මේ ඔර්ලෝසු කනුව යට තමා අපේ ගමට යන බස් එක ඒ දවස්වල නැවැත්තුවේ.... මේ යන්නේ ගමට යන බස් එක.....මේ ඉතිහාසය සොයා යන ගමනක්...සමහර පිංතූර මට හොයා ගන්න බැරිවේවි...අදාල පිංතූර ඔබට හොයා ගන්න හැකිවුනොත් ඒවා..shanthakh@gmail.com වලට එවන්න.පසුව මට එවා ප්‍රයෝජනයට ගන්න පුලුවන් වෙයි. මේ පේන දර්ශනවලට කිට්ටුව තමා බේක්හවුස් එක තියෙන්නේ....නුවර වැවත් ඔර්ලෝසු කනුවත් අතර.
..මම දැන් ඉන්නේ එතන. 1981 වර්ශයේ මුල.....මම පාසැල් යනවා....නුගවෙල මද්‍යමහා විදයාලයට...
වැව රවුමෙන් ඇවිත් උඩට ගියොත් පාක් එක. පහලට බෝගම්බර හිරගේ තාප්පෙ අයිනේන් මාකට් එක ලගටත් යන්න පුලුවන්....ඒ අතර තමයි මුස්ලිම් පල්ලිට යාව K D E ආයතනය තිබ්බේ. පාසැලෙන් පසුව මම එතෙන්ට ආවා ටියුෂන් පංතියට..............( මම ද්නේනෙ නෑ ඒවා දැන් ඒ විදිහටම තියෙනවද කියලා.) මම දැන් ඇවිත් ඉන්නේ 1981 කේ මුලට....
වැව රවුමෙන් ඇවිත් උඩට ගියොත් පාක් එක. පහලට බෝගම්බර හිරගේ තාප්පෙ අයිනේන් මාකට් එක ලගටත් යන්න පුලුවන්....ඒ අතර තමයි මුස්ලිම් පල්ලිට යාව K D E ආයතනය තිබ්බේ. පාසැලෙන් පසුව මම එතෙන්ට ආවා ටියුෂන් පංතියට..............( මම ද්නේනෙ නෑ ඒවා දැන් ඒ විදිහටම තියෙනවද කියලා.) මම දැන් ඇවිත් ඉන්නේ 1981 කේ මුලට....
“බේක්හවුස්
” ආයතනය නුවරට යන එන කවුරුත් දන්න තැනක්. එතනම ඉදිරියෙන් තියෙන “ඩෙවෝන් ”
එක, පොලීසියට එපිටින් තිබෙන “ලියෝනස් ” එක, අසූව දශකයේ අවසාන කාලයේ පාසැල්
සිසුවන් වූ අපට විශේෂ ලැගුම් පොලවල් වුණා. ඒ අවන්හල්වලට එන කලාව, දේශපාලනය,
සමාජ හා සංස්කෘතික කටයුතු ගැන උනන්දුවක් ඇති අයගේ සංවාද තරුණ අපට දැනුම
ලබාදෙමින් වෙනත් මානයන් වෙත අපේ චින්තන දොරටු විවර කළා.
මේ වකවානුවේ “බේක්හවුස්” එකට යන්න අපට තවත් විශේෂ හේතුවක් තිබුණා. ඒ එහිදී පාරිභෝගිකයන්වෙත පිරිනැමෙන තේ බදුන. එක් අයෙක් ගියත් තේ, කිරි, සීනි සහිත මේ තේ බදුනෙ තියෙන තේ හතර පස්දෙනෙකුට බෙදා හදාගෙන බොන්න පුලුවන්. ඇති හැකි අයෙක් මේ තේ බදුනක් ගත්තාම අපටත් එහි රස බලන්න පුලුවන් වුණා. මේ නිසාම “බේක්හවුස්” උඩතට්ටුව අපිට සුවීශේෂී ස්ථානයක් වුණා. සුදු කර වහපු කෝට් ඇදගත් එදා හිටි වේටර් මහත්තුරු සිහිකරන්න ඕන ආදරයෙන්. මොකද ඒ අය අපි ගැන හොද අවබෝධයකින් අපව ඉවසුව නිසා....
එදා ප්‍රවීනයන් විදිහට ධර්මසේන පතිරාජ මහතා, පරාක්‍රම සිල්වා මහතා, ධර්මසිරි බණ්ඩාරනායක මහතා වැනි අයත් කපිල කුමාර කාලිංග, රජා උස්වැටකෙයියාව, විමල් රංකඩුව සහ තවත් දැනුවත් අයත් කරන වාද විවාද , සාකච්ඡා අපිට රසවත් වුණා. කුහුල දනවනසුලු වුණා. චතුර, කපිල, ක්‍රිෂ්ණා, චන්දරේ, සුමිත්, පුෂ්පානන්ද, පලිහවඩන වැනි තවත් පිරිසක් තම තම පාසැල් වෙලාවෙන් පසුව අපට එක් වුණා.
මා නුගවෙල ඉස්කොලේ ඉදල නුවර ටවුමට ආවේ උසස් පෙළ විභාය සදහා “ටියුෂන්” පංතිවල ට සහභාගි වෙන්න. වැව රවුමේ පහළ බෝගම්බර සිපිරිගෙය ආසන්නයේ පිහිටි කේ. ඩී. ඊ. ය මගේ “ටියුෂන්” පන්තිය වුණා. පංති කාල පරිච්චේ ද අතර ඇති හිස් ඉඩ සාරවත් විදිහට පිරවුනේ බේක්හවුසියෙ විද්වත් සංවාද මණ්ඩප තුළ.
දවසක් බේක්හවුසියේ උඩතට්ටුවේ ඉදිද් දී අල්ලපු මේසයේ හිටි පිරිසක් කරන කතා බහ ගැන අපේ අවධානය යොමුවුණා.
“උපාලි විජේවර්ධන මහත්තයා ජාතික පත්තරයක් කරනවාලු”
“දැන් තියෙන පත්තරවලට වඩා ඒක ඉස්සරහින් තියෙයි. මොකද දැනට ලංකාවේ පත්තර කන්තොරුවක පාවිචි නොකරන තාක්ෂණය දැනටමත් උපාලි ලංකාවට ගෙන්වලා ලු... ඒ මැෂින් පාවිචිකරන්න ඉගෙන ගන්න දැනටමත් මිනිස්සු ඇරගෙන පොඩි පත්තරයකුත් ගහනවලු....”“ඔව්.. අර චිත්‍රමිත්‍ර කියන චිත්‍රකතා පත්තරය කරන්නේ දිවයින පත්තරයට කලින් කසකාරයා වගේ යන්නලු .... දැන් රටපුරා බෙදාහැරීමේ ජාලයක් හදලා ඉවර ලු... ලංකාවේ ඉන්න හොදම පත්තරකාරයෝ ටික දැන් උපාලි ලගලු ඉන්නේ.... කර්තෘ එඩ්මන්ඩ් රණසිංහයි, දයාසේන ගුණසිංහයි ලු.”
තවත් මේ කතා අසා සිටිය නොහැකියි. අපේ කුතුහලය ඇවිස්සිලා තිබෙන්නෙ. මේ කතා බහට අපත් හවුල් විය යුතුයි.. තිලක් සේනානායක මහතා හමුවූයේඑතැන දීයි. උපාලි විජේවර්ධන මහතා දිවයින නමින් ජාතික පත්තරයක් කරන බව මා දැතගත්තේ ඔහු ගෙන්. ඔහුද එම පත්තරයට සම්බන්ධ වීමට සිටින බව කියැවුණා.
දයාසේන ගුනසිංහ මහතාගේ කවි , ලිපි මා කියවා තුබුණා. උපාලි විජේවර්ධන මහතාගේ දිවයින කාර්යාලය පිහිටි ස්ථානයද මා දැක තිබුණා. එම ස්ථානය පසුකර මම බ්ලුමැන්ඩල් පාරේ මල්ටිෆැක්ස් ආයතනයට ගොස් තිබෙනවා. පාසැලේ සිටිය දී මා සිත්තර, සුහද, ස්වර්ණ, චිත්‍රකතා පුවත්පත් සදහා පොකට් කාටුන් සහ චිත්‍ර කතා ඇන්දා.
පාසලේ සපිල සඟරාවේ සංස්කාරක වරයා වුයේ ද මායි. සඟරාව මුද්‍රණය කිරීමට සුදානම්ව තිබුණත් කිසියම් හේතුවක් නිසා එය සැලසුම් කළ පරිදි සිදු වූයේ නැහැ. කවුරුත් මේ නිසා අෙධෙර්ය වූ බව පෙනුණා. නමුත් පාසලේ ලස්සනට අකුරු ලියන ළමයින් විසි දෙනෙකු තෝරාගෙන එක් කාලපරිච්චේදයක් තුළ සපිල සඟරාව අත් අකුරින් ලියවන්නට මට හැකිවුණා. සරත්, සමරකෝන්, සේරසිංහ, සිසිර, බණ්ඩාර, බෙහෙත්ගේ, රත්නායක, කිතුල්දොර, කුමුදුනී, තේජා..........ආදි මිත්‍රයෝද, මිතුරියෝද ඒ සදහා මාවටා රොක්වි සිටි බව මතකයි.
ඒ වනවිට “ ලේ අවුට්, හෙඩින්, කොලම්, සබින්, ටයිප්සෙටින්, සෝදුපත් ” ආදි වු පත්තර තාක්ෂණය භාවිතාව ගැන කිසිවක් අපි දැන සිටියේ නැහැ. එහෙත් පත්ර කියවීම සහ සඟරා කියවීමෙන් , දැකීමෙන් ලද දැනුමින් අප සපිල සඟරාව දොරට වැඩමවනු ලැබුවා. හේවාආරච්චි මහතා අපේ සිංහල ගුරුතුමා යි. එතුමා මේ කටයුතු වලට මඟ පෙන්වනු ලැබුවා. මා බාහිර වැඩවලට පාසැල් කටයුතු වලට වඩා උනන්දුවක් දක්වන නිසා ඔහු මට ප්‍රයමනාප බවක් දැක්වූයේ නැහැ. ඔහු වරක් මා පංතියෙන් එලවා දැම්මා. මහත් අවුලට පත්වූ මා එම ගැටලුවෙන් මුදවා ගත්තේ රණවීර මහතා විසින්. රණවීර මහතා නොසිටින්නට එදා මා පාසැලෙන් ඉවත්වි යාමටද, ගෙදර නොයා සිටින්නටද ඉඩ තිබුණා.
පාසැල් ශිෂ්‍ය භට බලකායේත්, තූර්ය වාදන කණඩායමෙත් ඉහළම තනතුරු දැරීමත් , පාසැලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයාත් වූ නිසා පංතියේ වැඩ මා අතින් අතපසු වුණා. ඇත්තම කිව්වොත් මා පාසැල් වැඩ සිතා මතාම අතපසු කළා. මා ඒ ගැන එතරම් නොතැකුවේ, ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස හමුදාවට එක්වීමේ බලවත් ආසාවක් තිබූ නිසායි. ඒ සදහා අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීමට තව තිබුණේ එක පියවරක් පමණයි. මට එය පැනිය හැකියි
( ධර්මසේන පතිරාජ. කපිලකුමාර කාලිංග, විමල් රංකඩුව, රාජා උස්වැටකෙයියාව, උපාලී විජේවර්ධන- දිවයින ඉරිදා සංග්‍රහයේ මාස්ටර් හෙඩ් එත. දිවයිනට කලින් ආ චිත්‍රමිත්‍ර කසකාරයා.... )
ඉතිහාසය සොයායාම දෙවනි කොටසට
සොඳුරු අතීත මතක...
ReplyDeleteඅතීත මතක සොදුරුම නෑ...ඒත් එ් දෙස බැලීමෙන් යමක් අවබෝද කරගන්න පුලුවන්. ඒ අවබෝදය අපි නැවත භාවිතයට ගන්නා ආකාරයට අනුවයි එහි සොදුරු බව තීරණය වෙන්නේ.....
Delete81 අවුරුද්දෙ මම ඒ ලෙවල් ක්ලාස් ගියා බෝගම්බර පිට්ටනිය ඉස්සරහ තිබ්බ බාලදක්ෂ ශාලාවට....:)
ReplyDeleteස්තූතියි ශාන්ත...අසූව දශකයේ නුවර මතක..කිසිදා මතකයෙන් බැහැරව නොයන අමරණීය මතක.
ඇත්ත. නැවත් කිසිදාක යන්න නොහැකි...ලෝකයක්....
Deleteසිත්තර සත්සිරි කියන්නෙගෙවල් වල අයට හොරෙන් හංග හංග අහල පහල ගෙවල් වලිං ඉල්ලං බලපු පත්තර. චිත්‍රකතා කියන්නෙත් එක්තරා ආකාරයක උප සංස්කෘතිය ක් වගේ වුණ කාලයක් තිබ්බ නේද..
ReplyDeleteඅපූරු මතක සටහන් ගොන්නක්. ඉතුරු ටිකත් කියවන්න මග බලා ඉන්නෙ. ජයවේවා...
ඔව්. ඔබ කියනවා හරි. එක්තරා කාලයක චිත්‍ර කතාව උප සංස්කෘතියක එවභාවය ඉසිලුවා.. නමුත් ඒ මාධ්‍ය කාලයත් එක්ක වැඩුනේ නෑ. මේරුවේ නෑ.
Deleteඅපි ඉදිරියට මේවා ගැනත් කතාකරමු....
අටමා තුමා ගේ මඟ පෙන්වීම අනුව ආවේ. අනර්ඝ බ්ලොගයක්.
ReplyDeleteස්තුතියි. අටමාටත් ස්තුතිකරමු.
Deleteමම ඉපදුනේ නුවර නොවුනත් මගේ මව ඔය පළාතෙන් නිසා කුඩා කාලයේ සිට නිතර ඔය පැත්තට එනවා. මම ආසම නගරයක්.
ReplyDeleteඔව්. ඇත්ත.
Deleteඅටම බෙල්ල මිරිකල එන්න කිවුව නිසා මාත් අාවෙ. :D
ReplyDeleteඇත්තටම චිත්‍රකතා කියන්නෙ ඒ කාලෙ තිබ්බ ජනප්‍රියම අංගයක්. මොන හේතුවකින් ඒක නැතිවෙලා ගියාද කියල හිතාගන්න බෑ.
......මම හිතන විදිහ මුලිනුත් කිව්වා. චිත්‍ර කතාව තියන ළමයා වයසට ගියාට සවභාවධර්මයේ නියමයන්ට අනුව මේරුවේනෑ....
Deleteඅපෙ අටං මාමා...
ReplyDeleteපලෙයං කියා කීවා..
ඔන්න මං ආවා..
ඔබේ බ්ලොග් එක සාර වේවා..
ස්තුතියි..චිත්‍ර කලාවේ පෝෂනය.. රසිකයන්ගේ දැනුම දියුනුවට යමක් කිරීම අපේ අදහසයි. එක්වෙන්න....
Deleteශාන්ත කේ හේරත් කියන්නෙ අපි හොන්දට දන්න කෙනෙක්නෙ. සන්තෝසයි බ්ලොග් වලින් මුන ගැසීම. ඔය දිවයින පත්තරේට කලින් ආ චිත්‍ර මිත්‍ර තමයි ජනක රත්නාඅයකගෙ චිත්‍ර එක්ක අල්ලල ගියෙ.
ReplyDeleteදයාසේන, එඩ්මන් මහත්තුරු හිටි දිවයින ගැන අද දකිනකොටත් දුකයි.
ඇත්ත...
Deleteශාන්ත, මේ ඉතිහාසය සොයා යෑම ලිපි පෙළේ පහුගිය කොටස් කෝ? ඔබේ පරණ බ්ලොගෙන් මම ඒ ටික කියෙව්වා. නමුත් ඒ ඉතිහාසය මේ බ්ලොගයටත් එකතුකරන්න කියලා ඉල්ලනවා.
ReplyDeleteජායාරූප නම් කිරීම පිලිබඳව ඔබට ස්තූතිවන්ත වෙනවා!!!!!!
මෙය තවම අටවාගෙන යනවා.... දැන් බලන්න. දැන් හොයා ගන්න පුලුවන් වෙයි....
DeleteThanks..දැන් නම් බ්ලොග් එක හරි පිලිවෙලයි!!!!!!!
Deleteස්තුතියි...ඔබලාගේ මග පෙන්වීම අගයකරනවා.
Delete