමින්ම පිලිතුරු දෙයි. ඔවුන් පැහැදිලිවම කියන දේ ගුරුවරයා ගේ සතුටට හේතුවෙයි. ළමයා හවස අහසේ වර්නවත් බව දැක තිබේ... උදේ අහසේ දීප්තිමත් බව දරුවා දැක ඇත... මේවා දරුවා හිතාමකා නිරීක්ෂණය කර නැත. නමුත් දැක ඇති දේ ඔහුට මතකය. මේ මතකය අපි විසින් ස්ථිර කලයුතුය.. දකින දේ නිරීක්ෂණය කිරීම, එ්වා රස විදීමට දිරිමත් කල යුතුය.. රස විදීමෙන් ලබන අවබෝධය අපි අදින ලියන දේ සදහා සුදුසු ලෙස යොදා ගත යුතුය.. ඒ සදහා ඔහු ගේ භාවිතාව නිර්මාණ ශිලි බව අපි හදුනාගෙන එය අගය කල යුතුය. දිරිමත් කළයුතුය.
“සර්...කෝච්චිය වේගයෙන් යනවා.... මම ඒක ඇන්දා.. එතකොට ඒකේ රෝද , මිනිස්සු පැහැදිලිව පේන්නේ නැ..“දරුවා කියන දෙයින් ගුරුවරයා ඒ දෙස බලයි....ළමයා අදින ලද චිත්‍රය දෙස බලමින් එහි ඇද ඇති දේ විස්කර කරයි...
“ කෝච්චිය වේයෙන් යනවා... පාලම උඩින්... පාලම පේන්නෙත් නෑ.... මේ කතිර පාලමේ ඒවා...“
“ සර්.මේ යට තියෙන්නේ ගග.. කෝච්චියේ හෙවනැල්ල ගගටත් වැටිලා........“ළමයා සිනාසෙමින් කියයි.
“සර් දැකල තියෙනවද ඒක?...“ළමයාගේ නිරීක්ශණ ශක්තිය කෙතරම් තියුනුද? මෙය ඔහුට කිසිවෙක් උගන්වා නැත. ඔහු අත්දැකිම පරිසරය විදීම තුලින් ම ලබාගත් අවබෝධයයි... මේ විදීමේ ශක්තිය.. සහ විදගත්දෑ ඔහුගේම ක්‍රමයකට ප්‍රකාශ කිරීමට ඔහු දරණ උත්සාහය අපගේ අවධානයට හා සැලකිල්ලට යොමු වෙනවාද?
අලංකාර බ්ලොග් අඩවියක් ... සිතුවම් ලොවක තනි වී
ReplyDeleteස්තුතියි..
Deleteඉට්ටයිල් එක හොදයි , රස බ්ලොගක් වේවා
ReplyDeleteජයවේවා ගුරුතුමාටත්....
Deleteමාත් විශ්වාස කරන විදිහට මචං කලාව කියන්නෙ අසීමිත අවකාෂයක්....එකිනෙකාගෙන් එකිනෙකාට මේ අවකාෂීය වටහා ගැනීම් වෙනස්...සියුම් රස වින්දනයක් ඇති තැනැත්තා සියුම් කලාංග බිහි කරනව මම දැකල තියනව....ඒ වගේම ඒ සියුම්බාවය නොමැති පුද්ගලය බිහි කරණ නිර්මාණ තුල සංකීර්ණ නිර්මාණයක් නොමැති වීමෙන් ඔහු එය නිර්මාණයක් ලෙස නොදකිනව....මම හිතන්නෙ චිත්‍ර ඇදිය හැකි හා නොහැකි කියන්නෙ මේ දෙපිරිස
ReplyDeleteහරියට හරි...චිත්‍ර වගේම තමයි ලේඛනයත්. හැමෝම ලියනවා. පුලුවන්. ඒත් ලේඛකයෙක් විදිහට ඉතිරිවෙන්නේ එකෙක් දෙන්නෙක්. ඒ අර සියුම බව නැතිකම. ඔබ කියන දේ හරි. හැමෝටම පේන දේ ලියනවා. වාර්තාව. හැමෝම පේන දේ අදිනවා....එය නිර්මාණය නොවේ...එකගයි...මේ සංවාදය හරවත්කරන්න පැමිනියාට ස්තුතියි.. තව ඉදිරියට යමු......
Deleteමචං කීවට සමාවන්න...ඔබතුමා නේද ශාන්ත කේ හේරත්?..
Deleteමොකටද සමාව ඉල්ලන්නේ...ඒ ඇමතීමේ ලෙන්ගතු කමක්නේ තියෙන්නේ....හේ හේ....
Deleteහිතනකොට වර්ණ වලින් හිතුවත් ( හිතුවිලි වලට පාට තියෙනවා කියල මට හිතෙන්නේ. කොහෙන් දැනුනද මන්ද) චිත්‍ර අඳිනකොට අවර්ණ ඒවටමයි වැඩිපුර හිත යන්නේ.
ReplyDeleteමම චිත්‍ර විෂයක් විදියට ඉගෙනගෙන නැහැ. නමුත් අඳින්න පොඩි කාලේ ඉඳන්ම ආසාවක් වගේම පුංචි හැකියාවක් තිබ්බ. ආයෙම අඳින්න පටන් ගන්න ඕනේ දන්නා විදියට වත්.
ළමයින්ට චිත්‍ර 'අඳින හැටි කියා දීම' කියන්නේ බොහොම පරිස්සමෙන් කරන්න ඕනේ වැඩක්. ඔබතුමා නම් ඒක පරිස්සමෙන් කරන බව තේරෙනවා. නමුත් අපිට ගුරුවරු හැමෝම එක විදියයි කියල උපකල්පනය කරන්න බැහැ. සමහරු ගුරුවරු වන්නේ රැකියාවෙන් විතරක් වන නිසා ( ඔවුන්ගේ වරදක් නොවේ) එතැනදී නිර්මාණාත්මක විෂයක් තුලදී ළමයෙක් කැඩෙන්නත් , හැදෙන්නත් ඉඩ තියෙනවා. තව ඉදිරියට කියවන්න ආසයි, දිගටම ලියන්න
ඇත්තටම හිතුවිලි පාට තියෙනවා. ගොඩක් දෙනෙක් ඒක දන්නේ නෑ...සමහරු කියන්නේ “ලජ්ජාවට රතුවෙලා“..... “මම ඒක අහපුවම මෑන් නිල්වෙලා ගියා අනේ....“ මේ පාට පාට කතාව හරිම රසවත්..මේවා අපේ සාහීත්‍යට එක්වෙලා නෑ.. මේ සාහිත්‍ය,කලා සංවාදය අපේ කරගමු... අපි එක්ව මේ අදහස් බෙදාගමු. තවත් අය දැනුවත් කරමු....මරාගන්නා තරගයෙන් ඉවත්වෙමු....හහ්..හහ්..හාාාාාා
Deleteළමයාගේ සිතේ චිත්‍ර ඇදීමේ ආසාව තිබුනත් ඔහුට නිදහසේ සිටීමට ඇති කාළය අඩු වීම නිසා ඔහු චිත්‍ර ඇදීමට අකමැති බව පෙනේ....
ReplyDeleteගුරුවරයාගේ කාරුණික බව ළමයාගේ සිත නැවත චිත්‍රය දෙසට යොමු කරයි...
ළමයා ළමයෙකු මිස වයසින් මුහුකුරා ගිය අත්දැකීම් වලින් පිරුණු කෙනෙකු විය නොහැක...
ඔහුට අත්දැකීම් වැඩි කර ගැනීමට උදව් කල යුත්තේ දෙමාපියන් ය...
ඔහුට සිතැගි පරිදි නිර්මාණය කරණයේ යෙදීමට නිදහස් පරිසරයක් සාදා දිය යුතු වන්නේද දෙමාපියන් විසිනි ...
බුද්ධියෙන් විමසිය යුතු කතාවක්...
ඔව්...මේගැන ඔවුන් කියන දේ ද අහන්න කැමතියි....
Deleteනිදහස් වටපිටාවක් තුල නිදහස්ව වටහාදෙන ගුරුවරයෙක් තුලින් බිහිවෙන දරුවා කොතරම් අපූරු නිර්මාණ දායාද කරයිද කියලා මේ ලිපි පෙළ හරහා හිතෙනවා. ඇත්තටම බිම ඉඳගෙන චිත්‍රයක් මවනා පොඩි දරුවෙක්ගේ මානසික තත්වයට මා පත්වුනා. ඔබේ ලියවිල්ල ඒ තත්වයට පත්කෙරුවා.
ReplyDeleteස්තුතියි ප්‍රතිචාරයට....
Deleteමේ ලිපිය කියවද්දී මගේ ළමා කාලේ මතක් වුනා. මම චිත්‍රයක් ඇන්දාම මුලින්ම ඒකේ වැරදි කීව්වේ මගේ අම්මා. ඒත් ඒවා වැරදි විදියට නෙවෙයි. ' පුතේ මෙතන මෙහෙම වුනේ ඇයි.' ' පුතාට මේ ගහ පේන්නේ මෙහෙමද ? ' ඔන්න ඔය විදිහට තමයි අම්මා මට හුරු කලේ. ඒ වගේම කොයි වෙලාවෙත් මගේ චිත්‍ර අගය කලා. වාසනාවකට මට උගන්වපු චිත්‍ර ගුරුවරුත් ඒ වගේමයි.
ReplyDeleteජයවේවා !!!
ස්තුතියි... ළමයගේ උපන් හැකියාව මොටකිරීම වරදක්...
Deleteසිත්තර සිත අහු උනේ අදයි.. ජය වේවා..
ReplyDeleteජයවේවා.....
Delete