වසර 1981 අවසාන භාගය. ස්ථානය දිවයින පුවත්පත් කාර්යාලය. මෙම පුවත්පත සඳහා සිතුවම් කලාවෙන් දායකත්වය සැපයූ පුද්ගලයා නිරන්තරයෙන් උත්සාහ කළේ තමන්ගේ සිතුවම් බද්ධ කර ගන්නා සෑම ක්‍ෂෙත‍්‍රයක ම කිසියම් වෙනසක් ඇතිකිරීම යි. මෙම සිද්ධිය වූ දිනයේ ද ඔහු, ඉරිදා දිවයින පුවත්පතේ කතුවරයා තමන් අතට පත්කළ කෙටිකතාවක් වෙනුවෙන් සිතුවමක් නිර්මාණය කළේ ය. එය කතුවරයා අතට පත්කළ ඔහු වෙනත් කාර්යයක නිරත විය. කතුවරයා මෙම සිතුවමත් රැගෙන ප‍්‍රධාන කර්තෘ වෙත නික්ම ගියේ ය.
එකී සිතුවම නරඹමින් කතුවරයා සහ ප‍්‍රධාන
කර්තෘ බරපතල සාකච්ඡුාවක නිරත වන බව චිත‍්‍ර ශිල්පියාට දක්නට ලැබිණි. එතේ ඔහු එය
තුට්ටුවකටවත් මායිම් නොකරමින් ම තම කාර්යයෙහි නිරත විය. මඳ වේලාවකින් තමා මුණගැසෙන ලෙස දන්වමින් ප‍්‍රධාන
කර්තෘගෙන් ඔහුට ඇමතුමක් ලැබිණි. තරමක චංචල බවකින් යුතුව වුව ද ඔහු ප‍්‍රධාන කර්තෘ
වෙත පියනැගුවේ ය. කතුවරයා ද මෙම අවස්ථාවේ ඔහු සමඟ ම රැඳී සිටියේ ය.
‘‘සර්... මේ කෙටිකතාව කියෙව්වම මට මේ
චරිතය දැනුනෙ මේ විදියට. ඒ නිසා තමයි මේ විදියට ඇන්ඳෙ ඔහු ප‍්‍රධාන කර්තෘට පිළිතුරු දුන්නේ පරාජය පිළිගැනිමට නොහැකි බවට ඉඟියක් සපයමිනි.
‘‘හරි... තමුසෙ කියන්නෙ මේ මිනිහ මේ
විදියයි කියල මේකෙ සටහන් වෙලා තියනවද?’’ ප‍්‍රධාන කතුවරයා ද තම නිල බලය යොදමින් චිත‍්‍ර ශිල්පියා මැඩලන්නට
උත්සාහ කළේ ය.
‘‘නෑ සර්... එහෙම ම නෑ. නමුත් නිසි
අවධානයකින් යුතුව කතාව කියෙව්වම මේ වගේ චරිතයක් තමයි මැවෙන්නෙ.’’ චිත‍්‍ර ශිල්පියා ද තම උත්සාහය අත්හරින්නට
අකමැති විය.
‘‘හරි... එහෙනම් ඔය කතාව ටිකක් කියවනවකො.’‘
ප‍්‍රධාන කර්තෘ මෙතෙක් අසුන්ගෙන සිටි ඉරියව්
වෙනස් කරමින් කතාවට සවන් දිමට සූදානම් විය.
‘‘සර්... කතාව ටිකක් අහලනම් මේක තේරුම්
ගන්න අමාරුයි. මම සම්පුර්ණ කතාව කියවන්නම්. සර් අහගෙන ඉන්න.’’ චිත‍්‍ර ශිල්පියා ප‍්‍රධාන කර්තෘව තම මතයට
නම්මවාගන්නට උත්සාහ දැරී ය. එය සඵල විය.
‘‘හරි හරි... එහෙනම් කියවනවකො බලන්න.’’
ප‍්‍රධාන කර්තෘ නම්‍යශිලි විය.
චිත‍්‍ර ශිල්පියා කතාව කියවාගෙන ගියේ
ය. ඔහු කතාවේ අඩක් නිම කිරිමටත් ප‍්‍රථම: ‘‘හරිනෙ අයිෂෙ... මේ ඉන්නෙ ඔය මිනිහ නේන්නම්. මටයි වැරදුණේ. හරි හරි
... දිගටම ඔය විදියට කරගෙන යනව.’’ ප‍්‍රධාන
කර්තෘ චිත‍්‍ර ශිල්පියාගේ අදහස පිළිගනිමින් පැවසුවේ ය.
තමාගේ අදහස ජයග‍්‍රහණය කිරීම
සම්බන්ධයෙන් ඔහු මෙන් ම පුවත්පතේ කතුවරයා ද සොම්නසට පත්විය.
එදා පුවත්පත් සඳහා බද්ධ කරනු ලබන චිත‍්‍රයේ වෙනසක් කළ ඔහු චිත‍්‍ර ශිල්පියෙක් මතු නොව: කාටුන් ශිල්පියෙකි, මූර්ති ශිල්පියෙකි, ජනමාධ්‍ය වේදියෙකි. එපමණක් නොව වර්තමානයේ ඔහු දක්‍ෂ පිටු සැලසුම් ශිල්පියෙකි. ඔහු ශාන්ත කේ. හේරත්..
එදා පුවත්පත් සඳහා බද්ධ කරනු ලබන චිත‍්‍රයේ වෙනසක් කළ ඔහු චිත‍්‍ර ශිල්පියෙක් මතු නොව: කාටුන් ශිල්පියෙකි, මූර්ති ශිල්පියෙකි, ජනමාධ්‍ය වේදියෙකි. එපමණක් නොව වර්තමානයේ ඔහු දක්‍ෂ පිටු සැලසුම් ශිල්පියෙකි.
‘‘මෙහෙමයි... එවකට රජයේ කලායතනයට
(හේවුඞ්) සිසුන් බඳවා ගත්තෙ අ. පො. ස. (සා. පෙ.)
විභාගයෙන් චිත‍්‍ර විෂයට සම්මාන සමාර්ථයක් සහ වීජ ගණිත විෂය සමත් වූ අය යි. මා ඒ
සුදුසුකම් සමුපූර්ණ කරන අවධිය වෙද්දි රජයේ කලායතනය (හේවුඞ්) සෞන්දර්යයවිශ්වවිද්‍යාලය
බවට පරිවර්තනය වුණා. ආයතනයට ඇතුළත් වීමට මූලික සුදුසුකම වුණේ අ. පො. ස. (උ. පෙ.) විෂයන් තුනක් සමත්වීම සහ
චිත‍්‍ර විෂය සමත් වීම. අවාසනාවට එම වර්ෂයේ උසස් පෙළ සඳහා චිත‍්‍ර විෂය හැදෑරූ ළමුන් ලංකාවෙ හිටියෙ නෑ. ඒ නිසා ආයතනයේ
පැවැත්ම සඳහා අතුළත් කිරීමේ සුදුසුකම් සහ ක‍්‍රමවේද
ආයතන පරිපාලන ක‍්‍රමයට ගැලපෙන අයුරින් වෙනස් කළා. එම ක‍්‍රමවේදය ආයතන නීතියට
ගැලපුනාට ඒ අදාළ වර්ෂයේ දක්‍ෂතා දැක්වූ සිසුන්ගේ අභිවෘධියට හේතු වුණා කියල මම
විශ්වාස කරන්නේ නැහැ. නමුත් ඊට පසු වර්ෂයේ උසස් පෙළ චිත‍්‍ර සමඟ විෂයයන් තුනක් සමඟ සමත් වී, ඇතුළත් වීමේ පරීක්‍ෂණයට ඉදිරිපත් වන
විට ඇතුළත් වීමේ ක‍්‍රමවේදය තව දුරටත් වෙනස් වෙලා කඩුල්ල තවත් ඉහළ ගිහින් තිබුණා.
වාසනාවට හෝ අවාසනාවට ඒ වන විට මා දිවයින පුවත්පතේ ස්ථිර චිත‍්‍ර ශිල්පියකු ලෙස
රැකියාවේ නිරත වෙමින් හිටියා. නැවත විභාගය වෙනුවෙන් යොමු වෙනවාට වඩා මගේ සිත යොමු
වුණේ වෘත්තීය චිත‍්‍ර ශිල්පියකු වීමේ ප‍්‍රායෝගික මාර්ග සොයා යාම සඳහා යි.
එදා නීතිය, තර්කය සහ අධ්‍යාපන ක‍්‍රමවේදය හරි ද වැරදි ද යන්න විග‍්‍රහ කරන්න මම
පෙළඹෙන්නෙ නැහැ. නමුත් එහි විශාල වරදක් තිබුණ බව මම අදත් පිළිගන්නවා. ඒක මගේ
පුද්ගලික ප‍්‍රශ්නයක් ලෙස සලකනවට මම අකමැතියි. එය ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන ක‍්‍රමවේදයේ
තිබුණ සහ තිබෙන විශාල ගැටලූවක්.’’ නමුත් ඔබ මේ වන විට ප‍්‍රවීන චිත‍්‍ර ශිල්පියෙක්?
‘‘මගේ ඇකඩමිය සහ මගේ විශ්වවිද්‍යාලය උපාලි පුවත්පත් සමාගම: ‘දිවයින’ පුවත්පත් සමාගම. දිවයින පුවත්පතට සම්බන්ධ වෙන්න කලින් පාසල් අවධියේ දී ම ‘සිත්තර’, ‘සතුට’, ‘සුහද’, ‘මිහිර’, සහ ‘ටිකිරි’ පුවත්පත්වලට චිත්ර ඇන්දා. විජය පුවත්පත් සමාගමේ ‘ලංකාදීප’ පුවත්පතටත් චිත්ර ඇන්දා. දිවයිනට සම්බන්ධ වෙන්නෙ එහි ආරම්භයේ දී ම යි.
මේ චිත‍්‍ර ශිල්පියා අද චිත‍්‍ර කලාවේ විවිධ මානයන් තුළින් නොයෙක් දක්‍ෂතා දක්වන්නෙක් බවට පත්වෙලා. තමන්ගේ දුෂ්කර ගමන් මඟ හෙළි පෙහෙළිකරගත් ආකාරය පිළිබඳ ඔහු තම අදස් දක්වමින්...
‘‘පාසල් සමයේ චිත‍්‍ර ඇඳීමට පමණක් සීමා නොවී බිත්ති පුවත්පතක්
සංස්කරණය කළා. පාසලේ වසරක් පාසා ප‍්‍රකාශයට පත් කළ සඟරාවේ සංස්කාරක ධූරය දැරුවා. මේ කිසිවක් මම ඉල්ලා සිටියේ නෑ. නමුත්
විෂයට අදාළ ගුරුවරයා තමයි මාව එතනට තල්ලූ කළේ. එදා මට ඒ පිළිබඳ ව න්‍යායික දැනුමක් තිබුනෙ නෑ. මම කළේ
ගුරුවරයාගේ උපදෙස් මත ඒ හැම දෙයක් ම වෙනස් ක‍්‍රමයකට අත්හදා බැලීම පමණයි. එය හැම
විට ම සාර්ථක වුණා. පුවත්පතේ සේවය කරන කාලය අතරතුර විසිවන සියවසේ ලංකාවේ පහළ වූ
විශිෂ්ටත ම සෞන්දර්ය ගුරු දෙපළක් වූ ස්ටැන්ලි අබේසිංහ මහතා සහ එච්. ඒ. කරුණාරත්න
මහතාගෙන් විෂයය පිළිබඳ පුළුල් දැනුමක් ලබාගත්තා. ඔවුන්
දෙදෙනා හුදු සිත්තරුන් පමණක් නොවෙයි, ඔවුන්
තමයි සෞන්දර්ය ආයතන සම්ප‍්‍රදායේ ප‍්‍රධාන ම ප‍්‍රකාශන දෙක. එහි ප‍්‍රධාන ම කුලූනු
දෙකත් ඒ පෙළ යි.
ඊට අමතර ව කොළඹ කේන්‍ද්‍ර කොට ගත් දක්‍ෂ
චිත‍්‍ර ශිල්පීන් වූ ජගත් වීරසිංහ, කිංස්ලි
ගුණතිලක සහ චන්‍ද්‍රගුප්ත තේනුවරයන මහත්වරුන් මගේ මිත‍්‍රයින් බවට පත්වුණා. දයාසේන
ගුණසිංහ සහ එඞ්මන් රණසිංහ යන දැවැන්ත පත‍්‍ර කලාවේදීන්ගේ මඟ පෙන්වීම යටතේ පුවත් පත් කලාව ඉගෙන ගත්තා.’’
අද මේ මොහොතේ ශාන්ත නියැලි සිටින්නේ
චිත‍්‍ර ශිල්පියෙක් එහෙමත් නැත්නම් කාටුන් ශිල්පියෙක් හෝ මාධ්‍යවේදියෙක් යන මාධ්‍යයන්
තුනට ම වඩා වෙනස් මාධයයක. මේක හැමෝට ම කරන්න පුළුවන් කාර්යයක් නොවෙයි. මේ අභියෝගය
ජයගත හැකි වූයේ කෙසේ ද යන්න පිළිබඳව
අදහස් දක්වමිනන් ...
‘‘ඇත්තට ම පත්තරේක චිත‍්‍ර කලාව සිමා
සහිතයි. මෙය හඳුන්වන්නේ ව්‍යවහාරික චිත‍්‍ර කලාව
වශයෙන්. ලංකාවේ මහා සම්ප‍්‍රදායේ චිත‍්‍ර ශිල්පින් අදහස් කරන්නේ මෙය බාල වර්ගයේ
කොටසක් විදියට. නමුත් ලෝකයේ තත්ත්වය මීට වඩා හුඟක් වෙනස් ඒ නිසා මා උත්සාහ කළා මේ ක්‍ෂෙත‍්‍රයේ ඉහළට යන්න. මේ
ගමනෙදි අපිට විවිධ තල නියෝජනය කරන අය සමඟ ගැටෙන්න සිද්ධ වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් කාටුනය පවා කොටස් කළ
හැකියි. ‘තීරු කාටුන්’ යනුවෙන් අදහස් කරන්නේ එක කොටසක්. ‘පුද්ගයකුගේ රූපයට රූපයකට වෙනත් අරුතක් දීම’ වෙනත් කොටසක්. ‘දේශපාලන කාටුනය’ තවත් කොටසක්. ‘පොකට් කාටුන්’ තවත් කොටසක්. මේ සියල්ලගේ ගුණය ඒ
ආකාරයෙන් ම තබාගෙන කොහොමද ඒ ඒ තලයන් සමඟ
බද්ධ කරන්නේ කියන ගැටලූව ජයග‍්‍රහණය කිරිම පහසු නැහැ. කෙටිකතාව, නවකතාව, කවිය, විශේෂාංග ලිපි, චිත‍්‍රකතා සහ දේශපාලන කාටුන් ආදිය සඳහා බද්ධ වෙද්දි විවිධ හැඩ තලයන් භාවිතා කරන්න
වෙනවා. පිටු සැලසුම් ශිල්පයත් මේ හැදෑරීමේ ම දිගුවක් විදියටයි මා සලකන්නේ. මා
කලින් සඳහන් කළ පරිදි පාසලේ බිත්ති පුවත්පතේ
පිටු සැලසුම් කළේ දැනගෙන නොවෙයි. නමුත් එදා එය විශේෂත්වයකට පත්වුණා. ඒ ක‍්‍රමෝපායන්
දිගින් දිගට ම වෙනසකට භාජනය කිරීම තුළින් ලැබූ අත් දැකීම් සමූහයේ ප‍්‍රතිඵලය තමයි
අද එළි දක්වා තිබෙන්නේ.’’
පරිගණක තාක්‍ෂණය පැමිණීමට පෙර පුවත්
පත්වල පිටු සැලසුම් ශිල්පය පැවතියා. එය අවලක්‍ෂණ වුණෙත් නෑ. නමුත් අද පරිගණකය
භාවිතා කරමින් නිර්මාණය කරනු ලබන පිටු සැලසුම් පවා දුර්වල මට්ටමකපවතිනවා. මේ සඳහා බලපාන විවිධ හේතූන් පිළිබඳ ශාන්ත දරන්නේ මෙබඳු අදහසක්.
‘‘බොහෝ විට මේ කාරණයට වගකිව යුත්තේ පිටු
සැලසුම් ශිල්පියා නොවෙයි. විශේෂයෙන් ම පුවත් පත් ආයතනය තුළ ප‍්‍රධාන කර්තෘ හිතන්නේ
ඔහුට අවශ්‍ය ආකාරයට සියල්ල සිදු විය යුතු බව යි. ඉහළ ම පරිපාලකයා හිතන්නේ ඔහුට
අවශ්‍ය ආකාරයටයි සියල්ල සිදු විය යුත්තේ කියල. නමුත් මෙය සම්පූර්ණයෙන් ම බැහැර කළ
යුතු ක‍්‍රමවේදයක්. බොහොම කලාතුරකින් කෙනෙක් ඉන්න පුළුවන් මේ පිළිබඳ ව දැනුම තිබෙන. නමුත් බහුතරයකට මේ දැනුම නෑ.
ඔවුන් අත්හළ යුතු පැරණි දේවත් අත් හරින්න කැමති නෑ.
පොල් ගහක අත්තක් වැටෙන එක ගහට යහපතක්
මිසඅයහපතක් වෙන්නෙ නෑ. වියළි පොල් ගෙඩිය ගහෙන් ගිලිහුණාට ඒක ගහට ලාබයක් මිස
පාඩුවක් වෙන්නෙ නෑ. නමුත් ගහේ පොල් මල පීදීමට කලින් කැපීම හෝ ගොක් අත්ත කැපීම ගහට
පාඩුවක්. මේ සිද්ධාන්තය තේරුම් ගන්නවානම් මෙවැනි අපහසුතාවන් ඇතිවෙන්නෙ නෑ.’’
මේක මගේ අතුරු ප‍්‍රශ්නයක්. මෙය
නිර්මාණකරුවාගේ නිදහස පිළිබඳ ප‍්‍රශ්නයක් ද?
‘‘නිර්මාණකරුවාට කොතනකවත් නිදහසක්
නෑ. ඕනැම ආයතනයක් පවතින්නෙ කිසියම් නීති
පද්ධතියක් තුළ. නමුත් පාලන තන්ත‍්‍රය, කර්තෘ
මණ්ඩලය, පරිගණක ශිල්පින් මෙහි දි තම තමන්ගේ
අභිමතය පමණක් ඉස්මතු නො කර පොදු එකඟතාවකට
පැමිණිය යුතුයි. මොකද මේක ‘ටීම් වර්ක්’ එකක්. අශ්ව රේස් එකක් නොවෙයි. එකෙක් පරයා අනෙකා යන්න උත්සාහ කරොත්
අවසාන ප‍්‍රතිඵලය ඉතා ම නරක එකක් බවට පත්වෙන්න පුළුවන්.
මුද්‍රිත මාධ්‍යයේ එදා සහ අද තත්ත්වය
පිළිබඳ විග‍්‍රහයකට පැමිණියොත්?
‘‘අද තාක්‍ෂණය ඉතාමත් ඉහළ මට්ටමක
පවතිනවා. ඒ කොපමණ තාක්‍ෂණික දැණුම තිබුනත් ඵලක් වෙන්නෙ නෑ පුද්ගලයා නිර්මාණශිලි
නැත්නම්. අලූතෙන් හිතන්න බැරිනම්. ඒ වගේ ම අලූතෙන් හිතන්න පසුගිය දේ හදාරා තිබිය
යුතුයි. වැළඳ ගත යුත්තේ අවශ්‍ය දේ. අත් හළ යුත්තේ
අනවශ්‍ය දේ. මේ අඩුව අද බහුලව දක්නට ලැබෙනවා. අනෙක් කාරණය තමයි... උපාධිය හෝ
ඩිප්ලෝමාව ගත් පමණින් ආයතන ගතවෙන්න බෑ. පුද්ගලයෙක් කිසියම් ශිල්පයක් හදාරන්න
පුළුවන්. නමුත් මේ ශිල්පය එක් එක් ආයතන තුළ ක‍්‍රියාත්මක වෙන්නේ එක් එක් ආකාරයට.
නිර්මාණ ශිල්පියා මෙය තේරුම් ගත යුතුයි. නිර්මාණ ශිල්පියාව තේරුම් ගැනීම සඳහා ආයතනයට කාලයක් අවශ්‍ය වන්නා සේ ම ආයතනය
තේරුම් ගැනිම සඳහා නිර්මාණ ශිල්පියා ද කාලයක් ගත කළ
යුතුයි. ඉන් අනතුරුව තමයි දෙපාර්ශවයට ම එකඟතාවකට එන්න පුළුවන් වෙන්නේ. තමන්ගේ කෝවට ආයතනය දාගන්න හෝ ආයතනයේ
කෝවට තමන් වැටීම අනතුරුදායක යි. මෙන්න මේ බාධකය ජය ගැනීම තමයි අභියෝගය.’’
සටහන ජයසිරි අලවත්ත