2016/05/20

ළමයා, චිත්‍රය සහ අම්මාගේ ආදරය




අපි කවුරුත් චිත්‍ර අදින්න කැමතියි. ඒ සදහා අපි කාටත් හැකියාවක් තියෙනවා. මේ බව දන්න අය නම් අඩුයි. මොකද අපි හුරුවෙලා, නැතිනම් ඉගෙන ගෙන තියෙන්නේ.. අපිට යමක් පුලුවන් වෙන්න නම් ඒක කාගෙන් හරි  ඉගෙනගන්නම ඕන කියන මතය නිසා.
“ආ...එයා හරි උගතා. විභාග ඔක්කොම එයා පස්කරල තියෙන්නේ.. අපිට වඩා එයා ඒ ගැන ඉගෙනගෙන තියෙන නිසා හැම දෙයක්ම දන්නවා.“    
මේක සමාජ මතයක්. දැනුම පිළිබද සමාජ කතිකාව එහෙමයි. නමුත් අපේ අධයාපන ක්‍රමය තුල ප්‍රවීනත්වයක්  ලබන අයෙක් සියලු විෂයන් පිලිබද ව ප්‍රවීනත්වයක් දරන්නෙක් වෙනවාද? එක් විෂයක් පිළිබදව ඉගෙන ගත් අයෙකු සියලු විෂයන් පිලිබදව විශිෂ්ටයෙකු  බවට පත්වෙනවාද? මේක බරපතල ප්‍රශ්නයක්.

අපි දන්නවා කිසියම් විෂයක් ගැන  පුලුල් අධයාපනයක් ලබන කෙනෙක්  සමාජයේ බාහිර කරුණු පිළිබදවද සංවේදී මනසකින් යුතුව ඉන්නා අයෙකු විය හැකි බව. නමුත් අද පවතින තරගකාරී  රටාව තුල කුඩා අවදියේ පටන්ම මිනිසා ජයග්‍රහනය පසුපස හඹායන්නන් වී අවසන්.  එහි ප්‍රතිඵලය කුමක්ද? ඔහු ලෝකය සහ අනෙකුත් සියලු කරුණු කාරනා අමතක කරනවා. තම ඉලක්ක ගත කඩුල්ල පැනීම සදහා පමණත්  ඔහු සූදානම් වෙනවා.

ජයග්‍රහනය ලැබූ පසු ඔහු සමාජයේ බලවතෙක්. ඔහු හින්නේ නෑ තමන් කොටුවී ඉන්නේ තමන් ඉගෙනගත් දැනුම් පරාසය තුල පමණක් කියලා. තමන්ගේ බලයට නතුවෙන පිරිස පාලනයකිරීම සහ තම බලය තමන් නොදන්න විෂය කාරණා සදහා ද ඔහු පටලවා ගන්නවා. මෙය අද සමාජය තුල දැකිය හැකි බරපතල ගැටලුවක්.

මේ ඛේදවාචකය සමාජයට බලපාන අයුරු ඇත්තටම හානිකරයි. කනගාටු දායකයි. නමුත් මේ හානිය දකින්න මේ හානිය කරන අයට පුලුල් දැක්මක් නෑ. ඒ ඔවුන්ගේ දැනුම ඒක කාරණාවක් වටා කේන් ද්‍රගතවී ඇති නිසා. ලෝකයේ තමන් නොදන්නා කරුණු කාරනා තවත් ඇති බව ඔවුන් ට හිතන්නවත්, වටහා ගන්නවත් බෑ.  දැනුම විසින්ම  ඔවුන් මුලාකර තියෙනවා. සමාජය ද මේ උගතුන්ට අභියෝග නොකරන තත්ත්වයකට පත්වෙනවා. ඒ කාරණා දෙකක් නිසා. එක. තමන් මේ උගතා තරම් ඉගෙනගෙන නෑ. මම දන්නේ නෑ. කියන හීනමානය නිසා. අනෙක. මේ උගතා අත්පත්කරගෙන අැති එමාජ බලයට ඇති බිය නිසා. ඔහු ගේ මතයට විරුද්ධ වුවහොත් සිතුවෙන පාඩුවට බිය නිසා.

මේ ක්‍රමය සමාජයක් ඉදිරියට ගෙනයාම සදහා  බරපතල හානි සිදු කරනවා.

ඉහත කී  උගතුන් සිය දරුවන් තමන් වැනි උගත් ජයග්‍රාහකයන් පිරිසක් කිරීම සදහා කැප වෙනවා. ඒය හොදින් හෝ නරකින් කරන්න ඔවුන් පෙළඹී තිබෙනවා..මේ කියන්නේ එවැනි අයෙක් ගැන අපූරු සිදුවීමක්. ගැනයි. ..

 ස්ථානය,  ළමා චිත්‍ර පංතියක්.

චිත්‍ර පංතියට එන ළමයින් ගේ නිර්මාණ පංතිය අවසානයේත්, අරම්භයේත් ළමයින් ගේ දෙමාපියන්  විසින් බලන්න ම ඕන. ඒ අය තම දරුවාගේ චිත්‍ර රසවිදින්න ම ඕන.  නිර්මාණාත්මක (හිකුවක්කාර) ගුරුවරයා ගේ මේ  නියෝග දෙමාපියන්ට කරදරයන් වූවාට සැකයක් නැ. එ්ත් දරුවාට ඇති ආදරයත් ඔහු අනාගතයේ සමාජයේ ලොක්කෙකු කරන් ඇති උවමනාව නිසා ත් මේ  අලුත් නියෝගය පිළිගැනීමට එකග වෙනවා.  තම දරුවා  අදින චිත්‍රය බලන්න කෙටි වෙලාවක් ගතකරන්න දෙමාපියෝ බොහොම අමාරුවෙන් කාලය කළමණා කරණය කර ගන්නවා.
“සර්ට පිස්සුද මංදා..  තියෙන වැඩ මදිවට. මට තව වැඩ ගොඩක් තියෙනවා.. මොනවා බලන්නද මම ඕකේ? “
අම්මාට සිතෙන්න ඇති.

ඒත් දරුවාට ඇති ආදරය නිසා දරුවා අදින චිත්‍රය බලන්න අම්මා පංතියට යනවා... පංතිය පුරාම ළමයි ඇදපු චිත්‍ර වලින් සරසලා.. හරියට පාට පාට මල් පාත්තියක් වගේ කියලයි අම්මාට දැනේන්නේ. තමන් කිසි දිනක නොගිය තැනක හුදකලාවූ බවක් ඇයට දැනෙන්න ඇති. වට පිට බලන ඇයට තම දැනුමට, රසයට, ගැලපෙන  ලස්සන චිත්‍රයක් පේනවා. ඇය නොදනුවත් වම ඒ වෙත ඇදි යනවා. නමුත් දරුවා  ඇයගේ ඇගේ එල්ලී වෙනත් පසෙකට අදිනවා...
“ කරදර නොකර එන්නකො..ඩාලිං.. මට තව එපොයිමන්ට් එකකටත් යන්න තියෙනවා. ඔයා ඇත්දේ මේකද? සෝ බියුටි ෆුල් ඩාලිං....“
“ නෑ..නෑ  අම්මි. මම ඇදපු එක තියෙන් ඔතන නෙවෙයි අතන“
ඒ වනවිට තමන් කැමති චිත්‍රය ලග නතරවු අම්මා ගේ  මූනේ වූ සතුට දියවී ගිහින්.
“මේක ඔයා ඇදපු එක නෙවෙයිද?
අැය පුලටු වූ මුනින් දරුවා  ඇදගෙන යන දෙසට ඇදෙනවා.
“මේකයි අම්මි මම ඇදපු චිත්‍රය අම්මි.“
“ මේ මොකද්ද ? කෝ බලන්න.? බලන්නකෝ මේකේ කැත?.“
ඇයගේ දෑස අැය කැමති වූ චිත්‍රය සොයා යන අයුරු ගුරුවරයා ද බලා සිටිනවා. ඇය තම ඇගේ වෙලී තමා ඇදි චිත්‍රය දෙසට අම්මාගේ අවදානය යොමුකීරීමට යන දරුවාගේ කන මිරිකමින්..
“සර් ඔයාට අර ළමයට වගේ චිත්‍ර  අදින්න කියලා දුන්නේ නැද්ද?
“බලන්න එයා කොච්චර ලස්සනට ඒක ඇදල තියෙනවද?  රූප ලස්සනයි.. කෝ ඔයා අදල තියෙන මිනිස්සුන්ගේ අත්..?  බලන්නකෝ කැත. මටත් එක්ක ලැජ්ජයි නේ....“
“එහෙම කියන්න එපා.. බලන්න.. මෙයාගේ චිත්‍රය කොච්චර ලස්සනද? එකේ අනිත් ළමයි ඇදපු එ්වට වඩා වෙනත් විශේෂත්වයක් තියෙවා. හරිම ස්වාධීනයි.  එයාටම ආවේනික ප්‍රකාශණ රටාවක් එ් චිත්‍ර යේ තියෙනවා“
“ අම්මා ගේ ග්‍රහණයෙන් දරුවා ලද පීඩනය සමහන් කිරීමට ගුරුවරයා මැදිහත් වුණා.
“ එහෙම කියන්නේ කොහොමද සර්. බලන්න අර ළමයා හොදට, ලස්සනට මිනිස් රූප ඇදල තියෙනවා.  බලන්නකො .?. මෙයා ඇදල තියෙන ඒවයේ කැත. ඇහැ නෑ.. අත් කකුල් වෙන වෙන තැන්වල ..ඇයි සර් මෙයා ට කියල දුන්නේ නැද්ද හරියට අදින්න?“
අම්මා කතාකරන්නේ  කෝපයෙන්  හා කලකිරිමේනි. දරුවා මහත් ආසාවෙන් බලා සිටින්නේ තමන්ගේ චිත්‍රය අම්මාට පෙන්වා සතුටු වීමටය. එහෙත් අම්මා ගේ අවධානය වෙනත් චිත්‍ර යකට යොමුවී ඇත. එම චිත්‍රය හා  තම දරුවාගේ චිත්‍රය සසදන ඇය , අනිකා ගේ චිත්‍රය තම දරු වාගේ චිත්‍රයට වඩා හොදය යන විනිශ්චයේ සිට උරනවී සිටියි.

දරුවන් ගේ  දැක්ම නිරවුල්ය. ඔහු සමාජ දැනුමින් කුරුවල්ව ගොස් නැත. තරගකාරී සමායේ කුහකත්වය පිලිබද ව අවබෝධයද හීනය. එනිසාම  දරුවා ජාන හා එක්කර ගෙන ගෙන එන  සහජ බුද්ධිය නිරවුල්ව           ප්‍රයෝජනයට ගනී. ඒ තුළයි නිර්මාණාත්මක ප්‍රවේශයය සිදුවන්නේ. අපේ දෙමා පියන් මේ නොසලකා හරින්නේ දරුවෙකු  තුල ආරක්ෂා කරගත යුකුම වූ විශිෂ්ඨ ගුණ ධර්ම හා සුවිශේෂී හැකියාවන් මොට කරදැමීමට නේද?

ගුරුවරයා ළමයාත් උගක් අම්මාත් අතර  හිරවී සිටියි.... ඔහු පිටස්තරයෙකු ගේ තත්ත්වයට පත්වීම තවක් ඛේදවාචයක ආරම්භයයි.









6 comments:

  1. වැඩිහිටියන්ට බොහෝ දුර හිතන්න දේවල් මේ උදාහරණයෙන් සටහන් කරලා තියෙනවා. ගුරුවරයා දෙමවපියන් හා සිසුන් අතර අතරමංවීම වටහාගන්න පුලුවන්.


    මෙන්න මේ කියන කතාව සහතික ඇත්ත.
    .//// සමාජය ද මේ උගතුන්ට අභියෝග නොකරන තත්ත්වයකට පත්වෙනවා. ඒ කාරණා දෙකක් නිසා. එක. තමන් මේ උගතා තරම් ඉගෙනගෙන නෑ. මම දන්නේ නෑ. කියන හීනමානය නිසා. අනෙක. මේ උගතා අත්පත්කරගෙන අැති එමාජ බලයට ඇති බිය නිසා. ඔහු ගේ මතයට විරුද්ධ වුවහොත් සිතුවෙන පාඩුවට බිය නිසා.

    මේ ක්‍රමය සමාජයක් ඉදිරියට ගෙනයාම සදහා බරපතල හානි සිදු කරනවා.//////////

    සමහරු හිතනවා මේ ඔලුව කළු ගලේ ගහගන්නවා වගේ වැඩක් කියලා. නමුත් ඒක එහෙම නොවෙයි. සමජය පිලිබඳ තමන් සතු වැටහීම යන්නත් එක්තරා උගත්කමක් බව සිතිය යුතුයි. සියල්ලක් අසා සිටිනවා වගේම සියල්ලක් ප්‍රශ්ණ කිරීමේ අයිතියද ඉතා වැදගත් බව මගේ අදහසයි.

    ReplyDelete
    Replies
    1. සතුටුයි. ස්තුතියි.... අපි මේ සංවාදය ඉදිරියට කරගෙන යමු.....

      Delete
  2. ශික් මොනවද මේ ලියන්නේ , ඕනම හරිය ලියලා නැනේ , හරිම කෘතිමයි , ඔයා ඕක අුැත්තටම උන විදිහ කියනකොට දහයක් පහලවක් අහගන හිටියා ඒ ඇස් දිහා බලාගන නෙමෙයිද ඒක කියුවේ

    ReplyDelete
    Replies
    1. ඉදිරි කොටසත් කියවන්න...හී..හීී ඊ ඉ.....

      Delete
  3. එහෙම කියන්නේ කොහොමද සර්. බලන්න අර ළමයා හොදට, ලස්සනට මිනිස් රූප ඇදල තියෙනවා. බලන්නකො .?. මෙයා ඇදල තියෙන ඒවයේ කැත. ඇහැ නෑ.. අත් කකුල් වෙන වෙන තැන්වල ..ඇයි සර් මෙයා ට කියල දුන්නේ නැද්ද හරියට අදින්න?“///

    හැමදේම හැමෝම

    ReplyDelete
    Replies
    1. ඊ ලග කොටසින් සර් දුන් උත්තරය කියවන්න....

      Delete