2016/04/29

හේවුඩ් ආයතනයට යාම‍ ( ඉතිහාසය සොයායාම 2 )

හෙවුඩ් නමින් ප්‍රසිද්ද සවුන්දර්ය විශ්ව විද්‍යාලය, පියසේන කොස්තා, කැමිලස් පෙරේරා )


චිත්‍ර ගැන වැඩිදුර ඉගෙනිමට “හේවුඩ්” ආයතනයට ඇතුල් වීම ද මගේ තවත් සිහිනයක්. ඒ ගැන උනන්දු කළ යහලු යෙහෙළියන් රැසක් මට හිටියා . “හේවුඩ්” ඒකේ නවකයන් බදවා ගන්නා දින වකවානු මට කලිනම දන්වා එවන යෙහෙළියන් කීප දෙනෙකුම සිටියා. මා ඔවුන් දැන සිටියේ ලිපිවලින් පමණයි.

සපිල සඟරාවේ හිස් ඉඩ ඇති තැන් පිරවීමට මම ඇදි කුඩා කාටුනයක් මටත් නොදන්වා එක් යෙහෙළියත් සිත්තර පත්රයේ කාටුන් පිටුවට තැපැල් කර තිබුණා. ප්‍රතිඵලය වුයේ ඊ ලඟ සතියේ එය සිත්තරේ පලවීමයි. එතැන්සිට මා කාටුන් අදිමින් සිත්තර පත්තරයට යැවුවා. ඒවා නිතර එම පත්තරයේ පලවුණා. තනි පිටුවේ චිත්‍ර කතාවක් ඇද තැපෑලට දැම්මේ ද මේ කාලයේය. හුරු පුරුදු අකරු වලින් ඊලඟ සතියේ මට පෝස්කාඩ් එකක් ලැබුණා.

“ ඔබ ඇදි චිත්‍ර තකාව පැන්සලයෙන් ඇද ගෙන “මල්ටිෆැක්ස්” ආයතනයට පැමිණ මා හමුවෙන්න.” 

ඒහි අත්සක යොදා තිබුනේ කැමිලස් කියා යි. ගජමැන් අදින කැමිලස් පෙරේරා හමුවෙන්නට “මල්ටි ෆැක්ස් ආයතනයට” ගියත්, ඔහු මට හමුවුනේ පිටකොටුවේ කච්චේරියේදී යි. එය මගේ ජීවිත ගමනේ එක් සංධිස්තානයක්. පැන්සලින් අදින ලද චිත්‍ර කතාව ඉන්දියන් තීන්තෙන් පාටකර දී යන්ට පුලුවන්දැයි කැමිලස් මහතා කළ අභියෝගය ද මා පිලිගත්තා. එහෙත් ඒ සදහා අවශ්‍ය උපකරණ ඒ මොහොතේ මා සතුව තිබුනේ නැහැ. මට ඒ උපකරණ සපයා දී චිත්‍ර කතා අදින විට කෙරෙන සමහර උපක්‍රම ගැන කියා දුන්නේ... “මල්ටිෆැක්ස්” ආයතනයේ සිටි සරත් කවිරත්න යි. ඔහු එවකට ජනප්‍රිය චිත්‍රකතා ශිල්පියෙක්.

නුවර සිට තැපෑලෙන් චිත්‍ර කතා ඇද කැමිලස් පෙරේරා මහාතාට යැවීම දැන් පුරුද්දක්. රත්මලානේ විසූ පුංචි අම්මා බැලීමට යන විට සුගතදාස ක්‍රීඩාංගනය ලගින් බැස “මල්ටිෆැක්ස්” ආයතනයටත්, කොලඹ කච්චේරියටත් ගොස් කැමිලස් මහතා හමුවීම නිතරම සිදුවුණා. එක් චිත්‍ර කතා පිටුවක් සදහා කැමිලස් පෙරේරා මහතා මට රුපියල් තිස් පහක්, මුද්දරයක් පිට අත්සන් කරවාගෙන දුන් අයුරු සිහිකරන්නේ ගෞරවයෙන්.
හේවුඩ් සිහිනය
නිතර කොළඹ ඒමත්, පත්තරවලට චිත්‍ර කතා ඇදීමත් ගැන මගේ වැඩිහිටියෝ ප්‍රිය මනාප බවක් දැක්වූයේ නැහැ. “කෙඩෙට්” නිලධාරියෙකු ලෙස දියතලාවට යාමට ලැයිස්තුවේ නම තිබුනත්, අදිසි දෙශපාලන හස්තයක් විසින් එය කපා දමා තිබූ බව ප‍සුකලකදී දැනගත හැකිවුණා. “හේවුඩ්” ආයතනයට යාම‍ට අවශ්‍ය සුදුසුකම ආ.පො.ස. සා. පෙ. අදාල විෂය සමග විෂය හයකින් හෝ හතකින් සමත්වීමයි. නමුත් හේවුඩ් ආයතනය කැලණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ ආයතවයක් වීම නිසා උසස්පෙළ විෂය තුනකින් සමත්විය යුතු අතර අදාල විෂය එයට ඇතුළත් විය යුතුයැයි නීතියක් පැමිණියා. උසස් පෙළ පංතියේ සිටි මට දැන් විෂය තුන සමත් වීමේ අවශ්‍යතාවය පහළ වුණා. ඒත් උසස් පෙළ චිත්‍ර විෂය අපේ පාසැලේ ඉගැන්වුයේ නැහැ. ඒ ගැන විමසීමේ දී විදුහල් පතිතුමා කිව්වේ උසස් පෙළට එහෙම විෂයක් නැති බවයි. පසුව “සිලබස්” එක ගෙනවිත් පෙන්නු විට ඔහු කිව්වේ “තනි ළමයෙකුට ගුරුවරයෙක් හිලව් කිරීමට නොහැකි” බවයි. එය නීති රීති හා පරිපාලනය සම්බන්ද ගැටළුවක්. මා එම වර්ෂයේ විභාගයට ලිවීම අතහැර දැම්මා.

කැලණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ ආයතනයේ ඇතුළත්වීමේ විභාගයට මා දැමු ඉල්ලුම් පත්‍රයට අනුව එහි ප්‍රායෝගික පරීක්ෂණය සදහා කැදවා තිබුණා. ඒ අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවන සහතික පත්‍ර පාඨමාලාවක් සදහායි. “හේවුඩ්” ආයතනයේදී මා ප්‍රායෝගික පරික්ෂණය සදහා පෙනී සිටියා. සිසුන් සියයක් පමණ එදින පැමිණ සිටියා. මා අදින ලද චිත්‍රය නිසා එහි සිටි ගුරුවරුන් රැසකගේ අවධානය මා වෙත යොමුවුණු වග මතකයි. එවකට එහි විදුහල්පති වරයාව සිටි පියසේන කොස්තා මහතා මා එතුමාගේ කාර්යලයටද කදවා විස්තර විමසුවා. එහිදී මම ඇසූ ප්‍රශ්නයකට ඔහු උරණ වුණා.
මම ඇසුවේ. “සර් දැන් හේවුඩ් එකට මෙච්චරකල් ළමයි ගත්තේ ආ .පො. ස. සාමාන්‍ය පෙල සමත් අය. දැන් ආදාල විෂය සහිතව විෂය තුනකින් උසස් පෙළ සමත් අය ගන්නවා කියල තියෙනවා. නමුත් ඒ සුදුසුකම තියෙන චිත්‍ර උසස්පෙලට කරපු ළමයි ලංකාවේම නෑලු . ඒ නිසා කියනවා ඕනෑම විෂය ෂේත්‍රයකින් විෂය තුනක් සමත්, අදාල කලා ව පිලිබද හැකියා ඔප්පුකල හැකි අය උපාධි පාඨමාලාවට බදවා ගන්වා කියලා.”

“ඔව් ඉතිං.” ඔහු මා දෙස ප්‍රශ්නාර්ථයකින් බැලුවා.

“සර්...මෙච්ර කල් මේ ආයතනයට බදවා ගත් සිසුන්ට තියෙන සුදුසුකම මටත් තියෙනවා. ඒ අයටත් මේ නව වෙනස් වීම නිසා උපාධියට පෙනීසිටීමට ඉඩ දෙනවා.”

“ඔව් ඉතිං.”. පියසේන මහතා නොරිස්සුම් හඩින් ඇහුවා.
“සර් අයතනයේ තත්ත්වය උසස් කලාම ඉන්න අයට අසාධාරණයක් නොවී සාධාරණය කරණ්නයි එහෙම කරලා තියෙන්නේ.”..

“ඔව් ඉතිං දැන් තමුසේ මොකද්ද දැන් මට කියන්නේ.?”. මහතාගේ ඉවසීම සීමාව ඉක්මවා යන්න ආසන්න බව දැනුණා.
“සර්..මේ අවුරුද්දේ උසස් පෙළට චිත්‍ර කරපු එක ළමයෙක්වත් ලංකාවේ නෑලු. ඒ නිසා වෙනත් විශ්ව විද්‍යාලවලට යන්න හදපු , එහෙම බැරිවුණ අය චිත්‍ර අදින්න පුලුවන් කියලා උපාධි ගන්න එනවා. එහෙමනම් මෙතැනදි දැනට ආයතනයේ ඉන්න සිසුන්හා සමාන මුලික සුදුකම් මටත් තියෙන නිසා මටත් උපාධිය හදාරන්න දෙන්න බැරිද?”

“ඇයි සුදුසුකම් ඕන නැති සහතික පත්‍ර පාඨමාලාවකට මාව දාන්නේ..? ” 

පිසේන කොස්තා මහතා පුටුවෙන් නැගි සිටියේ කෝපයෙන්.

“ඇතුල් වෙන්නත් කලින් මේකා විප්ලවේ කරන්න හදනවානේ..”

ඔහු කිව්වේ සිනා සෙමිනි. ඒ තුළ කෝපයද මුසුවී තිබුණි.

උපාධිය කෙසේ වෙතත් ශිල්පීය පුහුණු පාඨමාලාවටවත් මට කැදවීමක් ලැබුනේ නැත. මේ පිලිබදව කරන ලද අභියාචනාවලට එම ආයතනයේ ප්‍රධානියා වූ තිස්ස කාරියවසම් මහතා ප්‍රතිචාර දැක්වුයේ නැත. නමුත් ආයතනයක් පරිවර්තනීය අවස්ථාවකදි ගන්නා තීන්දු තීරණවලදී දක්ෂතා ඇති සිසු සිසුවියන්ට සාධාරණය ඉටුවිය යුතුයැයි මට සිතෙනවා. මේ වකවානුව තුළ මේ වෙනස් කම් වලටම මුහුණ දුන් කටුබැද්ද විශ්ව විද්‍යාලය දක්ෂතා දැක්වු සිසුන්ට අසාධාරනයක් නොවන සේ කටයුතු කළ බව මා පසුව සොයා ගත්තා.

මෙහි අනෙක් හාස්‍ය ජනක කරුණ වන්නේ එදා මා විසින් නැගූ ප්‍රශ්නය පසුකාලයේදී යතාර්තයක් බවට පත්වීමයි. ශිල්පීය පුහුණු පාඨමාලාව ඉදිරියට පවත්වා ගෙන යාමට නොහැකි වුණා. ආයතනය උසස්කිරීමට පෙර සිටි සිසුන්ගේ අද්‍යාපන මට්ටමේ ම සිටි මට උසස් අධාපනය අහිමි වුනා. 

මා ලබා තිබූ අධ්‍යාපන සුදුසුකම් මතම උපාධි ලබන පිරිසක් සිටියදී මා චිත්‍ර කලාව පිලබදව උසස් අධ්‍යාපනයක් ලැබීට නුසුදුස්සෙක් වුයේ ඇයි? ආයතනයේ පරිපාලන ගැටලු නිසාද?. එය පොතේ සටහන් නීතියට සාදාරණය විය හැකියි. ඒ නීතිය මට කලාව ඉගෙනීමට බාධා කළත් මා නැවතී නැහැ. මා තවමත් ඉගෙන ගනිමින් සිටිනවා. කලාව තුළ වෘතිකයෙකු සේ සක්‍රීයව සිටිනවා. මෙය හාස්කමක් නොවේයැයි යැයි කිව හැක්කේ කාටද?. නීතියට මම කලා කරුවෙකු ලෙස සමාජ ගතවීම වලක්වා ලීමට නොහැකි වුණා. සිදුව තිබු ප්‍රතිසංස්කරණ හේතුවෙන් මට අසාධාරණයක් නොකර එදා මට එම අධ්‍යාපනය ලබාදීමට නීතිමය ප්‍රතිපාදනයද තිබුණ බව දන්නෝ දන්නවා. මෙය ලංකාවේ උසස් අධයාපන ප්‍රතිපත්ති සාදන්නන්ගේ ද අවධානයට ලක්වන්නේ නම් වටිනවා.

වර්ෂ 1981 දී චිත්‍ර විෂය සමග උසස්පෙළ විෂයන් තුනක් ජයගැනිම සදහා මෙහෙයුම මා විසින් දියත් කළා. නුවර අධ්‍යාපන කාර්යාලයෙන් මා විෂය නිර්දේශය සොයා ගත්තා. කේ.ඩී.ඊ. ආයතනයේ ටියුෂන් පන්තියට ආ මහාමායාවේ සොයුරියක් මට තම චිත්‍ර පාඩම් සටහන් පිටපත් කර ගෙවවිත් දුන්නා. පාසැලේ චිත්‍ර විෂය ඉගෙන ගැනීමට අවස්ථාව නොලැබුනත් චිත්‍ර ගුරුවරයා හරහා විභාගය සදහා ඉදිරිපත් වීමට පසුබිම සකසා දෙන්නට විදුහල් පතිවරයා එකඟ කරගත්තා.

තිස්ස කාරියවසම්, මල පිබිදෙයි...විශ්වය හා ජවය, නුගවෙල මද්‍යමහා විද්‍යාලය ) ඉතිහාසය සොයායාම තුන්වන කොටසට

2016/04/27

කාටුන් ගැන

Political cartoons


කාටූන් කලාවේ ඉතිහාසය
කාටූන් කලාව ද අපට ලැබුණේ බටහිරිනි. එහෙත් කාටූන් කලාවට ආවේණික මූල බීජයක් ද අප සතුව තිබූ බවට සාක්ෂි දැක්විය හැකිය.
 
අපේ ඉපැරැණි වෙස් මුහුණු කලාවේ ද අතිශයෝක්තියට නැඟුණු caricatureමූලික ලක්ෂණ පිළිබිඹු වෙයි. සිරුරට නොගැලපෙන තරමටවිශාලකරණයවූ මේ මුහුණුවල එක්තරා විප්‍රරූපණයක්දැකිය හැකිය. බටහිරින් අපට ලැබුණු කාටූන්කරණයේ හාස්‍යයත් ප්‍රභූන් හෝ බලවතුන් සරදමට ලක් කිරීමත් කෝලම් කලාවේ ද ප්‍රමුඛ ලක්ෂණයකි. කෝලම් කුට්ටමේ එන රජ, රජබිසව, ඇමති, විදානෙ, හේවාරාල, මුදලි, නොංචි, පොලිස් ආදී කෝලම් මුහුණුවල ඇත්තේ කාටුන් කලාවේ ජචපඪජචබභපඥමූලික ලක්ෂණම ය.
 
caricatureයන්න ඉතාලි වචනයකින් භින්න වූවකි.caricatureයන ක්‍රියා පදයෙන් අරුත් ගැන්වෙන්නේ to load, to surcharge with exaggerated detailයනුවෙනි.caraයන ස්පාඤ්ඤ වචනයෙන් face – face appearanceමුහුණ මුහුණේ පෙනුම යන අරුත දැක්වේ. අපේ රංග භූමිය අභිචාරාර්ථය ඉක්මවා, විනෝදාර්ථය පිණිස මුල්වරට භාවිතා වන්නේ දකුණේ වෙරළබඩ බිහි වූ කෝලම් කුට්ටමෙන් බව පෙනී යයි. කුඩා ශරීරවලට විශාල මුහුණු ආදේශ කිරීමත්, සත්ව, සිරුරුවලට මානව රූප බද්ධ කිරීමත් කැරිකැචර්සම්ප්‍රදායයේ ප්‍රමුඛ ලක්ෂණයකි. අපේ කෝලම් වෙස් මුහුණු කළේ ද මීට බොහෝ සෙයින් සමාන කාර්යයකි.
 
චිත්‍ර කලාව ද අපට ආගන්තුක නැත. අනාදිමත් කාලයක සිට අපි චිත්‍ර කලාව සමඟ ගනුදෙනු කළෙමු. බෝසත් සිරිතත් බුදු සිරිතත් අපට කියා දුන්නේ කලාගාරයක් බඳු අපේ විහාර ගෙයයි. අද අපට හුරු වී ඇති කාටුන් කලාව වූ කලී කෝලම් නාටකයේ විකාර විසුළු ස්වරූපයේත් අපට හුරු පුරුදු චිත්‍ර කලාවේත් මිශ්‍රණයක් බව මගේ විශ්වාසයයි.
 
කාටුන් කලාවේ ඉතිහාසය සෙවීමේදී හාස්‍යෝත්පාදක ලක්ෂණ සහිත, අසභ්‍ය යැයි කිව හැකි මට්ටමේ චිත්‍ර පන්තියක් පොම්පෙයිනුවරින් හමුවී ඇති බව චිත්‍ර කලා ඉතිහාසය සඳහන් කරයි. එහෙත් ලෝකයේ විධිමත් ප්‍රථම කාටූන් චිත්‍රය ලෙස පිළිගැනෙන්නේ 1754 මැයි 09 වැනිදා පෙන්සිල්වේනියා ගැසට් (Pennsylvania Gazette) පත්‍රයේ පළවූ එක්වෙමු නැත්නම් මැරෙමු’ (join or die) යනුවෙන් නම් කෙරුණු කාටුන් චිත්‍රයයි. ඉන් පිළිබිඹු වූයේ කැබලි අටකට කැඩුණු සර්පයෙකි. නිව්යෝර්ක්, නිව් ඉන්ග්ලන්ඩ්, නිව් ජර්සි, පෙන්සිල්වේනියා, මේරිලන්ඩ්, වර්ජිනියා, උතුරු කැරොලිනාව සහ දකුණු කැරොලිනාව ඒ කැබලි අට නියෝජනය කරයි. මෙම කාටූනය නිර්මාණය කළ බෙන්ජමින් ෆ‍්‍රෑන්ක්ලින් (Benjamin Franklin) මෙයින් ඉල්ලා සිටියේ බ්‍රිතාන්‍යයට එරෙහිව සියල්ලන් එක්විය යුතු බවයි.
 
එතැනින් ඇරඹි කාටූන් කලාව 19 වැනි සියවස අගභාගය වන විට මුළු මහත් යුරෝපය පුරා ව්‍යාප්ත විය. ඉංග්‍රීසි ජාතික විලියම් හෝගාත් (William Hogarth) මේ සෝපහාසී කලාවඛ්චපබධධද ලෙස නම් කිරීමේ ගෞරවයට පාත්‍ර වෙයි. ඒ අතර බෙන්ජමින් රසල් ඇමෙරිකාවේ මැසචුසෙට්සෙන්ටිනල්පත්‍රයට නිර්මාණය කළ ඇමෙරිකානු පෙඩරල් රාජ්‍ය ක්‍රමයපිළිබඳ කාටූනය ද කාටූන් ඉතිහාසයේ පිය සටහනක් සේ සැලකේ. පෙඩරල් ව්‍යවස්ථාව අනුමත කිරීමට පක්ෂ වූ ඇමෙරිකානු ප්‍රාන්ත, රාජ්‍ය තන්ත්‍රය ඉහළට ඔසොවන කුලුනු ලෙස රසල් ඇන්දේය.
 
එසේම ඒ ක්‍රමය තුළ තවත් බෙදී යෑම් ඇති විය හැකි බව පෙන්වීමට රසල් ඊට තවත් කුලුනක් එක්කොට තිබිණි. තෝමස් නාස්ට් (Thomas Nast) සිය ප්‍රබල දේශපාලන කාටූන් හාපර්ස් සක්ලි (Harpers Weekly) පත්‍රයට ඇන්දේය. වංක දේශපාලනඥයකු හා ව්‍යාපාරිකයකු වූ විලියම් මාර්සි ට්වීඩ් නිර්ධය ලෙස ඔහු කාටූන් මඟින් විවේචනය කළේය. වෝල්ට් මැක්ඩොනල්ඩ් සිත්තම් කළ බෙල්ෆසාර්හි රාජකීය මංගල්‍යයකාටූන පෙළ අසහාය ජන ප්‍රසාදයක් දිනා ගත්තේය.
 
Editorial Cartoonයන ප්‍රශස්ත තත්ත්වය කාටූනයට හිමි කර දුන්නේ ඔහුය. ජෝර්ජ් කෘයික්ෂැන්ක් (George Cruilcshank) ජේම්ස් ගිලිරේ (James Gilire) තෝමස් රෝලන්ඩ් සන් (Thomas Rowlank son) හොනර් ඩොමියර් (Honore Daumire ශ්‍රීමත් ඩේවිඩ් ලෝ (Siy David Low) හර්බට් ලෝරන්ස් බ්ලොක් Herbert Lawrance Block) ලොව සුපතළ කාටූන් ශිල්පීන් අතුරින් කිහිපදෙනෙකු පමණි.
 
පුවත්පත් කලාව කර්මාන්තයක් ලෙස ලෝක ව්‍යාප්ත වෙද්දී කාටූන් කලාව ද ලෝක ව්‍යාප්ත විය. දේශපාලන කාටූන් ශිල්පියා සක්‍රීය සමාජ දේශපාලන සංසිද්ධි (events) සහ චරිත (Profiles) පිළිබඳ එසැණ විවරණය කරන්නෙක් (Commentator of the moment) විය. ඔහු එම ප්‍රස්තුත පිළිබඳ හාස්‍යෝත්පාදක චිත්‍රමය විවරණයක යෙදෙන්නේ සිය අපූරු පරිකල්පන ශක්තිය මෙහෙයවමිනි. දේශපාලන විෂයය දෘශ්‍යමාන උපමා - සංකේත හා විෂයමය සාමාන්තරයක් උපයෝගී කරගනිමින් සන්නිවේදනය කිරීමට ඔහුට සිදු විය. දේශපාලන අර්බුද සංයුක්ත කොට - සූක්ෂමීකරණය කොට – ‘කැප්සියුලගතකර දැක්වීමට ඔහුට විචක්ෂණ බුද්ධියක් ද විශ්‍රැත බුද්ධි පාටවයක් ද දැඩි ශික්ෂණයක් ද තිබිය යුතුය. එසේ නොවූ කල්හි කාටූනය හුදු මඩ ගැසීමක්බවට පත්වේ.
 
යටි පෙළ ගැඹුරක් සහිත හාස්‍යය දනවන කාටූන් අඳින ශිල්පියෙකුට එක් විකට රූපයකින් විවරණ පන්සියයක් කළ හැකියැයි ලෝක ප්‍රකට කාටූන් ශිල්පී ඩැනියෙල් ආර්.ෆිට්සු පැට්රික් වරෙක කියා තිබේ. මේ අරමුණු සාක්ෂාත් කරගැනීමට නම්, කාටූන් ශිල්පියා ලිබරල් පුද්ගලයකු විය යුතුය. නිදහස් මතධාරියකු විය යුතුය. ඉහළ තලයේ සාර්ථක කාටූනයක ද්වේෂය වෛරය හෝ ආන්තික අපහාසය පිළිබඳ සලකුණු නොතිබිය යුතුය.
 
අගතියෙන් තොර විය යුතුය. රාජ්‍ය තාන්ත්‍රිකයන්, දේශපාලනඥයන් හෝ බලවතුන් විවේචනයට ලක් කළ ද එය මෘදු වන්නේත්, අරුත්බර වන්නේත්, රසබර වන්නේත් එවිටය. කාටූන් ශිල්පියා විනිසුරුවකු සේ මැදහත් වූ කල්හි ඔහු අනිවාර්යයෙන් ම ස්ථානගත වන්නේ සාධාරණය පැත්තේය. යුක්තිය පැත්තේය. ඔහුට දේශපාලනඥයා පැසසිය යුතු තැන පැසසිය හැක්කේත් - හෙළා දැකිය යුතු තැන හෙළා දැකිය හැක්කේත් එවිට ය. පාඨක ජනතාව ඔහුගේ කාටූන් විශ්වසනීයත්වයෙන් පිළිගන්නේ ද එවිට ය.
 
අපේ රටේ ප්‍රථම දේශපාලන කාටූනය අඳින ලද්දේ ජී.එස්.ප්‍රනාන්දු විසින් 1931 දීය. ඩී.ඩබ්ලිව්.වික්‍රමාරච්චි සංස්කරණය කළ ස්වදේශ මිත්‍රයාපත්‍රයටය. ඒ ඩොනමෝර් කොමිෂමේ යෝජනා විවේචනය කරමිනි.
එහෙත් ශ්‍රී ලංකාවේ දේශපාලන කාටූන් කලාව විධිමත් ලෙස ආරම්භ වන්නේ 1945 දී The Times of Ceylon’. පත්‍රයට ඔබ්රි කොලට් (Aubrey Collette) සම්බන්ධ වීමත් සමඟය. ඔහු සමඟ ටයිම්ස් ආයතනයේ අනෙක් වෘත්තීය කාටූන් ශිල්පියා වන්නේ ද ජී.එස්. ප්‍රනාන්දුය. ඉනික්බිති බොහෝ දක්ෂ දේශපාලන කාටූන් ශිල්පීහු ශ්‍රී ලංකාවේ පුවත්පත් ඔස්සේ කරලියට පැමිණෙති.
 
අමිත අබේසේකර, මාක් ගරයින් (Mark Gerreyn), ඩබ්ලිව්. ආර්. විජේසෝම, මොටාගෙදර වනිගරත්න, ඇස්.සී.ඕපාත, යූනුස්, කැමිලස් පෙරේරා, විනී හෙට්ටිගොඩ, ශාන්ත කේ.හේරත්, කේ.ඩබ්ලිව්.ජනරංජන, දාස හපුවලාන, වසන්ත සිරිවර්ධන, රුවන් තරස්වින්, ඇම්.ඩී.වීරරත්න, ප්‍රීති කන්නන්ගර, ඩෙන්වර් පෙරේරා, දර්ශන කරුණාතිලක ඉන් කිහිපදෙනෙකි.
 
ඔව්හු විවිධ ආරේ විවිධ ශෛලියේ දේශපාලන කාටූන ඔස්සේ පාඨකයා වෙත පැමිණෙති. ඔවුන් ජනතාවගේ පිළිගැනීමට ලක්වී සිටින්නේ, ජනතාව වෙනුවෙන් පෙනී සිටින බැවිනි. කාටූන් ශිල්පියා, බහු ජනහිත පිණිස සිය පින්සල හසුරුවන ජනතාවගේ පැත්තේ කෙනෙකි. ඔහු සිය කාටූන තුළින් ප්‍රකාශ කර සිටින්නේ ජනතාවගේ හෘද ස්පන්දනයයි. ශිල්පීන්ගේ ජනතාවාදී දෘෂ්ටිය නිසා ඔවුහු ජනතාව මුහුණ දෙන ප්‍රශ්න ජනතාවගේ ඇසින්ම දකිති.
 
ඕබ්රි කොලට් ගේ සිටිසන් පෙරේරාමාක් ගරයින්ගේ සිම්පල් සිමියොන්ඩබ්ලිව්.ආර්.විජේසෝම ගේ පුංචි සිඤ්ඤෝඑස්.සී.ඕපාත ගේ සිල්වාකැමිලස් පෙරේරා ගේගජමෑන්දාස හපුවලානගේ සුවාරිස්විනී හෙට්ටිගොඩගේ මාර පුත්‍රඅමිත අබේසේකරගේරාලහාමිරුවන් තරස්වින්ගේ බෙම්පිජනතාව නියෝජනය කිරීමට කාටූන් ශිල්පීන් නිර්මාණය කරගත් නියෝජිතයෝ වෙති.
 
විනෝදය හා උපහාස රසය ලබාදෙමින් පොදුවේ මහජනතාවගේ පැත්ත ගැනීම මගේ කාටූන් චිත්‍රවල අරමුණයි. කාටූන් ශිල්පියා සාධාරණ විය යුතුය. යමෙකුට පහර දීමට යැයි කියා අසාධාරණ ලෙස කටයුතු නොකළ යුතු යැයි ප්‍රවීණ කාටූන් ශිල්පි කැමිලස් පෙරේරා කාටූන් ශිල්පියාගේ අරමුණ විස්තර කරයි.
 
දේශපාලන කාටූන් ශිල්පියාගේ පරම යුතුකම තම රටේ දියුණුව ඉලක්ක කර සිය කාටූන් නිර්මාණ කිරීමයි. එසේ නොකිරීම රටට කරන අපරාධයකැයි කෘතහස්ත කාටූන් ශිල්පි විජේසෝම පවසයි. එම උදාර අරමුණ පෙරදැරි කරගත් කාටූන් ශිල්පියකු ගසන සෑම පින්සල් පහරක් ම එම වගකීමෙන් බැඳෙනු නිසැකය.
 
වචන දහදහස් ගණනකින් කිව යුතු අදහසක් එක රූපයකින් ඉතා සංක්ෂිප්තවත් ඉතා ප්‍රබලවත් සන්නිවේදනය කළ හැකි වේයනු ප්‍රකට චීන චින්තකයකු වූ ලාඕට්සේගේ කියුමකි. දේශපාලන කාටූන් පිළිබඳ සිතූ කල මෙය කෙතරම් නම් සත්‍ය කියුමක්දැයි හැඟේ. දේශපාලනය පාදක වූ කාටූන් චිත්‍ර කලාවේ ඉතිහාසය ක්‍රිස්තු වර්ෂයට ද පෙර දුරාතීතයට දිව යන්නකි.. නූතන ලෝකයේ ප්‍රජාතාන්ත්‍රවාදී හෝ ආඥාදායක හෝ පාලන ක්‍රමයක් සහිත කවර සමාජයක වුව ද දේශපාලන කාටුන් කලාව ශිෂ්ට සම්පන්න ස්වරූපයකින් දේශපාලන, ආර්ථික හා සමාජයීය ගැටලු අරබයා මහජන කෝපය, ඉච්ඡාභංගත්වය සහ කලකිරීම පළකිරීම සඳහා බහුලව භාවිත හා අතිශය බලපෑම් සහිත සන්නිවේදන මෙවලමක් බවට පත්ව තිබේ.
 
ආඥාදායක පාලනයක් සහිත සමාජයක මේ අවියට ඉලක්ක වනුයේ පාලනාධිකාරිය අතැති අයගේ විරුද්ධවාදීන් බව නොකිවමනාය. එබඳු සීමාවන් රහිත ඕනෑම සමාජයක කාටුන් චිත්‍රයට හසු නොවී සිටීමට කවර තරාතිරමක පුද්ගලයකුට වුවද නොපිළිවන. ජනාධිපතිවරු, රජවරු, රාජ්‍ය නිලධාරීහු පමණක් නොව දෙවිවරු පවා දේශපාලන කාටුනයට විෂයය වෙති. දශක ගණනාවක් තිස්සේ මුද්‍රිත ජනමාධ්‍යයට සීමා වී තිබූ මේ චිත්‍ර කලා ප්‍රභේදය සතු නිම්වළලු අන්තර්ජාලයේ ආගමනයත් සමඟ බොහෝ සෙයින් පුළුල් වී තිබේ.
 
සිත්තරා සිය තෙළි තුඩ මෙහෙයවනුයේ හිස් අවකාශයක නොවන බැවින් චිත්‍ර කලාව හැම විටම පාහේ දේශපාලන හෝ සමාජයීය පැතිමානයක් සහිතය. එහෙයින් දේශපාලන කාටුන් යනු කවරේදැයි අර්ථ නිරූපණය කිරීම කළ යුත්තේ ප්‍රවේශමිනි. කාටුනයක් නම් මේ යැයි කිව හැකි අයුරින් එය පැහැදිලි හැඩයක් නොගනී. කාටුනයක් ඇතැම් විට සරල, රේඛා චිත්‍රයක් හෝ රේඛා සමුච්චයක් හෝ විය හැකිය. පොදු රීතියක් ලෙස ගත් කල කාටුනයක් හාස්‍යය හෝ උපහාසය හෝ ජනනය කිරීමට සමත් සරල රේඛා චිත්‍රයකි.
එය ලිඛිත පාඨයක් සහිත හෝ රහිත වීමට පිළිවන. එය කාටුන් ශිල්පියාගේ අභිලාෂය අනුව තීරණය වන්නකි. කාටුනයක ගැබ්ව ඇති පණිවුඩය අවබෝධ කොට ගැනීමට කිසිවකුගේ ගුරුහරුකම් අවශ්‍ය නොවීම මේ කලාවේ සුවිශේෂි ගුණයකි. දේශපාලන කාටුන් උණුසුම් දේශපාලන කරුණු විෂයය කරගන්නා විට හෝ පෞද්ගලික හෝ ආගමික පැතිමානයන් ඇති විට ඉමහත් වාද විවාදයට තුඩු දිය හැක්කේය.
 
දේශපාලන කාටුනයක් යනු උපහාසයෙහි දවටා දේශපාලන හෝ සමාජයීය පණිවිඩයක් සන්නිවේදනය කරන්නාවූ චිත්‍ර සටහනකැයි සරලව නිර්වචනය කිරීමට පිළිවන. දේශපාලන කාටුන වැඩි වශයෙන් පළ කෙරෙනුයේ පුවත්පත් වල හා සඟරාවල කතුවැකි පිටුවල වුවද ඇතැම් විට විකට චිත්‍ර හා කතා පිටුවල නැතහොත් හුදෙකලා චිත්‍ර සටහනක් ලෙස පළ කරනු ලැබේ. ලොව බොහෝ රටවල කාටුන් ශිල්පීහු සිය නිර්මාණ ප්‍රදර්ශනය සඳහා බිත්ති, වීථි පුවරු, ගොඩනැගිලි ආදියද ප්‍රයෝජනයට ගනිති.
 
දේශපාලන කාටුනයක පරමාර්ථය සමාජයේ කවර ස්තරයකට අයත් තැනැත්තෙකුට වුවද වැඩිපුර මොළය නොවෙහෙසා තේරුම් ගැනීමට හැකිවන අයුරින් පැහැදිලි පණිවිඩයක් සන්නිවේදනය කිරීමය. මේ චිත්‍ර කලා සම්ප්‍රදාය ග්‍රාහකයාට පහසුවෙන් අඳුනාගතහැකි රේඛා සටහනක් සහ දෘශ්‍ය රූප බහුව උපයෝගී කොටගනී. නිදසුනක් ලෙස පරිසර දූෂණය නිරූපිත කාටුනයක ශිල්පියා කඳුළු වගුරුවන පෘථිවි ගෝලයක කටු සටහනක් සිතුවම් කිරීමට පිළිවන. එය දකින ග්‍රාහකයා පරිසර දූෂණය කෙතරම් උග්‍ර ද යත් මිහිකත පවා කම්පාවට ලක්ව සිටිතියි වටහාගනී.
 
නූතනයේ භාවිත විකට චිත්‍ර කලාව හඳුන්වාදීමට පුරෝගාමී වූයේ ඇනිබේල් සහ අගෝස්තීනෝ කරාච්චි යන ඉතාලි ජාතික දෙසොහොයුරන් යයි පිළිගනු ලැබේ. සමාජයේ එදිනෙදා සිදුවීම් පිළිබඳව සරල හා ඍජු ආකාරයකින් හාස්‍යය සහ උපහාසය දැනවීමට විකට චිත්‍රයට ඇති ශක්‍යතාවය දුටු 1697 – 1746 කාලයේ එංගලන්තයේ විසූ විලියම් හෝගාර්ත් සමකාලීන ඉංගී‍්‍රසි සමාජයේ අප්‍රසන්න සහ පිළිකුල් සහගත සිදුවීම් සහ ක්‍රියා විවේචනය කරනු වස් එය උපයෝගී කොට ගත්තේය. ඔහු තම චිත්‍ර කලාව නම් කළේ කාටුන් නමිනි.
පසුව කාටුන් නම් වූ නව චිත්‍ර කලා ප්‍රභේදය ප්‍රංශයට හා සෙසු යුරෝපීය රටවලට හඳුන්වා දෙනු ලැබීය. හොනොරෙ ඩෝමිය නම් වූ ප්‍රංශ කාටුන් ශිල්පියා එකල සිය රට තුළ ඉහ වහා ගොස් තිබූ දූෂණ ක්‍රියාවලට එරෙහිව කාටුනය ප්‍රබල අවියක් කොට ගත්තේය. ඔහු සමාජයේ ඇතිකළ කම්පනය කෙතරම් ප්‍රබල වී ද යත් ලුවි පිලිප් රජු අපහසුතාවයට පත් කළේ යැයි චෝදනා කොට සයමසකට සිරගත කරනු ලැබීය. 18 වන සියවස අග භාගයේ සහ 19 වැනි සියවස පුරා දාර්ශනික හා සමාජයීය මාතෘකා අරබයා යුරෝපයේ හටගත් ප්‍රසිද්ධ වාද විවාද වෙත අඩු අධ්‍යාපනයක් සහිත ජනයා ආකර්ෂණය කර ගැනීමට කාටුන් වලින් ඉමහත් දායකත්වයක් ලැබිණි. 20 වන සියවස උදාවන විට ලෝකයේ රටවල් අතිමහත් බහුතරයක කාටුන් චිත්‍ර කලාව මුල් බැස ගෙන තිබුණි.
 
ඇමෙරිකා එක්සත් ජනපදය ස්වාධීනත්වය සඳහා කළ අරගලයේ දී ජනතාව පෙලඹවීමේ සහ ප්‍රචාරණ මෙවලමක් ලෙස කාටුන් තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කළේය. නිර්නාමිකව පෙනී සිටි ඇතැම් ඇමෙරිකානු කාටුන් ශිල්පිහු සිය නිර්මාණ මඟින් බ්‍රිතාන්‍ය පාලනය සහ එහි ප්‍රතිපත්ති කර්කෂ විවේචනයට ලක් කළහ. බෙන්ජමින් ෆ‍්‍රෑන්ක්ලීන් පෙන්සිල්වේනියා ගැසට් නම්වූ සිය පුවත්පතෙහි 1754 මැයි 9 වැනිදා එක්වෙන්න නැත්නම් මියැදෙන්නයන පාඨය සමඟ පළ කළ කොටස් 8 කට කැඩී ගිය සර්පයෙකුගේ චිත්‍ර සටහන ඇමෙරිකාවේ ප්‍රථම දේශපාලන කාටුනය ලෙස පිළිගැනේ.
 
සර්පයාගේ කැබලි වී ගිය කොටස් මඟින් ඒ වන විට එරට ස්ථාපනය කර තිබූ බ්‍රිතාන්‍ය ඇමෙරිකානු ජනපද නියෝජනය කෙරිණි. කාටුනයේ ගැබ්ව තිබුණේ පැහැදිලි දේශපාලන පණිවුඩයකි. විශේෂයෙන් ඉන්දියානු තර්ජනයක් පිළිබඳ හටගෙන තිබූ බිය හමුවේ එක්සත් වන්නැයි කාටුනය ජන පදවලින් ඉල්ලීමක් කළේය. සර්පයෙකුගේ කැබලි වී ගිය කොටස් හිරු බැස යාමට පෙර යළි හා කළ විට මළ සර්පයාට පණ එතැයි එකළ මිථ්‍යා විශ්වාසයක් පැවතිණ. ෆ‍්‍රෑන්ක්ලීන්ගේ කාටුනය කෙතරම් ජනපි‍්‍රය වී ද යත් එය මහද්වීපයේ සෑම පුවත්පතකම පාහේ පළ කරනු ලැබීය.
 
නිදහසට පෙර ශ්‍රී ලංකාවෙහි විධිමත් දේශපාලන කාටුන් කලාවක් පැවති බවට සාක්ෂි නැත. 1948 ට පෙර B’ඊඪථඥඵ ධට ඛ්ඥරතධදනම් වූ පුවත්පතෙහි කාටුන් ශිල්පියෙකු සේවය කළ බවට වාර්තා ඇත. කෙසේ වුවද නිදහස ලැබීමෙන් අනතුරුව දේශපාලන කාටුන් කලාව සියලු දිනපතා සහ සතිපතා පුවත් පත් වල වර්ධනය වන ජනපි‍්‍රයත්වයක් සහිත නිත්‍ය අංගයක් බවට සංවර්ධනය වූයේය. කොලට්, ජී.එස්. ප්‍රනාන්දු, අමිත අබේසේකර, හෙන්රි තෙන්නකෝන්, ඩබ්ලිව්.ආර්. විජේසෝම, ගෙවී ගිය යුගයේ කාටුන් කලාවේ දැවැන්තයෝ වූහ. දේශපාලන කාටුන් කලාව හැම විටම අවදානම් සහිත වෘත්තියක් වූයෙන් ඔවුන්ගේ නිර්මාණ වලින් පහර කෑ බලවත් පුද්ගලයන්ගේ ඇණවීමෙන් ඔවුන්ගේ ඇතමෙක් තර්ජනයට සහ ශාරීරික පහර දීමට පවා භාජනය වූහ.
 
ශ්‍රී ලංකාවේ පුවත්පත් ආශ්‍රිත කාටුන් කලාවට නිර්මාණශීලී බව, අනන්‍යතාව, පණිවුඩයේ විවිධත්වය හා බලපෑම සලකන විට සාඩම්බර වාර්තාවකට හිමිකම් කියයි. එසේ වුව ද දේශපාලන හා වෙනත් සාධක මත කාටුන් ශිල්පියාට අප්‍රිය වූ ප්‍රකට පුද්ගලයන් ද්වේෂ සහගතව නින්දාවට සහ අවමානයට ලක්කිරීමේ අනර්ථදායක ප්‍රවණතාවයක් මෑතක සිට වර්ධනය වී තිබේ.
 
ඇතැම් කාටුන් ශිල්පීන් තමන් අකමැති දේශපාලනඥයන් සුනඛයන් ඌරන් සහ වඳුරන් ලෙස නිරූපණය කිරීමට තරම් සාහසික වූ අවස්ථා පසුගිය කාලයේදී දක්නට ලැබුණි. ප්‍රබල හා පහසු ප්‍රකාශන මාධ්‍යයක් ලෙස කාටූන් කලාවේ ජීව ගුණය ආරක්ෂා කරගැනීමට හා සම්මත වෘත්තීය ප්‍රමිතීන් පවත්වා ගැනීමට හා වැඩිදියුණු කිරීමට නම් මේ අහිතකර ප්‍රවණතාවට තිත තැබිය යුතුය. එය කාටුන් ශිල්පියාගේ මෙන්ම දේශපාලන අධිකාරියේ ද පැහැර හැරිය නොහැකි වගකීම වන්නේ ය.

උපුටා ගැනීම - නුවන් බ්ලොග් අඩවියෙන්
http://chinthakasjp.blogspot.com/