Showing posts with label මගේ චිත්‍ර කතාව. Show all posts
Showing posts with label මගේ චිත්‍ර කතාව. Show all posts

2016/05/07

නිදහස් සිතුවිලි වලට වැටකඩොලු එපා

2015 ජුපි මස 12 ඉරිදා. ඉරුදින-පවන





සෞන්දර්ය විෂය ට පාසල් අධයාපනය ලබා දී ඇත්තේ අඩු සැලකිල්ලකි. එය රහසක් නොවේ. ඒ නිසා  පසුගිය කාල වකවානුව තුල  බිහිවූ බුද්ධිමත් හු  එක් විෂයයක් හෝ දෙකක් පිළිබව ප්‍රවීනත්වයක දැක්වූවෝ වෙති. මේ නිසා සිදුවී ඇති පාඩුව අපිට එක්වරම නොපෙනේ. එය සත්‍යයකි. කෙසේ වෙතත් මේ තත්ත්වය නිසා  රටට සමාජයට  මුහුන දීමට  සිදුවී ඇගි ගැටලු නම් අපමණය. එය කේදවාචකයක් යැයි කීමට ද පුලුවන.

අද සමාජයේ දී අපට හමුවෙන බුද්ධිමකුන් ගෙන් වැඩි පිරිසක් පුලුල් දැනුම් පරාසයක් තුල සිට කටයුතු කරන බවක් නොපෙනේ. ඔවුන් තමන් දන්නා ප්‍රමාණය වඩා වැඩි වපසරියක තම බලය පෙන්වීමට කටයුතු කරද්දී මේ තත්ත්වය  මොනවට පැහැදිලි වේ. බලය රැක ගැනීමට සියල්ල දන්නා බව පෙන්වීමට යාම තුල මේ කේදවාචකය සිදුවේ. නිලයෙන් අඩු තමන් නොදන්නා විෂයක් ගැන ප්‍රවීනත්වයක් දරන කෙනෙකුගේ මතයක් ඉවසීමට, ඇහුන්කන් දීම මදිපුංචිකමක් ලෙස මේ අය සිතනවා විය හැකිය. ඒ නිසාම රටට, සමාජයට, විෂයට, මෙන්ම තම පවුලටද සිදුවෙන හානිය මේ අයට නොපෙනේ.නොතේරේ. මේ කාරණා තේරුම් බේරුම්කර ගැනීමට නම්  පුලුල් සමාජ දැන්මක් පිලිබව සංවේදීතාවයක් ඇතිවී තිබිය යුතුමය. මෙම සංවේදී පුද්ගලයා සමාජය විසින් නිර්මාණය කරන්නේ සෞන්දර්ය කලාව ඇසුරින්ය. කිසිදු අධයාපනයක් නොලබන පුද්ගලයා පවා ස්වභාව ධර්මයා ඇසුරින්  කලාව පිළිබදව අධ්‍යාපනයක් ලබන බව අපි පැහැදිලි කරගෙන තිබේ. නමුත් තරඟකාරි අද සමාජය සවභාව ධර්මයා හා මුසුවී ලබන අධ්‍යාපනයකට හුරුවී නැත. එසේ කිරීමට ඔවුන්ට කාලයක්ද නැත. සියල්ල පංතිකාමරයක් තුල දි  ඉගෙන ගතයුතුය. ජයගත යුතුය. එහිදී තමන් තෝරාගන්නා විෂය හෝ තමන්ට පවරන විෂය කොටස පමණක් අධ්‍යයයනය ලැබීමේ අවස්ථාව ලැබේ... වැඩි දුර අධ්‍යාපනයේ දීද තොරාගත් විෂයට පමණක් අවධානය යොමුවේ. අනෙකුත් විෂයයන් බැහැර කෙරේ. තම විෂය ඉලක්කය සම්පූර්ණ කිරීම හැර වෙනත් දෙයකට ඔවුන්ට අවධානය යොමු කිරීමට කාලයක් නැත.

‍සෞන්දර්ය කාලාවන් ගැන යොමු නොවුන පුද්ගලයා හා සිවුපාවා අතර වැඩි වෙනසක් නැතැයි පැරණි පඬිවරු පවා කියා ඇති බව අපි දන්නෙමු. අනෙකුත් විෂයන් හා සමාන්තරව කලාවද ප්‍රගුණ කළ තැනැත්තා සමාජයට සංවේදී පුද්ගලයෙක් වෙයි. ඔහු අනෙකා පරයා යාමට, බොරුවට. වංචාවට බිය ඇත්තෙකු වෙයි. හොද නරක තෝරා බේරා ගැනීමට හැකි විචාර බුද්ධියෙන් හිමි පුද්ගලයෙකු වෙයි. නමුත් අද සමාජව මෙවැනි පුදගලයන් බිහිකිරීම සදහා උනන්දුවක් දක්වන බවක් නොපෙනේ.

අද  අපේ අධ්‍යාපනය හරහා බිහිකරන දැනුම සහිත පුද්ගලයා තමන් ඉදිරියට එන අභියෝගයට මුහුන දීමට පොතේ පතේ ඇති උත්තරයම සොයයි. එදා උගතෙකු පොතේ ලියා ඇතිපරිදි ම, ඒ උත්තරයම සොයාමට වෙහෙසෙයි. මේ ප්‍රෙව්ශයෙන් පිටට ගොස්  ගැටලුවට නිර්මාණාත්මක නව විසදුමක් සෙවීමට වෙහෙස නොවෙයි. එසේ සොයන්නා හිතුවක් කාරයෙකි. සමාජ විරෝධියෙකි. කිසිම නම්‍යශීලි බවක් නැති අයෙකි. මේ කේදවාචකයට අද කුඩා අවදියේදීම ළමයාටද මුහුන දීමට සිදුව තිබේ.

ඉහල තනතුරක් දරණ පියෙක් තම පුතා අදින ලද චිත්‍රයක් දැක මෙසේ අසයි
.
“ පුතා ඇයි ඔය චිත්‍රයේ අහස රතුපාට.? අහස නිල්පාටනේ...? වෙන කොලයක් අරගෙන ආයෙත් අදින්න.. අහස නිල්පාටයිනේ... ටීචර් අපිටත් එක්ක හිනාවෙයි. 
තාත්තා ..........එකේ ලොක්කා. ඒයා ඒ වුනාට පුතාට අහසවත් අදින්න කියල දීල නෑ කියලා...”

“ ඔව් පුතා. මමත් මේ කියන්න හිතුවේ”

මවද මේ කතාවට එක්වෙයි.

ළමයා කඳුඵ පැරවා ගත් දෙනෙතින් තමා ඇදි චිත්‍රය දෙස බලාසිටියි.. ඔහු එය වෙනස් කිරීමට අදහසක් නැතිසේය. තමා දුටු අහසේ විචිත්‍ර රතු පැහැය ළමයාගේ සිතෙහි පැහැබර සිතුවිලි ඇතිකර තිබේ. එය ළමයා  තම නිර්මාණය ඔස්සේ ඉදිරිපත්කර ඇත. ළමයාගේ සිතුවිලි ගැන නොසොයා  දෙමාපියන් කරන්නේ කුමක්ද?  ඔවුන් ගේ දැනුම ළමයා පිට පැවරිම නොවේද? වැඩිහිටියාගේ දැනුම අහස නිල්පාට බවයි. එය සැබෑය. නමුත් ළමයා නිරන්තරව දකින අහසෙන් කැළඹිමට හෝ රසයට පත්වී නැත. ඔහු රසවත් වූ අහස, අහම්බෙන් දුටු සැදෑ අහසේ විචිත්‍රර රතුපැහැය විය හැකිය. එම වර්ණය ළමයා අහසට පාවිචිකිරීමේ ඇති වරද කුමක්ද? අවශ්‍ය නම් ළමයා හා කතාබහ කරමින් උදේ , දහවල්, සවස හා රාත්‍රියේ අහසෙහි ඇති වෙනස් කම් ගැන කතා කලානම් කොතරම් අපූරුද? අහස රතු  නොවේ නිල්පාටය යැයි බල කිරීමෙන් ළමයාගේ නිරමාණ ශීලි වින්දනයට, චින්තනයට, ප්‍රකාශනයට හානි සිදුවියහැකි බව මගේ අදහසයි.

තවත් වරක් ළමයෙක් පාරේ යන වාහනයක් ඇද තිබුනි. එහි ඇත්තේ රෝද දෙකකි.  පියා දරුවාට කියන්නේ වාහනටකට රෝද හතරක් ඇති නිසා රෝද හතරම ඇදිය යුතු බවයි. ළමයාත්  වැඩිහිටියාත් වෙනස්ය. වැඩිහිටියා දැනුම මතම යැපෙයි. ළමයා සිය බුද්ධිය, අත්දැකීම මත නිර්ව්‍යාජව කටයුතුකරයි .මම ළමයාගෙන් මේ ගැන විමසූවිට ඔහු කීවේ මෙයයි..
“  අංකල් පාරේ වාහනේ යන කොට එහා පැත්තේ රෝද මට පේන්නේ නැනේ...”

කියාය. වැඩිහිටියා හා ළමයා අතර ඇති වෙන මෙයයි. මේ වෙනස තුල ඇති හිඩැස්ස කුමක්ද? එම හිඩැස්ස ඇතිවූයේ කෙසේද? මෙය ඉදිරියට පවත්වාගෙන යායුත්තේ පියාගේ මතය තුල සිටද? .

මේ ගැන හොද සංවාදයක් ඇතිවිය යුතුද?