2015/12/03

ශාන්ත කේ හේරත්ගේ සතියේ කාටූන්



ශාන්ත කේ හේරත්ගේ සතියේ කාටූන්



                                                                         2012.06.16

2015/09/22

විරිතක් එක් වුණ පත්තිරුවක්





ශාන්ත කේ හේරත් දිවයින පුවත් පතේ කවි පුටුවේ කවියක් වෙනුවෙන් අඳින ලද චිත්‍රයකි. කවියෙන් මතුව එන රස සමග මුසුවන තෙළිතුඩක පහස විඳගනිමු.





කවියේත් තෙලිතුඩෙත් පහස ලැබූ පුවත් පත් කවි පිටුවක්. සිත්තමක්.

දිවයින පුවත් පතින් ස්කෑන් කර ලබා ගත්තකි.

2015/05/13

මම කලා කෘතියක්‌ ලෙස පිටුවක්‌ නිර්මාණය කළා




ශාන්ත කේ. හේරත් අප හඳුනාගන්නේ චිත්‍ර හා මූර්ති ශිල්පියකු වශයෙනි. දිවයින පුවත් පතට චිත්‍රශිල්පියකු ලෙස එක්‌වෙමින්පුවත්පත් කලාවේදියකු ද වූ ශාන්ත සිය වෘත්තිය ජීවිතයේ ද්විස්‌වරූපයකින් සිය සහෘරදයින් ආමන්ත්‍රණය කළේ නිර්මාණ ශිල්පියකුට කලාතුරකින් හිමිවන අවසථාවක්‌ උදාකරගනිමිනි. කෙසේ වුව ද සිය වෘත්තිය තුළ පුවත් පත් කලාව කලාවක්‌ ලෙස ම දකිමින් එහි පරමාදර්ශී ඉම් සොයා යන්නට ඔහු කළ මෙහෙවර අතිමහත් ය. ඒ මෙහෙවරෙහි නොයිඳුල් ඵලයකි "ලලිත". දෘෂ්‍ය කලාවත් පාඨකයාත් අතර පාලමක්‌ තැනීමට ශාන්ත දැරූ වෑයම "ලලිත" ලෙස කලක්‌ "දිවයින" පුවත් පතේ වේදිකාවක්‌ බවට පත් විය. කාලයාගේ ඇවෑමෙන් "ලලිත" අතිරේකයේ සොඳුරු මතකයන් අවදිකරන අරමුණින් යළි "දිවයින" පුවත් පතේ නිමවන ලලිත වේදිකාවට "ලලිත" නිssමැවුම්කරු කැදවා එන්නට අප දැරූ වෑයමයි මේ...

දක්‌ෂ කලා
(Fine Arts) සඳහාම වෙන් වූ පුවත්පත් අතිරේකයක්‌ ඉදිරිපත් කිරීමට කල්පනා කළේ ඇයි?

ලලිත වැනි පිටුවක අවශ්‍යතාව මට බරපතළ ලෙස දැනුණා. ඊට ප්‍රධාන හේතුව මම චිත්‍ර ශිල්පියෙක්‌ වීම. මම චිත්‍රශිල්පයට ආදරය කරන ගමන් එහි නියෑළෙන ගමන් මම කරන නිර්මාණ මගේ තෘප්තිය සඳහාම තබා ගන්නවාට වඩා ඒවා ජනතාව අතරට රැගෙන යැමේ වුවමනාවක්‌ ඇති වූනා. නිර්මාණ කිරීම එකක්‌. ඒවා මිනිසුන් අතරට ගෙන යැම තව එකක්‌. නිර්මාණ ශිල්පියකුට මේ දෙකම කිරීම අපහසු කාර්යයක්‌. මට මේ ස්‌ථාන දෙකේම භූමිකා තිබූ නිසා මම එය හඳුනා ගත්තා. ඒ හඳුනා ගැනීම හේතුවෙන් ලලිත වැනි පිටුවක්‌ කළ යුතුය කියන කාරණය මම කර්තෘවරු සමග සාකච්ඡා කළා. නමුත් එය කෙසේද කළ යුත්තේ ඊට අවස්‌ථාව ලබා ගන්නේ කොහොමද කියන කාරණා ගැන ගැටලු තිබුණා. අවසානයේ "දිවයින" හිටපු ප්‍රධාන කර්තෘ උපාලි තෙන්නකෝන් මහතා ඒ පිටුව ආරම්භ කරන්නැයි මට ආරාධනා කළා. මෙතැනදි උපාලි තෙන්නකෝන් මහතාට අවශ්‍යතාවක්‌ තිබුණා පරණ සාම්ප්‍රදායික පුවත්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රමය වෙනස්‌ කරන්න. හුරුවීම්, පුරුදුවීම්, ඇබ්බැහිවීම්වල කඳවුරු බැඳගෙන ඉන්න පිරිස වෙනස්‌ කරන්න. එය විශාල අභියෝගයක්‌. මේ අභියෝගය භාර ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නය මා ඉදිරියට ආවා. මා එය භාර ගත්තා. මේ අභියෝගය ජයගන්න මූලිකව එවකට උපාලි පුවත්පත් සමාගමේ සභාපතිනිය වූ ලක්‌මණි වෙල්ගම මහත්මියත් දෙවනුව නිමල් වෙල්ගම මහතාත් උදව් කළා. ඒ සඳහා අවශ්‍ය තාක්‌ෂණය, පර්යේෂණ පහසුකම් ආදී සියලු දේ ලබා දුන්නා.

මම කලා කෘතියක්‌ නිර්මාණය කරන ආකාරයට පිටුවක්‌ නිර්මාණය කිරීමට උත්සාහ කළා. ඒ වෙනකොට පරිගණක තාක්‌ෂණය සම්පූර්ණයෙන්ම අපට ලැබී තිබුණේ නැහැ. නමුත් ඒ පිළිබඳ පිටස්‌තරින් මා ලබා තිබූ දැනුම පාවිච්චි කරමින් පර්යේෂණ කරමින් පිටු හදන්න ගත්තා. එහි ප්‍රතිඵලයක්‌ ලෙස බදාදා අතිරේකය පිටු සැකසුම් අතින් සම්පූර්ණයෙන් වෙනස්‌ තැනකට ගෙන ඒමට අපි සමත් වූනා. ඒ ජයග්‍රහණය පිළිබඳ හොඳම උදාහරණය තමයි එහි පළවූ ඉතිහාසය පිsssළිබඳ ලිපියක්‌ කියෑවූ කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක්‌ අපේ කන්තෝරුවට ආවා. ඒ වෙනකොට මේ ලිපියේ කොටස්‌ පනස්‌ ගණනත් පළ වී අවසන්. ඔහු එහි මුල් කොටස්‌ ටික සොයාගෙනයි ආවේ. අපි ඔහුගෙන් විමසා සිටියා, දැන් ලිපියේ කොටස්‌ පනහකට වඩා පළ වෙලා. ඔබ මුලදී මේ ලිපිය දුටුවේ නැද්ද කියා. ඔහු කිව්වේ පත්තරේ මම බලනවා නමුත් මේ ලිපිය මීට කලින් කියවන්න ලැබුණේ නැහැ කියලා. මුලදී සාමාන්‍ය ක්‍රමයට අර ලිපිය පත්තර පිටුව පුරා එලලා තිබුණා. මිසක්‌ බැලූ බැල්මට ලිපිය ආකර්ෂණයට ලක්‌වන ලෙස ඉදිරිපත් කර තිබුණේ නැහැ. මම බදාදා අතිරේකයට විශේෂත්වයක්‌ හදා ගත්තා. ඇතුළෙ තියෙන හැම ලිපියක්‌ම වෙනස්‌ වෙලා ඇවිත් මුල් පිටුව සැකසෙන ආකාරයට. ඒ ඉදිරිපත් කිරීමේ ආකර්ෂණය අනුවයි. ඔහුට ඒ ලිපිය හමු වී තිබෙන්නේ ඉදිරිපත් කිරීමේ රටාවේ තිබෙන නිර්මාණශීලී ස්‌වභාවය මිනිසුන්ට කොයි විදිහට ද බලපාන්නේ කියන එකට ඉතා හොඳ උදාහරණයක්‌ ලෙස එය හඳුන්වන්න පුළුවන්. සාම්ප්‍රදායික ඉදිරිපත් කිරීම නරකයි කියනවා නොවේ. නමුත් සම්ප්‍රදාය නිර්මාණශීලීව භාවිත කරන්නේ කොහොමද කියන එක කලාවක්‌.

ඔය කාලයේදීම බදාදා අතිරේකයේ සාර්ථකත්වයත් එක්‌ක දෘෂ්‍ය කලා සඳහා සිංහල පුවත්පත්වල ඉඩ නැති වීම වළක්‌වන්න පිටුවක්‌ කරමු කියන සාකච්ඡාවට ඉඩකඩ ලැබුණා. නමුත් එය කරන්නේ කොහොමද කියන එක ගැන අපට අවබෝධයක්‌ තිබුණේ නැහැ. චිත්‍ර කලාව ගැන, ඉහළ කලාවන් ගැන යම් කෙනකුට ලියන්න කියලා කිව්වොත් ඔවුන් කියන්නේ අපිට මේක තේරෙන්නේ නෑ. දන්නේ නෑ, අපි මේක ඉගෙන ගෙන නෑ කියලා නමුත් මගේ මතයක්‌ තිබුණා ඉහළ කලාව හෝ පහළ කලාව හෝ කලාව කියන එක උපතින් මන්ද බුද්ධික හෝ අංග විකල වෙලා, ශාරීරික දුර්වලතාවක්‌ නැති හැම මනුෂ්‍යයකු තුළම අඩු වැඩි වශයෙන් තියෙනවා කියලා. ඒය මතුකර ගැනීම, උලුප්පා ගැනීමයි අපි කළ යුත්තේ මේ පිළිබඳ වෙනම පර්යේෂණ කරන්න, ඉගෙන ගන්න ආයතන නෑ. සාම්ප්‍රදායික පාසල් අධ්‍යාපනය ඇරුණහම සෞන්දර්ය විශ්වවිද්‍යාලය තියෙනවා. නමුත් ජාතික වශයෙන් විශාල වෙනස්‌කමක්‌ කළ හැකි බලපෑම් කළ හැකි ව්‍යqහයක්‌ ඒ තුළ නැහැ කියන එක අපි පිළිගන්නවා. ඒ තුළින් කිසියම් කාර්යභාරයක්‌ සිදු වෙනවා. එය අවතක්‌සේරු කරන්නේ නැහැ. නමුත් ප්‍රමාණවත් නැහැ.

උපාධිධාරියකු ලෙස, ඩිප්ලෝමාධාරියකු ලෙස කලායතනයෙන් පිටවුණු අය ගුරුවරු වෙලා. ශිල්පීන් වෙලා ඉන්නවා. නමුත් අද වනතුරා අපි මේ සාකච්ඡා කරන විෂය පිළිබඳ මුළු සමාජයක්‌ දැනුවත් වන කලාව පිළිබඳ රසය ජනතාව අතරට ගෙන යන කලාවේ නව ප්‍රවණතාවන් පිළිබඳ සාකච්ඡා වෙන කලාව පිළිබඳ විචාරය කරන සම්ප්‍රදායයක්‌ පිළිබඳ සාධක අපට සොයා ගන්න බෑ. ඒ අඩුව සම්පූර්ණ කරගන්න මේ පිටුව පාවිච්චි කරන්නේ කොහොමද කියන එක පිළිබඳවයි මම කල්පනා කරන්නේ. ලලිත කියන පිටුව වේදිකාවක්‌ ලෙස මෙහෙයවන්න මම උත්සාහ කළා. ඒ වේදිකාවේ තිරය ඇරියෙත් වැහුවෙත් මම.ඕනෑ වෙලාවක වේදිකාවට ගොඩ වෙන ලලිත කලාව පිළිබඳ ක්‍රියාත්මක වෙන කෙනකුට අපි අවස්‌ථාව දෙනවා. ඔහු ඉලක්‌ක කරලා ලයිට්‌ එක ගැහුවා. ඔහුට හඬක්‌ නඟන්න ඉඩක්‌ දුන්නා. ඒ පිළිබඳ සංවාද කරන්න පිටුවෙන් අවස්‌ථාව සලසා දුන්නා. ඒ අතරම පුවත්පතක පිටුවක්‌ තුළින් කොහොමද නිර්මාණශීලීව ජනතාව අතරට යන්නේ කියන එක ගැන අපට අනන්‍ය දෙයක්‌ සකස්‌ කර ගන්නේ කොහොමද කියන එක ගැන පරීක්‌ෂණ කළා. ඒ ආරම්භ කළ දේ වටිනාකම දැනගෙන එය නැති වී යන්න නොදී නැවත ආරම්භ කරනවා කියන එක මහා සතුටක්‌.

ඔබ පුවත්පත්වල ඉදිරිපත් කිරීම පිළිබඳ පර්යේෂණ කළ කාලයට සාපේක්‌ෂව අද පුවත්පත් කලාව තුළ භාවිත තාක්‌ෂණය ශීඝ්‍රයෙන් ඉදිරියට පැමිණ තිබෙනවා. නමුත් තාක්‌ෂණය භාවිතයේ දී යම් විනයක්‌ තිබිය යුතුයි නේද?

ලංකාවේ පුවත්පත් ගල් අච්චුවේ ගහන කාලේ ඉඳලාම විනය තිබුණා. ගල් අච්චුවේ ගහපු බාසුන්නැහේලා ළඟත් මේ විනය තිබුණා. නමුත් අවාසනාවකට තාක්‌ෂණය දියුණු වේගෙන එන්න එන්න මේ තත්ත්වය හෑල්ලු වුණා. ඒ විෂය භාවිත කළාට මදි, ඒ පිsළිබඳ අධ්‍යයනය කරලා ඉන් මතුවන දේ හඳුනා ගැනීමේ ඥනය ද අවශ්‍යයි. හඳුනා ගත්තත් මදි. ඒ හඳුනා ගත් දේ භාවිතයට සුදුසු පසුබිමකුත් ගොඩනැඟෙන්න ඕනෑ උදාහරණයකට ගල් තලාවක වී වපුරන්න බැහැ. ඒකට මඩ බිමක්‌ ඕනෑ. මඩ බිමක පොල් හිටුවන්න බැහැ. ගහ කුණු වෙනවා. ගොඩ ගොවිතැන මඩ ගොවිතැන ගැන අපේ ගොවියෝ හොඳට දැනගෙන හිටියා පුවත්පත ගොවි බිමක්‌. එහි වවන්නෝ පුවත්පත් කලාවේදියෝ.

දෘෂ්‍ය කලාව එහෙම නැත්නම් ෆයින් ආර්ට්‌ස්‌
(Fine Arts) කියූ විට එය යම් පිරිසකට ලඝූ වූ විෂයයක්‌ ලෙස හඳුනාගගැනීමක්‌ සිදු වෙනවා. නමුත් මේ විෂය පොදු කොට සමාජයට ගෙන යන්නේ කොහොමද?

මම චිත්‍ර ශිල්පියකුගේ මට්‌ටමේ හිඳිමින් හෝ ඉහළ රසිකත්වයක්‌ තිබෙන කෙනකුගේ මට්‌ටමින් නොවේ මේ පිටුව මෙහෙයවූයේ. සාමාන්‍ය ජනතාවගේ මට්‌ටමේ ඉඳගෙන. ඔවුන් තර්කානුකූලව කියනවා ශාන්ත කේ. හේරත් ඇඳපුවා අපට තේරෙන්නේ නැහැ කියලා. ඔවුන්ගේ ඒ ප්‍රශ්නය වැඩි පිරිසකගේ ප්‍රශ්නයක්‌. එබඳු දෙයක්‌ මං දිගින් දිගටම කරගෙන යැම තුළ මම මහා ගුප්ත තත්ත්වයකට පත් වෙනවා. මම මේක කරන්නේ මිනිසුන් සඳහා නම් ඔවුන්ගේ රසඥතාව ඉහළට ගෙන ඒම සඳහා නම් මම කරන්න ඕනෑ ඔවුන්ට එය තේරුම් ගැනීමට අවස්‌ථාවක්‌ සලසා දීම. තුළින් මගේ නිර්මාණය සමග සබඳතාවක්‌ ගොඩනඟා දීම. එය නිර්මාණ ශිල්පියාට කරන්න බැරිවෙන්න පුළුවන්. ඔහු ඒ සඳහා වෙහෙස වීම නිර්මාණකරණයට බාධාවක්‌. විචාරකයෝ පුවත්පත් කලාවේදියෝ ඇති වෙන්නේ ඒ අවශ්‍යතාවට යි. මේ හරහා ගැලරියට මිනිස්‌සු ගෙන්න ගන්න, චිත්‍ර මිනිස්‌සු අතරට ගෙන යන්න හැකි වෙන්න ඕනෑ. ඒ සබඳතා තුළින් ගොඩනැඟෙන ප්‍රතිඵල පිළිබඳ කතා බහක්‌ ඇති විය යුතුයි.

මෙතැනටම තවත් දෙයක්‌ අවධාරණය කළ යුතුයි. අපිට බැහැ කලා කෘතියක්‌ පත්තර පිටුවකින් පෙන්වන්න. අපි කරන්නේ කිසියම් විචාරාත්මක මඟ පෙන්වීමක්‌ පමණයි. යම් කලා කෘතියක්‌ පිළිබඳ මේ පිටුවෙන් බලලා අවසන් වෙනවා නම් එය අසාර්ථකයි. අපි මේකෙන් කරන්නේ සංඥවක්‌ දීම. මෙන්න මේ වගේ දෙයක්‌ අහවල් තැන තියෙනවා. ඒක මේ විදිහට රසවිඳින්න පුළුවන්. ගිහින් රසවිඳින්න කියන මඟ පෙන්වීමයි. අපි කළ යුත්තේ. පන්සලකින් වෙන්නෙ නිවන් මාර්ගයට මඟ පෙන්වීමක්‌ පමණයි. මේකත් පන්සලක්‌.

නිරෝෂන් හැඳලගේ
විචිත්‍ර වනිගනෙත්ති

උපුටා ගැනීම
දිවයින

2015/04/29

නිර්මාණකරුවාට කොතැනකවත් නිදහසක් නෑ



වසර
1981 අවසාන භාගය. ස්ථානය දිවයින පුවත්පත් කාර්යාලය. මෙම පුවත්පත සහා සිතුවම් කලාවෙන් දායකත්වය සැපයූ පුද්ගලයා නිරන්තරයෙන් උත්සාහ කළේ තමන්ගේ සිතුවම් බද්ධ කර ගන්නා සෑම ක්‍ෂෙත‍්‍රයක ම කිසියම් වෙනසක් ඇතිකිරීම යි. මෙම සිද්ධිය වූ දිනයේ ද ඔහු, ඉරිදා දිවයින පුවත්පතේ කතුවරයා තමන් අතට පත්කළ කෙටිකතාවක් වෙනුවෙන් සිතුවමක් නිර්මාණය කළේ ය. එය කතුවරයා අතට පත්කළ ඔහු වෙනත් කාර්යයක නිරත විය. කතුවරයා මෙම සිතුවමත් රැගෙන ප‍්‍රධාන කර්තෘ වෙත නික්ම ගියේ ය.
එකී සිතුවම නරඹමින් කතුවරයා සහ ප‍්‍රධාන කර්තෘ බරපතල සාකච්ඡුාවක නිරත වන බව චිත‍්‍ර ශිල්පියාට දක්නට ලැබිණි. එතේ ඔහු එය තුට්ටුවකටවත් මායිම් නොකරමින් ම තම කාර්යයෙහි නිරත විය. මඳ වේලාවකින් තමා මුණගැසෙන ලෙස දන්වමින් ප‍්‍රධාන කර්තෘගෙන් ඔහුට ඇමතුමක් ලැබිණි. තරමක චංචල බවකින් යුතුව වුව ද ඔහු ප‍්‍රධාන කර්තෘ වෙත පියනැගුවේ ය. කතුවරයා ද මෙම අවස්ථාවේ ඔහු සමඟ ම රැඳී සිටියේ ය.
 ‘‘අයිෂෙ, මොකක් මේ චිත්‍රෙ? බලනවකො... මේකෙ මේ චරිතෙ හරිම කාමුකයිනෙ. බැරිද මේක ටිකක් ප‍්‍රසන්න විදියට අඳින්න’’ ප‍්‍රධාන කර්තා සිය හඬ අවදි කළේ ඉතාමත් අප‍්‍රසන්න ආකාරයකට ය.
‘‘සර්... මේ කෙටිකතාව කියෙව්වම මට මේ චරිතය දැනුනෙ මේ විදියට. ඒ නිසා තමයි මේ විදියට ඇන්ඳෙ ඔහු ප‍්‍රධාන කර්තෘට පිළිතුරු දුන්නේ පරාජය පිළිගැනිමට නොහැකි බවට ඉඟියක් සපයමිනි.
‘‘හරි... තමුසෙ කියන්නෙ මේ මිනිහ මේ විදියයි කියල මේකෙ සටහන් වෙලා තියනවද?’’ ප‍්‍රධාන කතුවරයා ද තම නිල බලය යොදමින් චිත‍්‍ර ශිල්පියා මැඩලන්නට උත්සාහ කළේ ය.
‘‘නෑ සර්... එහෙම ම නෑ. නමුත් නිසි අවධානයකින් යුතුව කතාව කියෙව්වම මේ වගේ චරිතයක් තමයි මැවෙන්නෙ.’’ චිත‍්‍ර ශිල්පියා ද තම උත්සාහය අත්හරින්නට අකමැති විය.
‘‘හරි... එහෙනම් ඔය කතාව ටිකක් කියවනවකො.’‘ ප‍්‍රධාන කර්තෘ මෙතෙක් අසුන්ගෙන සිටි ඉරියව් වෙනස් කරමින් කතාවට සවන් දිමට සූදානම් විය.
‘‘සර්... කතාව ටිකක් අහලනම් මේක තේරුම් ගන්න අමාරුයි. මම සම්පුර්ණ කතාව කියවන්නම්. සර් අහගෙන ඉන්න.’’ චිත‍්‍ර ශිල්පියා ප‍්‍රධාන කර්තෘව තම මතයට නම්මවාගන්නට උත්සාහ දැරී ය. එය සඵල විය.
‘‘හරි හරි... එහෙනම් කියවනවකො බලන්න.’’ ප‍්‍රධාන කර්තෘ නම්‍යශිලි විය.
චිත‍්‍ර ශිල්පියා කතාව කියවාගෙන ගියේ ය. ඔහු කතාවේ අඩක් නිම කිරිමටත් ප‍්‍රථම: ‘‘හරිනෙ අයිෂෙ... මේ ඉන්නෙ ඔය මිනිහ නේන්නම්. මටයි වැරදුණේ. හරි හරි ... දිගටම ඔය විදියට කරගෙන යනව.’’ ප‍්‍රධාන කර්තෘ චිත‍්‍ර ශිල්පියාගේ අදහස පිළිගනිමින් පැවසුවේ ය.
තමාගේ අදහස ජයග‍්‍රහණය කිරීම සම්බන්ධයෙන් ඔහු මෙන් ම පුවත්පතේ කතුවරයා ද සොම්නසට පත්විය.

එදා පුවත්පත් සඳහා බද්ධ කරනු ලබන චිත‍්‍රයේ වෙනසක් කළ ඔහු චිත‍්‍ර ශිල්පියෙක් මතු නොව: කාටුන් ශිල්පියෙකි, මූර්ති ශිල්පියෙකි, ජනමාධ්‍ය වේදියෙකි. එපමණක් නොව වර්තමානයේ ඔහු දක්‍ෂ පිටු සැලසුම් ශිල්පියෙකි.ඔහු ශාන්ත කේ. හේරත්..


 ‘‘මට චිත‍්‍රකලාව කියන විෂය නොතේරෙන කාලෙත් මම චිත‍්‍ර ඇන්දා. ඒව අඳින්න නිශ්චිත තැනක් තිබුණෙවත් නෑ. දොරවල්වල, බිත්තිවල, කඩදාසිවල සහ මිදුලෙ හැම තැනක ම චිත‍්‍ර ඇන්දා. චිත‍්‍ර ඇඳීම නිසා ම පන්ති කාමරය ඇතුළෙ නායකත්වයක් ලැබුණා. වයසින් මෝරා වැඩෙද්දි පාසලටත් මේක බලපෑවා. මගේ හැකියාවන් දැකපු ගුරුවරු කිව්වෙ හේවුඞ් ගියොත් හොඳයි කියල. මමත් ඒ ඉලක්කය වෙත යන්න උත්සාහ කළා. නමුත් එවකට තිබුණ තාක්‍ෂණික ක‍්‍රම හේතුවෙන් එය ගිලිහී ගියා.
මෙය තේරුම් ගන්න තරමක් අපහසුයි නේද? ඒ නිසා මා ඒ පිළිබඳව පැහැදිලි කරන ලෙස ශාන්තගෙන් ඉල්ලා සිටියා.


‘‘මෙහෙමයි... එවකට රජයේ කලායතනයට (හේවුඞ්) සිසුන් බඳවා ගත්තෙ අ. පො. ස. (සා. පෙ.) විභාගයෙන් චිත‍්‍ර විෂයට සම්මාන සමාර්ථයක් සහ වීජ ගණිත විෂය සමත් වූ අය යි. මා ඒ සුදුසුකම් සමුපූර්ණ කරන අවධිය වෙද්දි රජයේ කලායතනය (හේවුඞ්) සෞන්දර්යයවිශ්වවිද්‍යාලය බවට පරිවර්තනය වුණා. ආයතනයට ඇතුළත් වීමට මූලික සුදුසුකම වුණේ  අ. පො. ස. (උ. පෙ.) විෂයන් තුනක් සමත්වීම සහ චිත‍්‍ර විෂය සමත් වීම. අවාසනාවට එම වර්ෂයේ උසස් පෙළ සඳහා චිත‍්‍ර විෂය හැදෑරූ ළමුන් ලංකාවෙ හිටියෙ නෑ. ඒ නිසා ආයතනයේ පැවැත්ම සඳහා අතුළත් කිරීමේ සුදුසුකම් සහ ක‍්‍රමවේද ආයතන පරිපාලන ක‍්‍රමයට ගැලපෙන අයුරින් වෙනස් කළා. එම ක‍්‍රමවේදය ආයතන නීතියට ගැලපුනාට ඒ අදාළ වර්ෂයේ දක්‍ෂතා දැක්වූ සිසුන්ගේ අභිවෘධියට හේතු වුණා කියල මම විශ්වාස කරන්නේ නැහැ. නමුත් ඊට පසු වර්ෂයේ උසස් පෙළ චිත‍්‍ර සමඟ විෂයයන් තුනක් සමඟ සමත් වී, ඇතුළත් වීමේ පරීක්‍ෂණයට ඉදිරිපත් වන විට ඇතුළත් වීමේ ක‍්‍රමවේදය තව දුරටත් වෙනස් වෙලා කඩුල්ල තවත් ඉහළ ගිහින් තිබුණා. වාසනාවට හෝ අවාසනාවට ඒ වන විට මා දිවයින පුවත්පතේ ස්ථිර චිත‍්‍ර ශිල්පියකු ලෙස රැකියාවේ නිරත වෙමින් හිටියා. නැවත විභාගය වෙනුවෙන් යොමු වෙනවාට වඩා මගේ සිත යොමු වුණේ වෘත්තීය චිත‍්‍ර ශිල්පියකු වීමේ ප‍්‍රායෝගික මාර්ග සොයා යාම සඳහා යි.
එදා නීතිය, තර්කය සහ අධ්‍යාපන ක‍්‍රමවේදය හරි ද වැරදි ද යන්න විග‍්‍රහ කරන්න මම පෙළඹෙන්නෙ නැහැ. නමුත් එහි විශාල වරදක් තිබුණ බව මම අදත් පිළිගන්නවා. ඒක මගේ පුද්ගලික ප‍්‍රශ්නයක් ලෙස සලකනවට මම අකමැතියි. එය ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන ක‍්‍රමවේදයේ තිබුණ සහ තිබෙන විශාල ගැටලූවක්.’’

නමුත් ඔබ මේ වන විට ප‍්‍රවීන චිත‍්‍ර ශිල්පියෙක්?
‘‘මගේ ඇකඩමිය සහ මගේ විශ්වවිද්‍යාලය උපාලි පුවත්පත් සමාගම: දිවයිනපුවත්පත් සමාගම. දිවයින පුවත්පතට සම්බන්ධ වෙන්න කලින් පාසල් අවධියේ දී ම සිත්තර’, ‘සතුට’, ‘සුහද’, ‘මිහිර’, සහ ටිකිරිපුවත්පත්වලට චිත‍්‍ර ඇන්දා. විජය පුවත්පත් සමාගමේ ලංකාදීපපුවත්පතටත් චිත‍්‍ර ඇන්දා. දිවයිනට සම්බන්ධ වෙන්නෙ එහි ආරම්භයේ දී ම යි.

මේ චිත‍්‍ර ශිල්පියා අද චිත‍්‍ර කලාවේ විවිධ මානයන් තුළින් නොයෙක් දක්‍ෂතා දක්වන්නෙක් බවට පත්වෙලා. තමන්ගේ දුෂ්කර ගමන් මඟ හෙළි පෙහෙළිකරගත් ආකාරය පිළිබඳ ඔහු තම අදස් දක්වමින්...


‘‘පාසල් සමයේ චිත‍්‍ර ඇඳීමට පමණක් සීමා නොවී බිත්ති පුවත්පතක් සංස්කරණය කළා. පාසලේ වසරක් පාසා ප‍්‍රකාශයට පත් කළ සඟරාවේ සංස්කාරක ධූරය දැරුවා. මේ කිසිවක් මම ඉල්ලා සිටියේ නෑ. නමුත් විෂයට අදාළ ගුරුවරයා තමයි මාව එතනට තල්ලූ කළේ. එදා මට ඒ පිළිබඳ ව න්‍යායික දැනුමක් තිබුනෙ නෑ. මම කළේ ගුරුවරයාගේ උපදෙස් මත ඒ හැම දෙයක් ම වෙනස් ක‍්‍රමයකට අත්හදා බැලීම පමණයි. එය හැම විට ම සාර්ථක වුණා. පුවත්පතේ සේවය කරන කාලය අතරතුර විසිවන සියවසේ ලංකාවේ පහළ වූ විශිෂ්ටත ම සෞන්දර්ය ගුරු දෙපළක් වූ ස්ටැන්ලි අබේසිංහ මහතා සහ එච්. ඒ. කරුණාරත්න මහතාගෙන් විෂයය පිළිබඳ පුළුල් දැනුමක් ලබාගත්තා. ඔවුන් දෙදෙනා හුදු සිත්තරුන් පමණක් නොවෙයි, ඔවුන් තමයි සෞන්දර්ය ආයතන සම්ප‍්‍රදායේ ප‍්‍රධාන ම ප‍්‍රකාශන දෙක. එහි ප‍්‍රධාන ම කුලූනු දෙකත් ඒ පෙළ යි.
ඊට අමතර ව කොළඹ කේන්‍ද්‍ර කොට ගත් දක්‍ෂ චිත‍්‍ර ශිල්පීන් වූ ජගත් වීරසිංහ, කිංස්ලි ගුණතිලක සහ චන්‍ද්‍රගුප්ත තේනුවරයන මහත්වරුන් මගේ මිත‍්‍රයින් බවට පත්වුණා. දයාසේන ගුණසිංහ සහ එඞ්මන් රණසිංහ යන දැවැන්ත පත‍්‍ර කලාවේදීන්ගේ මඟ පෙන්වීම යටතේ පුවත් පත් කලාව ඉගෙන ගත්තා.’’
අද මේ මොහොතේ ශාන්ත නියැලි සිටින්නේ චිත‍්‍ර ශිල්පියෙක් එහෙමත් නැත්නම් කාටුන් ශිල්පියෙක් හෝ මාධ්‍යවේදියෙක් යන මාධ්‍යයන් තුනට ම වඩා වෙනස් මාධයයක. මේක හැමෝට ම කරන්න පුළුවන් කාර්යයක් නොවෙයි. මේ අභියෝගය ජයගත හැකි වූයේ කෙසේ ද යන්න පිළිබඳව අදහස් දක්වමිනන් ...


‘‘ඇත්තට ම පත්තරේක චිත‍්‍ර කලාව සිමා සහිතයි. මෙය හඳුන්වන්නේ ව්‍යවහාරික චිත‍්‍ර කලාව වශයෙන්. ලංකාවේ මහා සම්ප‍්‍රදායේ චිත‍්‍ර ශිල්පින් අදහස් කරන්නේ මෙය බාල වර්ගයේ කොටසක් විදියට. නමුත් ලෝකයේ තත්ත්වය මීට වඩා හුඟක් වෙනස් ඒ නිසා මා උත්සාහ කළා මේ ක්‍ෂෙත‍්‍රයේ ඉහළට යන්න. මේ ගමනෙදි අපිට විවිධ තල නියෝජනය කරන අය සමඟ ගැටෙන්න සිද්ධ වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් කාටුනය පවා කොටස් කළ හැකියි. තීරු කාටුන්යනුවෙන් අදහස් කරන්නේ එක කොටසක්. පුද්ගයකුගේ රූපයට රූපයකට වෙනත් අරුතක් දීමවෙනත් කොටසක්. දේශපාලන කාටුනයතවත් කොටසක්. පොකට් කාටුන්තවත් කොටසක්. මේ සියල්ලගේ ගුණය ඒ ආකාරයෙන් ම තබාගෙන කොහොමද ඒ ඒ තලයන් සමඟ බද්ධ කරන්නේ කියන ගැටලූව ජයග‍්‍රහණය කිරිම පහසු නැහැ. කෙටිකතාව, නවකතාව, කවිය, විශේෂාංග ලිපි, චිත‍්‍රකතා සහ දේශපාලන කාටුන් ආදිය සඳහා බද්ධ වෙද්දි විවිධ හැඩ තලයන් භාවිතා කරන්න වෙනවා. පිටු සැලසුම් ශිල්පයත් මේ හැදෑරීමේ ම දිගුවක් විදියටයි මා සලකන්නේ. මා කලින් සඳහන් කළ පරිදි පාසලේ බිත්ති පුවත්පතේ පිටු සැලසුම් කළේ දැනගෙන නොවෙයි. නමුත් එදා එය විශේෂත්වයකට පත්වුණා. ඒ ක‍්‍රමෝපායන් දිගින් දිගට ම වෙනසකට භාජනය කිරීම තුළින් ලැබූ අත් දැකීම් සමූහයේ ප‍්‍රතිඵලය තමයි අද එළි දක්වා තිබෙන්නේ.’’
පරිගණක තාක්‍ෂණය පැමිණීමට පෙර පුවත් පත්වල පිටු සැලසුම් ශිල්පය පැවතියා. එය අවලක්‍ෂණ වුණෙත් නෑ. නමුත් අද පරිගණකය භාවිතා කරමින් නිර්මාණය කරනු ලබන පිටු සැලසුම් පවා දුර්වල මට්ටමකපවතිනවා. මේ සඳහා බලපාන විවිධ හේතූන් පිළිබඳ ශාන්ත දරන්නේ මෙබඳු අදහසක්.


‘‘බොහෝ විට මේ කාරණයට වගකිව යුත්තේ පිටු සැලසුම් ශිල්පියා නොවෙයි. විශේෂයෙන් ම පුවත් පත් ආයතනය තුළ ප‍්‍රධාන කර්තෘ හිතන්නේ ඔහුට අවශ්‍ය ආකාරයට සියල්ල සිදු විය යුතු බව යි. ඉහළ ම පරිපාලකයා හිතන්නේ ඔහුට අවශ්‍ය ආකාරයටයි සියල්ල සිදු විය යුත්තේ කියල. නමුත් මෙය සම්පූර්ණයෙන් ම බැහැර කළ යුතු ක‍්‍රමවේදයක්. බොහොම කලාතුරකින් කෙනෙක් ඉන්න පුළුවන් මේ පිළිබඳ ව දැනුම තිබෙන. නමුත් බහුතරයකට මේ දැනුම නෑ. ඔවුන් අත්හළ යුතු පැරණි දේවත් අත් හරින්න කැමති නෑ.
පොල් ගහක අත්තක් වැටෙන එක ගහට යහපතක් මිසඅයහපතක් වෙන්නෙ නෑ. වියළි පොල් ගෙඩිය ගහෙන් ගිලිහුණාට ඒක ගහට ලාබයක් මිස පාඩුවක් වෙන්නෙ නෑ. නමුත් ගහේ පොල් මල පීදීමට කලින් කැපීම හෝ ගොක් අත්ත කැපීම ගහට පාඩුවක්. මේ සිද්ධාන්තය තේරුම් ගන්නවානම් මෙවැනි අපහසුතාවන් ඇතිවෙන්නෙ නෑ.’’
මේක මගේ අතුරු ප‍්‍රශ්නයක්. මෙය නිර්මාණකරුවාගේ නිදහස පිළිබඳ ප‍්‍රශ්නයක් ද?

‘‘නිර්මාණකරුවාට කොතනකවත් නිදහසක් නෑ.  ඕනැම ආයතනයක් පවතින්නෙ කිසියම් නීති පද්ධතියක් තුළ. නමුත් පාලන තන්ත‍්‍රය, කර්තෘ මණ්ඩලය, පරිගණක ශිල්පින් මෙහි දි තම තමන්ගේ අභිමතය පමණක් ඉස්මතු නො කර පොදු එකඟතාවකට පැමිණිය යුතුයි. මොකද මේක ටීම් වර්ක්එකක්. අශ්ව රේස් එකක් නොවෙයි. එකෙක් පරයා අනෙකා යන්න උත්සාහ කරොත් අවසාන ප‍්‍රතිඵලය ඉතා ම නරක එකක් බවට පත්වෙන්න පුළුවන්.
මුද්‍රිත මාධ්‍යයේ එදා සහ අද තත්ත්වය පිළිබඳ විග‍්‍රහයකට පැමිණියොත්?


‘‘අද තාක්‍ෂණය ඉතාමත් ඉහළ මට්ටමක පවතිනවා. ඒ කොපමණ තාක්‍ෂණික දැණුම තිබුනත් ඵලක් වෙන්නෙ නෑ පුද්ගලයා නිර්මාණශිලි නැත්නම්. අලූතෙන් හිතන්න බැරිනම්. ඒ වගේ ම අලූතෙන් හිතන්න පසුගිය දේ හදාරා තිබිය යුතුයි. වැළඳ ගත යුත්තේ අවශ්‍ය දේ. අත් හළ යුත්තේ අනවශ්‍ය දේ. මේ අඩුව අද බහුලව දක්නට ලැබෙනවා. අනෙක් කාරණය තමයි... උපාධිය හෝ ඩිප්ලෝමාව ගත් පමණින් ආයතන ගතවෙන්න බෑ. පුද්ගලයෙක් කිසියම් ශිල්පයක් හදාරන්න පුළුවන්. නමුත් මේ ශිල්පය එක් එක් ආයතන තුළ ක‍්‍රියාත්මක වෙන්නේ එක් එක් ආකාරයට. නිර්මාණ ශිල්පියා මෙය තේරුම් ගත යුතුයි. නිර්මාණ ශිල්පියාව තේරුම් ගැනීම සඳහා ආයතනයට කාලයක් අවශ්‍ය වන්නා සේ ම ආයතනය තේරුම් ගැනිම සඳහා නිර්මාණ ශිල්පියා ද කාලයක් ගත කළ යුතුයි. ඉන් අනතුරුව තමයි දෙපාර්ශවයට ම එකඟතාවකට එන්න පුළුවන් වෙන්නේ. තමන්ගේ කෝවට ආයතනය දාගන්න හෝ ආයතනයේ කෝවට තමන් වැටීම අනතුරුදායක යි. මෙන්න මේ බාධකය ජය ගැනීම තමයි අභියෝගය.’’
සටහන ජයසිරි අලවත්ත


2015/04/27

මානව හිතවාදය මගේ චිත්‍රවල තේමාවයි


කොල්වින් සෙට්ටිනායක

ප්‍රතිභාසම්පන්න චිත්‍ර ශිල්පි කොල්වින් සෙට්ටිනායක ගේ 8 වැනි චිත්‍ර ප්‍රදර්ශනය පෙබරවාරි 3 වැනිදා කොළඹ ජාතික කලාභවනේදි ඇරඹෙයි.

ඔබේ පළමුවැනි චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වුණේ 1974 දී. මේ අවුරුදු තිස් අටටම ඔබ පවත්වා ඇත්තේ චිත්‍ර ප්‍රදර්ශන අටයි.

”මම විකුණන්න බලාගෙන, ජීවනෝපායක් විදියට හිතාගෙන චිත්‍ර අඳින ශිල්පියෙක් නෙමෙයි. අනික කිසියම් නිර්මාණයක් කරන්න අත්දැකීම්වලින් හිත පිරෙන්න ඕනැ. එතකම් මම ඉවසනවා. මේ චිත්‍ර ප්‍රදර්ශන අට ගැන මම තෘප්තිමත්. දවසක් අපේ ගෙදරට ප්‍රවීණ කලාකරුවකු වන තිලකරත්න කුරුවිට බණ්ඩාර ආවා.

ඔහු සාමාන්‍යයෙන් අපේ ගෙදර එන්නේ තුනපහ ටික පවා අරගෙන. ඔහු බය වුණා මං ඉන්න විදිය දැකලා. ඒ, මං අතරමං වෙයි කියලා හිතාගෙන. කොල්වින් ඔහොම ඉඳලා බැහැ; විකුණන්න බලාගෙනත් චිත්‍ර අඳින්න කියලා ඔහු මට කිව්වා. ඔහු එහෙම කිව්වේ මට තියෙන ආදරේට. ඒත් මං එතැනට ගියේ නැහැ. අදටත් මට චිත්‍ර අඳින්න කාමරයක් නැහැ. නිදන කාමරයේ ඉඳගෙන මම චිත්‍ර අඳින්නේ. වඩා වටින්නේ කාමරයක් නෙමෙයි, අඳින චිත්‍රෙයි.


මෙවර ඔබේ චිත්‍ර ප්‍රදර්ශනය විවෘත කරන්නෙත් තිලකරත්න කුරුවිට බණ්ඩාර. ඒ වගේම ඔබේ හැම චිත්‍ර ප්‍රදර්ශනයක් ම විවෘත කරලා තියෙන්නේ සම්භාවනීය මට්ටමේ කලාකරුවන්. නැතුව දේශපාලනඥයන්වත්, තානාපතිවරුන්වත් නෙමෙයි.


එකක්, මම ඒ කලාකරුවන්ට දක්වන අසීමිත ගෞරවය. අනික කිසිම ආණ්ඩුවකින් මට ලැබිච්ච දෙයක් නැහැ. අපි ආණ්ඩුවකින් යමක් ඉල්ලන එකත් එක අතකට වැරදියි. කලාකරුවන් වුණාම හිස කෙළින් තියාගෙන, කොන්ද කෙළින් තියාගෙන ඉන්න අපි දැන ගන්න ඕනැ.


ඔබ ශාස්ත්‍රාලීය (ACADAMIC) චිත්‍ර ශිල්පියෙක් නෙමෙයි. ඒ නිසා දෝ ඔබේ තියෙන්නෙ බොහෝම නිදහස් ආරක්.


මගේ ගුරුවරුන් වුණේ මම පය ගසාගෙන සිටින මේ සමාජයමයි. කාලයක් මම ‘ඇත්ත’ පත්තරේ වැඩ කළා. ඒක මට විශ්වවිද්‍යාලයක්. බී.ඒ. සිරිවර්ධන, සිරිලාල් කොඩිකාර.

ඒ අය තමයි මගෙ ගුරුවරු. මම ඉස්සර සයිමන් නවගත්තේගම එක්ක චිත්‍ර ප්‍රදර්ශන බලන්න යනවා. ඔය ස්ටැන්ලි අබේසිංහගේ චිත්‍ර ප්‍රදර්ශන වගේ. ඒ අයත් මගේ ගුරුවරු. සයිමන්ගේ ‘සුද්දිලාගේ කතාව‘ නවකතාව පිටවෙන්න කලින් මම ඒ කතාවෙන් චිත්‍ර කතාවක් ඇන්දා ‘ඇත්ත’ පත්තරේට.


මෙවර ප්‍රදර්ශනය ගැන විශේෂයෙන් යමක් කියන්න තියෙනවද?

මෙවර ප්‍රදර්ශනයට ඇතුළත් චිත්‍රවලට මම වෙනදට වඩා වැඩිපුර වර්ණ පාවිච්චි කරලා තියෙනවා. ඒක විශේෂත්වයක්.


විචාරකයන් ඔබව හඳුන්වන්න අපූරු යෙදුමක් භාවිතා කරනවා. ඒ ‘විරෝධකාල්පනිකයා’ යන්න.

”ඕක ප්‍රවීණ කලා විචාරකයකු වූ සිරිල් බී. පෙරේරා ගේ හැඳින්වීමක්. මගේ චිත්‍රවල කිසියම් සටන්කාමි බවක් තිබෙනව කියලා ඔහු කිව්වා. ඒත් මගේ තේමාව මානව හිතවාදය. විශේෂයෙන් පීඩාවට පත්වුණු මිනිසුන්, ගැහැනුන් මගේ නිර්මාණවල නිතරම දක්නට ලැබෙනවා.

තිලකරත්න කුරුවිට බණ්ඩාර කියලා තියෙනවා ඔබ ‘කවි සිතක් ඇති සිත්තරෙක්’ කියලා.

හැම ශිල්පියෙක් තුළම කවි සිතක් තියෙන්න ඕනැ. දැන් බලන්න මහගමසේකර. ඔහු කවියෙක්; චිත්‍ර ශිල්පියෙක්. ඔහුගේ සිත්තම්වල කාව්‍යත්මක බවක් තිබෙනවා; මමත් ඉඳහිට කවි ලියනවනේ.


ඔබ කැමැති චිත්‍ර ශිල්පීන් කවුද?

මම හුඟක් කැමැතියි ස්ටැන්ලි අබේසිංහගේ චිත්‍රවලට. මම කාලයක් එස්.එච්. සරත් ගේ චිත්‍රවලට කැමැතිව හිටියා. ඒත් දැන් මම ආසා නැහැ. ශාන්ත කේ. හේරත් පවා නාස්තිවෙන්න ගිහිං දැන් අයෙත් හරි මඟට වැටිලා තියෙනවා. මම ‘ඇත්ත’ පත්තරේ ඉද්දි කවුරුත් මට කිව්වෙ නැහැ, මේ විදියට චිත්‍ර අඳින්න කියලා. ඔවුන් කිව්වෙ නැහැ මට ‘කාටුන්’ අඳීන්න කියලා. මගේ නිදහසට ඔවුන් බාධා කළේ නැහැ.

උපුටා ගැනීම සිළුමිණ
http://www.silumina.lk/2012/01/29/_art.asp?fn=av12012917&p=1

2015/04/22

චිත්‍රකතාවේ නූතනවාදය හඳුන්වාදීම

චිත්‍රකතාවේ නූතනවාදය හඳුන්වාදීම


මීට අවුරුදු 25 කට විතර කලින් ගුණසේන පොත් සාප්පුවේදී මට අහම්බෙන් වගේ ඇස ගැටුණ පොතක් මා සුළු මුදලක් දී මිලට ගත්තා. පොතේ නම නූතන චිත්‍ර කලාවේ රසික සංකල්ප’. පොත ලියලා තිබුණේ කුලනාථ සේනාධීර කියලා කෙනෙක්. දවසක් ප්‍රවීණ චිත්‍ර ශිල්පී ශාන්ත කේ. හේරත් අපේ ගෙදර ආපු දවසක මම මේ පොත වඩාත් වටින්නේ ශාන්තට කියලා හිතලා ඔහුට තිළිණ කළා.


”මචං මං මේක හොය හොය හිටිය පොතක්. උඹට කොහොම ස්තුති කරන්නද මන්දා.”

ශාන්ත පොත අතට ගනිමින් කිව් හැටි මට මතකයි. ඒ පොත පසුගියදාක ‘විභවි’ ලලිත කලා ඇකඩමියෙන් නැවත පළකර තිබෙනවා.

මං පස්සේ කාලෙක කුලනාථ සේනාධීර ගැන ටිකක් හෙව්වා. ඔහු අපේ ගම්පළාතේ (මීගමුවේ) කෙනෙක් බවත් ඔහු පේරාදෙණි විශ්ව විද්‍යාලයේ ඉගෙනගද්දි මහාචාර්ය සිරි ගුනසිංහත් එක්ක එකතුවෙලා චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වපු බවත් මට දැනගන්න ලැබුණා.

ඇත්තටම චිත්‍ර කලාවේ නූතනවාදය ගැන සිංහලෙන් ලියැවුණු මුල්ම පොත මේ ‘නූතන චිත්‍ර කලාවේ රසික සංකල්ප’ කියන පොතයි. පෝල් ගොගෑන්, වින්සන්ට් වැන්ගෝ, උපස්ථිතිවාදය ගැන අපි මුලින්ම දැනගත්තේ මේ පොතෙන්.

කුලනාථගේ පරම්පරාවෙන් පස්සේ බිහිවුණු දක්ෂතම චිත්‍රකලා විචාරකයෙක් ලෙස හැඳින්විය හැකි එරික් ඉලයප්ආරච්චි (ඔහුත් මීගමු පුත්‍රයෙක්) තමන්ගේ ‘චිත්‍රකලාව සහ විචාරය’ පොත පිළිගැන්වා ඇත්තේ කුලනාථ සේනාධීරගේ ශ්‍රී නාමයට.

උපුටා ගැනීම
ලංකා කලා දිනපොත
http://lankaartdiary.blogspot.com

2015/03/26

ශාන්ත කේ හේරත්ගේ මූර්තියක් (Sculpture By Shantha K Herath)



ශාන්ත කේ හේරත් විසින් නිර්මාණය කල මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ මූර්තියක් (Sculpture Of  Martin Wickramasinghe By Shantha K Herath)


මාර්ටින් වික්‍රමසිංහ (1890 මැයි 29 - 1976 ජූලි 23) වැදගත් ශ්‍රී ලාංකික නවකතාකරුවෙකි, කෙටිකතාකරුවෙකි, විචාරකයෙකි, මාධ්‍යවේදියෙකි.

සිංහල යථාර්ථවාදී නවකතාවේ පුරෝගාමියා ලෙස සැලකෙන වික්‍රමසිංහ, දකුණු ශ්‍රී ලංකාවේ කොග්ගල ග්‍රාමයෙහි දී උපත ලැබී ය. ඔහු 'කොග්ගල ප්‍රාඥයා' යන අන්වර්ථ නාමයෙන් ද හඳුන්වනු ලබයි.

Life and Works of Martin Wickramasinghe

 

Martin Wickramasinghe was a novelist from Sri Lanka. He was born in the village of Koggala in 1890. When he was five he learned the Sinhala alphabet and the Devaganari script, being able to recite large portions of the Hitopadesha (a Sanskrit fables). He attended a vernacular school until 1897, after which he was sent to a school in Galle, where he became proficient in English and Latin. The main focus of his work was the culture and life of his country, exploring and applying modern knowledge in natural and social sciences, literature, linguistics, the arts, philosophy, education, and Buddhism and comparative religion to break through the surface of petty nationalism, and guide readers to the deep rooted common national identity that lies in the folk life and Sri Lanka culture.

2015/03/10

ශාන්තගේ සතියේ කාටුන් 2012.5.19

                                                                   



                                                                        2012.5.19

2015/02/11

A fresh look at Buddhist themes


 By Dee Cee 

 As a tiny tot, Shantha K. Herath would pick up a piece of chalk and draw on the bottom half of the doors of his house. Later he would climb on a chair and draw on the top half. When he realised the height was not enough, he would take the risk of climbing on to the top of the chair and reach the top of the door. His home folk considered him a nuisance, because he was spoiling the doors. However, his childhood interest has taken him far and today he is an accomplished painter.

Hailing from Medawala, close to Kandy, Herath was attracted to temple paintings from his young days. The Medawala Tanpita Viharaya was his village temple. 

He was fascinated by the work of the Kandyan artists. His interest in art made him study the paintings closely. In recent years Herath has been busy researching on how temple paintings would have progressed from the time of the Kandyan painters taking into account modern trends in painting. In the Kandyan era the accent was either on episodes from the Buddha's life or Jataka stories. Colourful paintings adorned temple walls. 

"Today the styles have changed and much progress has been made," says Herath. He believes the painters should try to give their own interpretations to the themes they select rather than merely record an incident from the life of the Buddha or relate a Jataka story.
Herath has done a series of paintings based on this new concept. The themes vary. The paintings portray his interpretation of popular Buddhist themes. These include renunciation, the defeat of Mara and the arrival of Buddhism. Herath has preferred to use pastel shades which are pleasing to the eye and suit the themes well.

2015/02/04

ළමා කතාවක චිත්‍ර
























ළමා කතාවක්‌ රසවත් වන්නේ
ප්‍රශ්න පිට ප්‍රශ්න මතුවෙන තරමටය
පිම්මයි-හෙමිනයි ළමා කතන්දර පොත ගැන අදහසක්‌

ඉන්ද්‍රා පුෂ්පාණි ජයවර්ධන
පිම්මයි - හෙමිනයි
කර්තෘ - නෙවිල් පෙරේරා
ප්‍රකාශනය - විසිදුනු

එකම රටාවකට ගලා යන අපේ ළමා සාහිත්‍යයට නව මංපෙතක්‌ පෙන්වා දෙන්නට ''පිම්මයි හෙමිනයි - ගජ යහළුවන්ගේ කතාව'' කෘතියෙන් උත්සාහ දරා ඇති බව පෙනේ. හැමදාම එකම ආකාරයේ ළමා කතා කියවා හෙම්බත්වී සිටින අපේ දරුවන්ට පිම්මයි - හෙමිනයි'' ඇත්තෙන්ම මාහැඟි නව නිර්මාණ කෘතියකි.

එහි ඇතුළත් කතාව සැකෙවින් මෙසේය. ''පිම්මයි හෙමිනයි'' දෙන්නා බොහොම ඉස්‌සර කාලයේ තරග දිවීමක්‌ පවත්වා, ඒ නිසාම මේ දක්‌වාම කතාබහට ලක්‌වී සිටින හාවාගේත් ඉබ්බාගේත් දරුවන් දෙදෙනාය. හාවාගේ පුතා ''පිම්මාය'' ඉබ්බාගේ පුතා ''හෙමිනාය'' මේ පුත්තු දෙන්නා ගජ යාළුවන් වන අතර තාත්තලා දෙන්නාගේ රේස්‌ එක නිසා අන්තිමේදී පාඩුව සිදු වූයේ දරුවන් දෙදෙනාටය. එම සිදුවීම නෙවිල් පෙරේරා කතුවරයා සිය කෘතියෙන් අපූරු සරල බස්‌ වහරකින් මෙසේ අප වෙත ඉදිරිපත් කරයි.

''පිම්මගෙ තාත්තා - හෙමිනගෙ තාත්තත් එක්‌ක ඔට්‌ටු දුවලා පැරදුනාට පස්‌සෙ සතියක්‌ම හැංගිලා හිටියා. එහෙම කළේ දන්න අඳුනන අයගෙ විහිළු තහළු මඟ අරින්න. අන්තිමේ, ලැඡ්ජාවෙන් ගැලවෙන්න හිතපු පිම්මගෙ තාත්තා තීරණය කළා පදිංචිය වෙනස්‌ කරන්න - හා පවුල කැලෑවේ දුර ඈත අලුත් පළාතක පදිංචියට ගියා. පාඩුව සිද්ද වුණේ යහළුවන් දෙන්නාට. පිම්මා ඉස්‌කෝලෙන් අස්‌වුණා. එදා යාළුවො දෙන්නගෙම ඇස්‌වල කඳුළු.''

හාවාගේත් ඉබ්බාගේත් රේස්‌ එකෙන් පසුව ඒ දෙන්නාට වුණේ මොනවා දැයි ඉතා කලාතුරෙකින් දරුවකුට දෙන්නකුට සිතුනා නම් විනා වැඩිහිටි අප අතින් නම් මෙතෙක්‌ කවදාවත් එවැනි පසු විපරමක්‌ සිදුවී නැත. නවක ළමා පොත් රචකයකු වන නෙවිල් පෙරේරා වෙසෙසින් සාකච්ඡාවට බඳුන් විය යුතු පුද්ගලයකු වන්නේ අපට නොසිතුන ඒ දේ සිතෙන්නට තරම් ඔහුගේ නිර්මාණාත්මක කල්පනා ශක්‌තිය පොහොසත් නිසාය.

මේ රසවත් කතාන්දරය q ගලා යන්නේ පිම්මාගේත් හෙමිනාගේත් වෙන්වීමෙන් අනතුරුව උදාවන කාල පරිඡේදය වෙතටය. කතාවට අනුව හදිසියේම කැලෑව පුරා දරුණු ලැව් ගින්නක්‌ පැතිරෙයි.

''පිම්මට යාළුවා මතක්‌ වුණා. පිම්මා හෙමිනා සොයාගෙන පිම්මේ දිව්වා. ඒ තමා පිම්මා වැඩිම වේගයන් දුවපු දවස.''

කතාවට අනුව පිම්මා මෙසේ කවදාවත් නොදුවපු වේගයකින් දුවන්නේ පුළුවන් තරම් ඉක්‌මනින් ලැව් ගින්න ගැන ආරංචිය හෙමිනාට දීමටය. හොඳ යාළුකමක හැටි එහෙමය.

''පණිවිඩේ කලින්ම දැනගත් නිසා ගින්නට හසු නොවී ගං ඉවුරට එන්න ඉබි පවුලට පුළුවන් වුණා.''

පිම්මාගේ සත් ක්‍රියාව නිසා හෙමින් ගමන් ඇති ඉබි පවුලට ජීවිත ගලවාගෙන කල් වේලා ඇතිවම ගං ඉවුරට ළං වීමට හැකිවූ අන්දම නෙවිල් පෙරේරා සිය කතාවේදී අපූරුවට විස්‌තර කර ඇත.

ළමා කතාවක්‌ රසවත් වන්නේ ප්‍රශ්න පිට ප්‍රශ්න මතුවෙන තරමටය. හැම මොහොතකම ගැටලු මතුවීමත් ඒ ගැටලුවලට වැඩිපුර කල් වේලා නොගොස්‌ විසඳුම් ලැබීමත් ළමා කතාවකට අත්‍යවශ්‍යය. මෙම ගජයාළුවන්ගේ කතාවේ ඊළඟ අදියර ද උභතෝකෝටික ප්‍රශ්නයකි. එහා කැලෑවට යාමට ගං ඉවුරට ළඟාවුවද හා පවුලේ කාටවත් පිහිනීමට නොහැක.

''ගිනි දලු ළඟ ළඟ එනවා. බේරෙන්න නම් එහා ඉවුරට යාගන්න ඕනෑ. දැන් මොකද කරන්නෙ?''

''අපේ පිට උඩ නගින්න. ගඟ හරහා පීනන්න අපට පුළුවනි.'' හෙමිනගෙ තාත්තා, හා පවුලෙ බය නැති කළා. හා පවුල පිට උඩ තියාගෙන ඉබි පවුල සෙමෙන් පරෙස්‌සමෙන් ගඟ හරහා පීනුවා. අනතුරක්‌ නැතිව එහා ඉවුරට ගොඩ බැස්‌සා.''

මෙහිදී දුකකදී කරදරයකදී එකිනෙකා තම තමන්ට පුළු පුළුවන් ආකාරයෙන් අනෙක්‌ අයට උදව් උපකාර කර ගැනීමේ මහඟු ගුණධර්මයේ අගය පිළිබඳ පණිවුඩය ව්‍යංගයෙන් තම ළමා පාඨකයන්ට තිළිණ කිරීමට ලේඛකයා සමත්වී ඇත.

''තරගයක දිනුම පැරදුම වගේ පොඩි දේකට නොහොඳ නෝක්‌කාඩු නොවන්න හිතට ගත්තු මේ අය හොඳ යාළුවන්ගෙ වටිනාකම ගැන අලුත් කතාවක්‌ කාටත් කියා දුන්නා.''

නෙවිල් පෙරේරා සැබැවින්ම නව නිර්මාණයක්‌ වන සිය අපූරු කතා පොඩිත්ත අවසන් කරන්නේ ඒ ආකාරයෙනි.

''පිම්මයි හෙමිනයි'' මෙම කතුවරයාගේ පළමු ළමා කෘතිය වන බැවින් එහි අපට පෙනී ගිය සුළු අඩුපාඩුවක්‌ද මේ අවස්‌ථාවේ පෙන්වා දීම යුතුකමකි. වත්මන් සමාජයේ සෑම සියලු කටයුත්තක්‌ම අතීතයේදීට වඩා ශීඝ්‍රයෙන්, අති ධාවනකාරී අන්දමින් සිදුවන බව නොරහසකි. එම තත්වය ක්‍රමයෙන් අපේ සිතිවිලිවලටද කාන්දු වීම වැලැක්‌විය හැකි නොවේ. විශේෂයෙන්ම දිගු කලෙක සිට ජර්මනිය වැනි කාර්මික රටක ජීවත්වන කතුවරයාට මෙම කාරණය වඩාත් තදින් බලපානු ඇති බවට කිසිදු සැකයක්‌ නැත. සමාජයීය වටපිටාවේ ඇති එම අහිතකර අති ධාවනකාරී බව මෙම කෘතියේ ලේඛන රටාවටද වරින් වර බලපා ඇති බව සමහර තැන්වලදී ඉස්‌මතුවී පෙනේ. ළමා කතාවක්‌ මෙගා ටෙලි නාට්‍යයක්‌ මෙන් ඉවරයක්‌ නැතිව දිගින් දිගට ඇදි ඇදී යැමක්‌ අවශ්‍ය නොවන බව සත්‍යයකි. එහෙත් දරුවන් සඳහා කතා කීරීමේදී අවශ්‍ය තැන් තෝරා බේරාගෙන ඒ තැන්වලදී තරමක්‌ විස්‌තරාත්මකව කරුණු දැක්‌වීමෙන් නිකම්ම කතාවක්‌ කියවා පොත පසෙකින් තබනවාට වඩා ළමයින් සිතන්නන් බවට පත් කිරීමට පසුබිමක්‌ සැකසෙන බව අපගේ හැඟීමයි. හෙට සාර්ථක නිර්මාණකරුවකු ලෙස ලෝකයට පාතබන්නේ අද එසේ ''සිතන්නකු'' බවට පත්වන දරුවෙකි. මේ අදහස ගැනද නෙවිල් පෙරේරාගේ අවධානය යොමුවන්නේ නම් ඔහු අතින් ඉදිරියේදී ලියවෙන ළමා කෘති මීටත් වඩා කතා රසයෙන් අනූන විය හැකි බව අපගේ විශ්වාසයයි.

ළමා කතන්දර පොතකට එහි ඇතුළත් වන චිත්‍ර ආභරණයකි. කතාවේ අදහස්‌ වඩාත් රසවත්ව ළමා සිත් තුළට කා වැද්දීමට එහි එන විවිධ සිත්ගන්නා අවස්‌ථාවන් චිත්‍රයට නගා ඉදිරිපත් කිරීම බොහෝ දුරට ඉවහල් වනවා පමණක්‌ නොව එම චිත්‍ර ඇඳීමද බෙහෙවින්ම අසීරු කටයුත්තකි. මෙම පිම්මයි හෙමිනයි ළමා කතන්දර පොතටද එහි ඇතුළත් චිත්‍ර ආභරණයක්‌ වී තිබීම සතුටට කරුණකි. මෙම කෘතියට චිත්‍ර නිර්මාණයෙන් දායකවී ඇත්තේ රාජ්‍ය සම්මාන ලාභී චිත්‍ර ශිල්පියෙකු වන ශාන්ත කේ. හේරත් විසිනි. කතාවට අනුරූප වන පරිදි පිම්මාත් හෙමිනාත් සතුටින් සෙල්ලම් කරන ආකාරය - යාලූවන් දෙන්නා පොත් බෑග් එල්ලාගෙන පාසල් යන්නට පිටත් වන අන්දම ඉබි ජෝඩුවත් - හා ජෝඩුවත් එකම මිදුලකටවී සතුටින් බලා සිටිනා ආකාරය - පීනන්නට බැරිව අමාරුවේ වැටුණ අවස්‌ථාවේ ඉබි පවුලේ උදවිය හා පවුලේ කට්‌ටිය තම පිටවල් උඩ තබාගෙන ගඟෙන් එතෙර කරවීම වැනි දරුවන්ගේ සිත් ගන්නා අවස්‌ථා බෙහෙවින් නිර්මාණාත්මක රූප මඟින් ඉදිරිපත් කිරීමට ශාන්ත කේ. හේරත් උත්සාහ දරා ඇත. එහෙත් පොතෙහි ඇතුළත් චිත්‍ර සම්බන්ධයෙන් පහත දැක්‌වෙන අදහස්‌ද නොසඟවා ඉදිරිපත් කිරීම යුතුකමක්‌ බව අපගේ හැඟීමය.

නවීන තාක්‍ෂණය අසීමිතව භාවිතයෙන් අපගේ ගීත සාහිත්‍යයට සිදුවී ඇති විනාශය ගැන අමුතුවෙන් කතා කළ යුතු නැත. චිත්‍ර ශිල්පයටද තැන නොතැන නොබලා ඒ ආකාරයට තාක්‍ෂණය මුසු වුවහොත් ඉහත කී අභාග්‍යමත් ඉරණමම අත්වනු ඇත. ශාන්ත කේ. හේරත් වැනි කලාතුරෙකින් රටකට උපදින දක්‍ෂ ශිල්පියකුගේ නිර්මාණාත්මක හැකියාවන් පරිගණකයක බොත්තමකින් යටපත් වන්නට යන්නේ නම් ඔහු එම උවදුරින් ගලවා ගැනීමට ඉදිරිපත්වීම පාඨකයින් හා රසිකයින් වශයෙන් අපගේ යුතුකමය. මන්ද යත් වෛද්‍ය විද්‍යාව - ඉංජිනේරු ශිල්පය හෝ නීතිඥ වෘත්තිය වැනි වෙනත් බොහෝ දේ මෙන් නිර්මාණාත්මක චිත්‍ර ශිල්පියකු වීමේ හැකියාව පොතපත පරිහරණයෙන් දැනුම ලබා විභාග සමත් වීමෙන් පමණක්‌ උරුම කරගත හැකි වෘත්තීය සුදුසු කමක්‌ නොවන නිසාය. කලාත්මක නිර්මාණ කිරීමට ඇති හැකියාව කෙනෙකුගේ උත්පත්තියේ සිට - ජාන වලින්ම - ඇඟේ ලේ වලට මුසුවී පූර්ව වාසනා ගුණය නිසාම පුද්ගලයකුට ලැබෙන අගනා ජීවන දායාදයක්‌ නිසා එය තාක්‍ෂණික මෙවලමකට යටපත් වීමට ඉඩ හැරීම කණා මැණිකට පයින් ගසා ගොස්‌ වෙන වෙන කුණු කන්දල් අතගෑමකට සමානය.

චිත්‍ර ශිල්පයත් ඒ සඳහා පරිගණක තාක්‍ෂණය භාවිතා කිරීමේ ක්‍රමවේදයත් එහි සීමාවන් ගැනත් මෙය ලියන මාවැනි බොහෝ දෙනෙකුට අවබෝධයක්‌ නැත. එහෙත් දඟ කලා ශිල්පියෙකුගේ අතින් අඳින ලද චිත්‍රයක ඇති සජීවී ප්‍රාණවත් බවත්, නිර්මාණ කුසලතාව හරි හැටි ඉස්‌මතු වීමට මඟ අවුරන පරිදි පරිගණක තාක්‍ෂණය මුසුවීම නිසා ජීවී ගුණය බාල වූ කෘත්‍රීම චිත්‍රයක ඇති ''ලේ හිඳුන'' ගතියත් වෙන් වෙන්ව හඳුනා ගත හැකි ''ඉවක්‌'' අපට ඇත.

වෘත්තීය චිත්‍ර ශිල්පියකු වන ශාන්ත කේ. හේරත්ට ඔහුගේ නිර්මාණවලදී නවීන තාක්‍ෂණය භාවිතය පිළිබඳව උපදෙස්‌ දීමට හෝ ඒ සඳහා සීමා මායිම් පැනවීමට අපට අයිතියක්‌ නැත. එහෙත් ළමා පොත් සඳහා චිත්‍ර ඇඳීමට සමත් සංවේදී චිත්‍ර ශිල්පීන්ගේ විශාල හිඟයක්‌ පවතින අපේ රටට සිටින දක්‍ෂ නිර්මාණ ශිල්පියකු වන ඔහු ගෙන්, පොත පත රස විඳීමට ආසා කරන සමස්‌ත දරු පරපුර වෙනුවෙන්ම අප විසින් මෙම ඉල්ලීම කළ යුතුය. මේ වන විට ජීවත් වීම උදෙසා හැම කෙනෙකුටම කාලය ඇතුළු තවත් බොහෝ දෑ සමඟ සටන් වැදීමට සිදුවී ඇතත් ළමා පොත් සඳහා චිත්‍ර නිර්මාණයේ දී පමණක්‌ වත් පරිගණක භාවිතයෙන් තොරව ශාන්ත තම සජීවී නිර්මාණාත්මක හැකියාව පමණක්‌ ප්‍රයෝජනයට ගන්නේ නම් එය දැයේ දූ දරුවන් උදෙසා ඔහුට දිය හැකි හොඳම දායාදයක්‌ වනු ඇත. .

2015/01/04

බුදු මඟ (Along with Loard Bhuddha)


ශාන්ත කේ හේරත් ගේ නිර්මාණයක්

සුමන සමන් දෙවියෝ ඒ නිල්මිණිවන් කෙස් කළඹ රන් සුමුගෙකින් පිළිගෙන බුදුරදුන් වැඩ සිටි දහම් අමාවැසි වැස් වූ බිම් රැවන් රැසක් අතුරා ඒ මත තබා ඉඳුනිල්වන ගලින් සත්රියන් උසැති සෑයක් බන්දා කේසධාතු නිදන් කොට පුද පෙරහැර දැක්වූහ.