මේවා කලබල කාරී පත්තර කන්තෝරුවකදී රාජකාරියට ඇදපු ඒවා. ඒනිසාම මෙවාට වෙනම අගයක් එකතුවෙනවා. කාලය, අදාල පුද්ගලයාගේ ඡායාරූප සොයා ගැනීම, ලිපියේ ඇති අන්තර්ගතයට අනුකූලවෙන සේ නිර්මාණය ගොඩනගා ගැනීම.
මේවා පහසුනෑ..සමහර විට පිටුව අරෙහෙ දානවා. මෙහෙ චිත්‍රය අදින වෙනවා... මේ නිසාම පත්තරය තුල කටයුතු කරණ චිත්‍රශිල්පියා ටිකක් අමාරු කාරයෙක් වෙන්න ඕන. මම ඒ අමාරු වැඩේට මූනදුන්න කෙනෙක්.
සමහරු ඡායාරූපය බලාගෙන ඒකම අදිනවා. ඒක දස්ස කමක් තමයි. නමුත් ඇයි කැමරාව තියෙද්දී මිනිහෙකුත් ඒ වැඩේට මහන්සි වෙන්නේ. ඒක තමයි මට ඇතිවුන ප්‍රශ්නය. මට ඕන වුනා කැමරාවට කරන්න බැරිදේ කරන්න... එතකොටත් අභියෝගයක් එනවා... මෙවා බලන අයට ඇදපුදේ දැක්කම රූපේ අදුනා ගන්නත් තියෙන්න ඕන. නැතිනම් බලන අය කියනවා
“මූට අදින්න බෑ කියලා“
මේ අභියෝගය මම ජය ගත්තාද? ඒක ඔබම මේවා බලල තේරුම් ගන්න. ලංකාවේ පුවත් පත් චිත්‍ර කලාව යම් තැනකට ඔසවා තබන්න මම වෙහෙස වුණා. නමුත් මේ තත්ත්වය කර්තෘ මණ්ඩල සාමාජිකයන් , පාලන අධිකාරිය තේරුම් ගත්තාද කියන ප්‍රශ්නය මට තියෙනවා.
අපේ රටේ ඕනෑම ක්ශේස්ත්‍රයක් දියුනු නොවී එක තැන පල්වෙනවා නම්. ඒයට වරදකාරයෝ ඒ වැඩේ නිරත පුද්ගලයෝ නෙවෙයි. ඒ පුද්ගලයන්ට උඩින් සිට මේ අයව මෙහෙයවන පිරිසයි වරද කරුවෝ.
මම එහෙම කියන්නේ ඇයි? මේ අය කැමතිනෑ වැඩක් හරියට, නිවැරදිව කරන අයට. ඒ නිවැරදි වැඩය සමාජ ගතවෙනවාටත් මොවුන් කැමතිනෑ.. මෙකක්ද හේතුව.? එහෙම නිවැරදි හොද වැඩක් කෙරුනොත්, එයින් තමාට අවාසියක් වෙන නිසා.
මොකද්ද ඔවුන්ට වෙන අවාසිය...? ඇයි ඒ අයගේ බැරිකම එලිදරවු වෙනවානේ. ඒකයි...
හරිම අපූරු බ්ලොග් අඩවියක්.. සියලුම ලිපි විවේක වෙලාවක කියවන්න ඕන. සාමාන්‍ය පෙළ, උසස් පෙළ චිත්‍ර ඉගෙනගෙන, පුංචි කාලෙ ඉඳන් චිත්‍ර ඇඳලා දැන් අවුරුදු ගාණක ඉඳල චිත්‍ර ඇඳීම මගහැරිලා තිබුණත් මම තාමත් සිත්තරකමට ආදරෙයි...
ReplyDeleteසිත්තර සිතක් බ්ලොග් අඩවියට සුබ පැතුම්...
ස්තුතියි..කියවන්න අදහස් උදහස් දක්වන්න..
Deleteනිර්මාණශීලියි. අති විශිෂ්ටයි....
ReplyDeleteස්තුතියි..ඔ බේ අදහස් උදහස් දක්වන්න....
Delete