2012/06/01

වඳිමි සිදුහත්

ගාමිණී සුමනසේකර ලියූ ’වඳිමි සිදුහත්’




ඉරිදා දිවයින ප්‍රධාන කර්තෘ ගාමිණී සුමනසේකරයන් බුදු සිරිත ඇසුරින් දිවයින පුවත්පතට ලියූ ලිපි පෙළ ‘වඳිමි සිදුහත්’ නමින් ග්‍රන්ථයක් වශයෙන් පළ කොට තිබේ.

මේ ග්‍රන්ථයට විෂය වී ඇත්තේ බුදු සිරිතෙහි ප්‍රකට විවිධ අවස්ථා ය. සිදුහත් කුමරු ලෙස කළ අභිනිෂ්ක්‍රමණයේ සිට ගෞතම බුදුන් ලෙස බුද්ධත්වය ලැබීමත්, ඒ අතරතුර බුදුන් වහන්සේගේ ධර්ම චාරිකාවේ විවිධ අවස්ථාවනුත් මේ කෘතියෙන් විග්‍රහ වේ.

මාර පරාජය හා බුද්ධ පරිනිර්වාණය ඇතුළු බුදු සිරිතේ ප්‍රබල අවස්ථා අපූර්වත්වයෙන් යුතුව මෙහි දක්වා තිබේ. සම්භාව්‍ය සාහිත්‍ය -ය මෙන්ම නූතන සාහිත්‍යය පිළිබඳව කතුවරයාගේ හැදෑරීම් ‘වඳිමි සිදුහත්’ ග්‍රන්ථයෙන් මොනවට පැහැදිලි වේ. අපූරු හා සරල ව්‍යංගාර්ථවත් බස් වහර ද පැරැණි හා නූතන ලක්ෂණ සම්මිශ්‍රණය වූ භාෂාව ද මේ කෘතියට මනා ආලෝකයක් එක්කර තිබේ.




No comments:

Post a Comment