2016/05/04

උභතෝකෝටිකයක පැටලුන මා ( ඉතිහාසය සොයායාම 5 )

පිටකොටුවේ බාර්එක මේවගේ....කොහෙද කියල මතක නෑ...උපාලි අයතනය ඉදිරිපට දැන්... කපුටගේ කඩේ තිබුනේ මේ ගහයට.. හැමතැනම පැල්පත් නිවාස.....දැන් සිතුවෙලා තියෙන විස්මිත වෙනස්තම ඉන්ඩෝ ස්ටේඩ්යම් එක... එදා පිටත වූ අපාය දිවය ලෝකයක්වෙලා. තාප්පයෙන් ඇතුලේ වූ සිවිය ලෝකය අපායක් වෙලා )

මම උභතෝකෝටිකයක පැටලුනා. මා අතේ රුපියල් දාහක කොලයක්. එතරම් විශාල මුදලක් මා මීට පෙර අතගා නැහැ. පිටකොටුවේ තනියෙන් ඇවිදලත් නෑ. සුනිල් මාධව සහ තවත් කීපදෙනෙක් දෙනෙක් කෑමට පෙර අවුසද ගැනීමට සූදානම් වෙමින් හිටියා. කියන්න කෙනෙක් නැහැ. මගේ වියවුල තේරුම් ගත් එකෙකු එහි සිටියා. 

“මොකද්ද ශාන්ත ප්‍රශ්නයක්ද?”

ඔහු ඇසුවා. මම ඔහුට කාරණාව පැහැදිකළ පසු ඔහු මහ හඩින් සිනාසුනා.

“තනියෙන් නම් යන්න හිතන්නවත් එපා..රජෝ..”

ඔහු කිව්වේ බරපතල ලෙසයි.

“ඔය රුපියල් දාහ විතරක් නෙවෙයි, ශාන්ත ගේ කලිසමත් උන් ගලවා ගනී.”
ඔහු සිනාසුනා. මගේ බය තවත් වැඩිවුනා. 

“ හරි .. මම එන්නම් ඔයත් එක්ක... යමු.”

ඔහු ඉදිරිපත් වුණා. ඒ උපාලි තෙන්නකෝන් මහතායි. උපාලි අයියායි.

අපි පිටකොටුවේ ගුණසේන පොත්හල, කතෝලික පොත්හල, මැකලම්ස් පොත්හල වෙත ගොස් උවමනා කලමනා මිලට ගත්තා. දැන් මේවා උස්සාගෙන යායුතුයි. ලොරි බාගයකට සෑහෙන බඩු අපි ලඟ. කහපාට තට්ටයක් සහිත ටැක්සියකට කතාකළ මුත් බ්ලුමැන්ඩල් දක්වා යාමට තරම් මුදලක් උපාලි අයියා සහ මාලඟ ඉතුරුවී තිබුණෙ නෑ. අපි ඩබල් ඩෙකර් බස්එකක පාපුවරුවේ බඩුටික පුරවාගෙන ස්ටේඩිටම් එක දක්වා පැමිණියා. ඒ ගමනද රස සාගරයක් වුයේ කොන්දොස්තර තැන අපි පාපුවරුව අවහිර කරනවා කියා ආඩපාලි කියද්දී උපාලි මහතා දුන් පිලුතුරු නිසායි. පසුව කොන්දොස්කර මහතාද අපේ හිතවතෙක් වුනා. බඩු ටික බා ගැනීමට ඔහුද අපිට උදව් කළා. 

පසුදින සිට අප පත්තරය සදහා සැලසුම් සකස් කිරීම වේගවත්ව සිදුකළා. සාක්ච්ඡා සම්මන්ත්‍රණ, වාද විවාද වලින් නම් අඩුවක් තිබුණෙ නෑ. නමුත් සියල්ලෝම එකම අරමුණක් සදහා කැපවි සිටියා. හවස්ජාමයේ රණසිංහ මහතා සහ ගුණසිංහ මහතා අද වැඩ ටික හෙටට කල් නොදා රෑම ඉවර කර මුදැයි ඇසුවා. යෝජනාව ඒකත්ඡන්දයෙන් සම්මක වුණා.
“ශාන්ත කොහෙද නැවතිලා ඉන්නේ..?”

රණසිංහ මහතා ගේ ඊලග පැණය වුණා. ඒ විස්තර දැනගැනීමෙන්පසු ඒ මහතා කිව්වේ “ටෙලිපෝනයක් ගෙදර තියෙනවා ද?. එහෙනම් අද රෑ ගෙදරඑන්නේ නෑ කියල කියන්න.. නැතිනම් ඒ අය කලබල වෙයි.”

මම ගුණසිංහ මහතාගේ මේසය උඩ වූ දුරකතනයෙන් රත්මලානේ මම නැවතී සිටින පුංචි අම්මාගේ ගෙදරට ඇමතුමක් ගත්තා. දුරකතනය ගත්තේ බාප්පා. මම ඔහුට කාරණය කී විට ඔහු පෙරලා ඇහුවේ.

“රෑට කෑම එකක් සහ අදින්න ඇදුම් ටිකක් ගෙනත් දී යන්ට එන්නද”
කියායි. මගේ පිලිතුර මෙසේ වුණා.

“බාප්පා. අපිට නිදාගන්වත්, කන්නවත් වෙලාවක් ඉතිරිවෙන එකක් නෑ. ඒතරම් වැඩ තියෙනවා....”
රණසිංහ මහතා මගෙන් දුරකතනය ඉල්ලාගෙන ගෙන බාප්පා සමග කතා කළා. ඔවුන් බොහෝ වෙලාවත් රටේ තොට් වගතුග දේශපාලනය ගැන කතාකරමින් සිටියා. බාප්පාද සිංහල ,ඉංග්‍රීසි පත්තර සියල්ල මිලදීගෙන කියවන හොද පාඨකයෙක්. 

රාත්‍රී නමයට පමඛ රෑ කෑම කෑමට අපි දිවයිනට තිබූ එකම වාහනයේ නැගි පිට කොටුව බලා ගියා. වහනයේ රියදුරු තනතුර හෙබවුයේද අපගේ නියමු රණසිංහ මහතායි. ඉදිරිපස අසුනේ ද දෙදෙනෙක් සිටියා. ඉතිරි අපි සියල් ලෝම පිටුපස පටවා ගත්තා.
ගියේ කොතැනකටද යන්න මට මතක නැහැ. පිටකොටුව ලේක්හවුස් ගොඩනැගිල්ල අසලින් හැරෙනවා මතකයි. ඒ අසල ඇති තැනක් විය යුතුයි. එය දුමින් පිරුණු සුළං නොඑන ඝෝෂාකාරී තැනක්. කුඩා මේසවල එකිනෙකා බොමින් උස්හඩින් කතා බහ කරනවා. බෝතල් එකින් එක ගැටෙන හඩ, වීදුරු ගැටෙන හඩ සහ උස් හඩින් කෙරෙන විවිධ පුද්ගලයන්ගේ එකක් යටපත් කරමින් අනෙකා නිරතුරුවම කියන දේ රැව් පිළිරැව් දෙනවා මතකයි. ස්ථානය අදුරුයි.වේටර් වරයෙකු පැමිණ අපි සියලු දෙනාට එකට හිදගත හැකි වෙන ලෙස මේස කීපයක් එක් කොට එක මේසයක් තැනුවා.

පලමුව පැමිනියේ අරක්කු බෝතල්. දෙවනුව වීදුරු. සැන්ඩි පැමිණියේ තෙවනුවයි. බයිට් ඊටත් පසුව පැමිණ මේසයේ සුදුසු තැන්වල තැන්පත් වුණා. රණසිංහ මහතා අරක්කු බෝතලක් ගෙන එය මාදෙසට දික් කළා. 

“ශාන්ත අපේ අමුත්තා. අපි එයාට කියමු මේක විවෘත කරන්න. ”

ඒ රණසිංහ මහතාගේ ගාම්භීර හඩයි. මම බොතලය නොගෙන බලා සිටියා.

“ඇයි .. තමුසේ බොන්නේ නැද්ද?. කවදාවත් බීලා නැද්ද?. බොන්න ආසත් නැද්ද?” රණසිංහ මහතා කාලය දෙමින් ප්‍රශ්න වැලක් ඇසුවා. අනිත් අය සිදුවෙන දේ දෙස බලා සිටියා.

“හරි .. මෙහෙමයි.. ශාන්ත බොනවා නම් දැන් බොන්න. බොන්න ආසනම් බොන්න. මෙන්න බෝතලේ. දැන් මේක කඩලා ටිකක් බොන්න. එහෙම නැතිනම් බොන්න එපා. හැබැයි... මගෙත් එක්ක වැඩකරන කාලය තුළ කවදාවත් බොන්න එපා. බීල අහුවෙන්නත් එපා. මොකද කියන්නේ.? තීරණයක් ගන්න.”

මම ගුණසිංහ මහතාගේ මූණ බැලුවා. ඔහු ප්‍රසන්න ලෙස මාදෙස බලා සිටියා. සමහරු අභිනයෙන් බොන ලෙස ඉගි කළා. මම තීරනයක් ගත යුතුයි. ගතකිරීමට කාලක් නැහැ. 

“සර් මම කවදාවත් බොන්නේ නෑ. මම කොකා කෝලා ටිකක් බොන්නම්.”
“හොදයි. අන්න හරි. අපි එහෙනම් වැඩේ පටන්ගමු.” 

සමහරු හොදටම බීවා. තවත් වැඩ ඉතිරි අය පදමට බිව්වා. රියදුරු තනතුරද දැරූ රණසිංහ මහතාද මහ හඩින් සිනා සෙමින් බීවා. එහෙත් වෙරිවූ බවක් පෙනුනේ නැහැ.



කෑම කා අවසානයේ දී සමහරු තවත් බෝතල් කීපයක් වාහනයටත් දාත්තා. පත්තරකාර ජීවිතය ඒ තරම් ලේසි පහසු එකක් නොවෙන බව මට තේරුම් යන්ට වුණා. මේසයේ සිටි අය අතරින් නොබී සිටියේ මාත් ගාමිනී සුමනසේකර මහතාත් පමණයි. ඔහුටත් කලවම්කර පෙවීමට ඇතැමුන් උත්සාහ කලද ඒ වැනි දේ මට සිදුකලේ නැහැ.
දිවයිනට නැවත පැමිනියේ මදියම් රැයේයි. ඉතිරි වී තිබූ වැඩ කඩිමුඩියේ සිදුවුණා. කාල කලමනාකරණය , ඔරොත්තු දීම, සහ වැඩ රටාව පවත්වාගෙන යාම පිලිබද පූර්ව අභ්‍යාසය නිමවුණා. රණසිංහ මහතා රණාලදෙසට යද්දී හලාගෙන යා හැනි පිරිස කාරයට පටවා ගත්තාය. අපිට වෑන් එකක් ලැබුණා. ගෙදර යාමේ වට වන්දනා ඇරඹුනේ එතැන් සිටයි. රියදුරු මහතා කාගේවත් නිවෙස් දැන ගෙන සිටියේ නැහැ. බීගත් මහත්තුරුන්ගෙන් පාර අසමින්, පාර වරදවා ගනිමින් අපි නිවසින් නිවසට ගමන් කළා. වාහනයේ මා ඉදිරිඅසුනේ සිටියේ රියදුරු මහතාට නින්ද යාම වලකා ලීමටයි. අනිත් අයගේ බීමත් විකාර වලින් මා දුරස්වීමට එය හේතුවක් වුණා. අවසානයේ රියදුරාත් මාත් සුනිල් මාධවත් වාහනයේ ඉතිරි වුණා. යා යුත්තේ පන්නිපිටියටයි. ඒ සුනිල් ගෙදරින් බැස්ස වීමටයි. ඉන් පසුව මා රත්මලානෙන් බැසගත් පසු ගමන අවසන්.

පන්නිපිටියට පැමිණි බවත් දැන් යා යුතු කොතැනද යන්න කියන ලෙසත් සුනිල්ගෙන් ඉල්ලා සිටියා. එය දැනගැනීම ට අපිට විශාල සටනක් දීමට සිදුවුණා. වතුර වෙනුවට බෝතලයේ ඉතිරිව තිබුණ අරකු ටිකක් මූනට ඉසිමේන් ඔහු අවදිකර ගත්තා. ඔහුට පාර මතක නැහැ. හන්දියේ කඩයක් අසල සිටි මිනිසෙකුගෙන් මීමන ප්‍රේමතිලක මහතාගේ ගෙදරට යන පාර කොහේදැයි ඇසුවේ සුනිල් මාධවම යි. ඔහු එවැන්නෙක් දැන සිටියේ නැහැ. පල්ලියට යන පාර හොයා ගෙන අතුරු මාර්ග කීපයකට ගොස් වරදවා ගෙන අවසානයේ සුනිල් ගේ ගෙදරට අප පැමිණියා. සුනිල්ට වාහනයෙන් බැසීමට නොහැකියි. රියදුරු මහතාත් මාත් ඔහු වාහනයෙන් එලියට ගත්තේ මහත් වෙහෙසක් ගෙන යි. ඒ වනවිට ඔහුට මුත්‍රා පමණක් නොව බඩඑලියද ගොස් තිබුණා. මේවා ඇවිස්සිම නිසා ආ දුගද නිසා මටද වමනය ගියා. සුනිල් දා තිබු වමනයේ සැරට ඒවාද එක් වුණා.
“මහත්තයා පැත්තකට වෙන්න. මම මෙයාව ගේට්ටුවනේ ඇතුළට ගන්නම්. ගිහින් ගෙදර අයට කතාකරන්න.”
ඒ රියදුරාගේ නියෝගයක්. කීපවරක් දොට ගැසීමේන්. බෙල් එක ගැසීන් පසු දොර විවරවුණා.

“මෙච්ර පෙව්වනම් නාවල හෝදලා ගෙදර එක්කන් යන්නැතිව ඇයි මෙහාට ගෙනාවේ?” අප පිලිතුරුදෙන්නට ගියේ නැහැ. අප හනිකට වාහනය හරවාගෙ එතැනින් ඉවත්වුණා. නමුත් ගද ඉවසිය නොහැකියි. නැවත මට වමනෙ යන්න එනවා.
මහත්තයා... මෙහෙම යන්න බෑ. මේ හරියේ වෙල අයිනේ ලිදක් මම දැකලා තියෙනවා. අපි එතෙන්ට ගිහින් මේක ටිකක් හෝදාගෙන යමු.

ළිද හමු විය. අලකොල කොල වලින් ජලය ගෙන වාහනය හේදිය නොහැකියි. එය ලේනඅම්මා මූද හිස්කරනවා වැනි වැඩක්. අප පැයක් පමන ළිං කන්ඩිය උඩට වී සිටියා. අවසානයේ සිතට සහනයක් ලැබුනේ උදේ පාන්දර දිය නෑමට පැමිනෙන මහතෙකුගේ අතේවූ බාදියේ චිරි බිරි සද්දයට යි.

ඔහු අපිට වාහනය පිරිසිදු කරගැනීමට වතුර බාදිය පමණත් නොව සබන්ද ලබා දුන්නා. රත්මලානට යනවිට උදේ පහට පමණ ඇති. පුංචි අම්මා උදේ නැගිට ආහාර පිලියල කරමින් සිටියා. රියදුරු මහතාත් මාත් තේ එකින් සප්පායම් වී කෙටි නින්දකින් පසු උදේ නමයට පමන නැවතත් දිවයින සොයා ගියා. වැඩිහටි රියදුරු මහතා මා ගැන තොරතුරු දැන ගැනිමෙන් පසු මෙසේ කිව්වා.

මහත්තයා... ඊයේ රෑ වුන දෙය මහත්තයට හොද පාඩමක්. දැන් මහත්තයා දැන ගන්න ඕනෑ දැන් ඉදන් මහත්තයා යන පාර මොකක්ද කියාලා. අර මහත්තරුවගේ රෑට ගෙදර යනවද?. මහත්තයෙක් වගේ ගෙදරයනවද කියාලා.”
ඔහු මහ හඩින් සිනාසුණා.

“අනේ අනිචන් පත්තර මහත්තුරු.”
ඔහු තවත් බොහෝ දේ කිව්වා. ඔහුගේ සිනාවේ දෝංකාරය මට මේ මෙහොතෙත් ඇහෙනවා...
                    ( උපාලි තෙන්නකෝන් මහතා සමග චිත්‍ර ඇදීම සදහා උපකරණ ගැනීමට පිටකොටුවේ ගමන්කල තැන්... )
(
දිවයින ඉරිදා සංග්‍රහයේ ආරම්භක කර්තෘ මණඩල සාමාජිකයන් එකොලොස් දෙනා...එඩ්මන්ඩ් රණසිංහ, දයාසේන ගුණසිංහ, දයාරත්න රණසිංහ, නන්දසේන සූරියආරච්චි, ගාමිණී සුමනසේකර, විමල් වීරසේකර, මෙරිල් පෙරේරා, සුනිල් මාදව, ධර්මරත්න විජේසුන්දර, උපාලි තෙන්න කෝන්. ශාන්ත කේ හේරත්... ) ඉතිහාසය සොයායාම අවසන් නැත

28 comments:

  1. ෆලෝවර් ගැජට්ටුව වගේ දේවල් එල්ලගත්තනං අපට ලේසියි වගේම අළුතෙන් පෝස්ට් මඟ ඇරෙන්නෙත් නෑ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! මේ වැඩේට කෝඩුකාරයෙක්. අඩුපාඩු හදාගන්නම්...අදහස් උදහස් යෝජනා එවන්න....

      Delete
    2. ඔබේ බුකියේ පේජ් එක්ට ලිංක් ටිකක් එවල ඇති.වෙලාවක් තිබුනොත් බලන්න.ඔබේ ලියවිල්ල රසවත්.

      Delete
  2. මේ ටෙපලේට් එක හරියන්නේ නැ , ලොඩ් වෙන්නෙත් නැ . එන අයට සහයෝගය දෙන එකකුත් නෙමෙයි වෙනස් කරන්න

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන්..! ස්තුතියි.අපි නිවැරදි කරගමු....

      Delete
  3. චිත්‍ර වගෙම ඔබේ ලිවීමත් බොහොම රසවත්.. පරිපූර්න පත්තරකාරයෙක්. :) දිගටම ලියන්න.

    ReplyDelete
  4. අනුන්ගේ කුහක කම් වලින් නොසැලී ඉදිරියටම යන්න.මේ දේවල් නිසා ඔබ තුළ වූ ලේඛකයා අවදි වුණා.ඒ ශක්තිය යහපත් විදියට භාවිතා කරන්න.ජය පතමි...

    ReplyDelete
  5. ඇයි මිනිස්සු මෙහෙම බොන්නේ ? පොතක් කියවද්දී එහෙම හිතිලා ලියවුනේ

    http://nimnyakatanivi.blogspot.com.au/2016/03/blog-post_13.html

    ලින්ක් කරන්න හැදුවා , වැඩ කලේ නැ :(

    ReplyDelete
    Replies
    1. අපි තවම ආදුනිකයි.ඉක්මනින් අඩුපාඩු හැදෙයි... .ස්තුතියි!

      Delete
  6. මේ ටෙම්ප්ලේට් එක නිසා කියවන්න ටිකක් අමාරුයි.

    ReplyDelete
    Replies
    1. අපි තවම ආදුනිකයි.ඉක්මනින් අඩුපාඩු හැදෙයි... .ස්තුතියි!

      Delete
  7. මචෝ කතාව මරු....මරු මතක සටහන්...ටෙම්පේලේට් එක මාරුකරොත් කියවන ...යන එන අයට පහසුයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...!ඉක්මනින් වෙනස්කම් කරනවා...

      Delete
  8. අටම්පහුරා පෙන්නපු පාර දිගේ ආවේ. ඉතාම සිත්ගන්නාලු ආකාරයට ලියලා තියෙනවා. අර අනිත් අය කිව්වා වගේ මේ template එකනම් එච්චර සිත් ඇදගන්නාසුලු නෑ.

    ReplyDelete
    Replies
    1. ඉක්මනින් සිත්ගන්නා එකක් බවට පත්කරනවා....ඔබලාගේ අදහස් උදහස්වලට ස්තුතියි.....

      Delete
  9. අතීත මතකයන් මුල ඉඳාලම කියෙව්වා. ඔබ මෙම සටහන්වල පලකර ඇති ඡායාරූපවල ඉන්නා පුද්ගලයන් සහ එම ස්ථාන කවුද, කොතැනද කියා නම් කෙරුවොත් නොදන්නා අයට ඒවා බොහෝ වැදගත් වෙයි.Aru

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..! ඒ අදහස ඉක්මනින් ක්‍රියාත්මක කරනවා....

      Delete
  10. දැං බ්ලොග් එක හොඳයි ...
    අර පොපියුලර් පෝස්ට් වල තියන තම්නේල් පිංතූරෙ පොඩි කලානම් තවත් හොඳයි .......

    ReplyDelete
  11. දිගට ම ලියනවා දැක්කා ම සතුටුයි......... අපිත් දිගට ම එන්න පහසු වෙන්න සින්ඩියට ඇඩ් කරගත්තා.... ජයවේවා......

    http://kurutugegeepawra1.blogspot.com/

    ReplyDelete
  12. උත්සාහය සාර්ථකයි.ජයවේවා!

    ReplyDelete
  13. Fantastic story. Not finished, right? Waiting for the rest. Good luck (sorry I do not have a Sinhala key board)

    ReplyDelete
  14. ඉතිහාසය සොයා යම අවසන් නෑ. තව දුර යන්න තියෙනවා.. ඒ ගමනේදී ද මා සමග එන්න. ස්තුතියි.

    ReplyDelete