2016/05/18

ළමයා සහ වර්ණ........





චිත්‍ර කලාවේදී ළමයෙක් සහ වර්ණ හැසිරෙන ආකාරය කෙසේ වෙයි ද? මෙය රසවත් වගේම අභියෝගාත්මක  කාරණයක්. මම එහෙම කිව්වේ වැඩිහිටියා ට දරාගත නොහැකි නිදහසක් සහ ස්වාධීනත්වයක් ළමා සිත්තරා බුක්තිවිදින බව පෙනෙන නිසයි. මෙය දැනුමින් පෝෂණය වූ වැඩිහිටි අයට දරාගන්නට පවා බැරිවෙන තරමට ප්‍රබලයි.

මම මේ ගැන කියවපු අපුරු කතාවක් කියන්නම්.

මේ කතාව අපේ ප්‍රවීන ලේඛකයෙකු මෙන්ම කලාකරුවෙකු ද වන සයිමන් නවගත්තේගම මහතා ඔහුගේ පොතකටද ලියා එක්කර  තිබෙනවා.

කතාව කෙටියෙන් මෙහෙමයි.

අධ්‍යාපන ක්ෂේස්ත්‍ර යේ  කටයුතු කරන උසස් නිලතල හිමි මහාචාර්යවරු පිරිසක් පර්යේෂණයක් සදහා දුෂ්කර  ප්‍රදේශයක පාසැලකට ගිහින් තිබෙනවා. එම පාසැලේ  ළමුන් එක් ස්ථානයකට කැදවූ මේ පිරිස සැන්දෑයාමයේ දර්ශණයක් සිතුවමට නැගීමට දරුවන්ට නියෝග කළා. දැන් ළමයි  ලහි ලහියේ චිත්‍ර අදිනවා..විදුහල්පති තුමා සහ ගුරුමඩුල්ල නිලධාරීන්ට මහත් ගවුරවයෙන් සංග්‍රහ ආදී කටයුතුවල නිරතවුණා. දැන් චිත්‍ර අදින්න නියමිත කාලයත් ගෙවිලා.. නිලධාරියෝ චිත්‍ර ළමයින්ගෙන් එකතු කරගෙන ඒ චිත්‍ර ගැන ප්‍රබුද්ධ කතාබහක.

ඔන්න සියලු දෙනාගේම අවධානය දිනාගත් චිත්‍රයක් හමුවුණා. අනිත් ළමයි ඇදපු චිත්‍ර වලට වඩා මේ චිත්‍රය සම්පූර්ණයෙන්ම වෙනස්. මෙම චිත්‍රය ඇදපු ළමයා ඒ චිත්‍රය ඇදල තිබුනේ එක් වර්ණයකින් පමණයි. වර්ණයද රතු. මහාචාර්යවරු  මේ චිත්‍රය පිලිබදව කෙස් පැලෙන තර්ක විතර්ක ඉදිරිපත් කරන්න වුණා. මේ මතවාද විදුහල් පතිටවත් ගුරුමණ්ඩලයේ අයටවත් තේරුනේ නෑ..මොකද ඒ තරම් මේ වචන බැරෑරුම්..

මේ චිත්‍ර යෙන්  ළමයාගේ ජීවන තත්ත්වය, පවුලේ සමාජ පීඩනය, දෙමාපියන්ගේ අසමගිය සහ ආර්ථිකයේ ස්වභාවය..දරිද්‍රතාවය, විප්ලවීය දේශපාලන ක්‍රියාකරම් පිලිබද ඇති කැමැත්ත පෙන්නුම් කරණවා. මෙකී නොකි බරපතල කාරණා ගැන මහාචාර්ය වරුන්ගේ වාද විවාදය නතරවෙන බවක් පෙනුනේ නෑ.. දැන් පාසැල් අවසන්වෙන වෙලාවත් පහුවෙලා.

විවාදය දැන් මහා ගාල ගොට්ටියක්.. චිත්‍ර යේ පිංතූර ගැනීමටත්, එ වැනි ළමා නිර්මාණ වෙනත් රටවල බිහිවී ඇත්දැයි සොයා බැලීමත්  ඔවුහු දගලයි. මේ කලබගෑනිය නොඉවසූ ඒක් තරුණ ගුරුවරයෙක්...

සර් ..සමාවෙන්න. අපි ඹ්ක ඇදපු ළමයව ගෙන්නලා එයා කලේ මොකද්ද කියලා අහමුද?
කියල යෝජනා කළා.

කවුරුත් ඒකට කැමතිවුණා.

දැන් මේ රතුපාටින් චිත්‍රය ඇදපු දරුවා විදුහල්පති තුමා විසින් මහාචාර්ය වරුන් හමුවට ගෙන ආවා. මහත් බයෙන් බිරන්තේටු වී සිටි ඒ දරුවා දැකපු නිලධාරියෝ නැවතත් වාද විවාද කරගත්තා. .

බලන්න මම කියපු දේ ? මෙයා හරියට  පිරිසිදු ඇදුමක් වත් ඇදලා නැ.. ඒ කියන්නේ මේ දරුවාගේ දෙමා පියෝ  බරපතල ආර්ථික දරීද්‍රතාවයකින් පෙලෙනවා...ඒ නිසාම ඔවුන් විප්ලවකාරී දේශපාලන සංවිධානයක සාමාජිකයෝ වෙන්න ඇති.. බලන්න ඒ සමාජ විරෝධී ආකල්ප පුංචි ළමයෙක් තුළටත් කාවැදිලා... අනාගතයේ මේ ළමයා දරුනු සමාජ විරෝධියක් වෙන්න පුලුවන්..

තවත් එකෙකු පැවසුවා.

මේ කතා බහ නොඉවසූ අර තරුණ ගුරුවරයා ළමයා ලගට ගොස් මෙසේ ඇහුවා..

කියපං බලන්න මේ චිත්‍රය උඹ රතුපාටින් විතරක් ඇන්දේ ඇයි කියලා.?

දරුවා බියවී..අසුරණ වී බිම පහුරුගෑවා..

මේවර ඉදිරිපත්වුනේ විසුහල්පති තුමා.

අඩා. උඹට තේරුනේ නැද්ද? ඇයි උඹ මේ කොලේ රතුපාටින් විතරක් කුරුටු ගෑවේ..?

දරුවා.. මරණයට ගෙනා ආ හරක් පැටියෙක් මෙන් ඇඹරුණා.. අවසානයේ..

ලොකුමහත්තයා මගේ පාට පෙට්ටියේ පාට ඉවරවෙලා.. ළග හිටපු එකා මට දුන්නේ ඒ පාට කූර විතරයි..

කියල කිව්වා...දැන් ප්‍රබුද්ධ සාකච්ඡා මණඩපය ගල් ගැසුණා. කරකියා ගත නොහැකිව ඔවුන් නැවත කුටු කුටු ගාන්න වුණා....

සයිමන් නවගත්තේගම මහතා ලියා තැබූ මේ කතාව  නැවත මතක්කලේ එය අපේ සාකච්ඡාවට  අදාල නිසයි.
මෙහි ඇති ගැඹුරු කියැවීම කුමක්ද? උගත් බුද්ධිමතා සිය පොතේ දැනුම තුලින් සමාජය ගැන ගන්නා තීන්දු තීරණ.. ප්‍රායෝගික තලයේදි   විහිලුවක් බවට පත්වෙන බව නේද?  ශාස්ත්‍රාලීය දැනුම අපි ඉවත දැමිය යුතු නොවේ. එහෙත් පොත පතේ දැනුම කටපාඩම් කරගෙන එය ඒ ලෙසම පිලිපැදීමට යාම තුල කිසිවිටකත් නව දැනුම එයට එක්නොවේ. පොතේ දැනුම පාදක කරගෙන  නව දැනුම සොයා යාම සිදුවිය යුතුය. නමුත් එවැන්නක් සිදුවෙන බවක් නොපෙනේ.

විශේෂයෙන් කලාව සම්බන්ද කටයුතුවලදි පොතේ දැනුම පාදකකරගෙන කලාකෘතිය හෝ කලා කටයුතු මෙහෙයවිමට එන නිලධාරියා බොහෝ ප්‍රවේසම් විය යුතුය. නිර්මාණාතුමක දැනුම හැමවිටකම වර්ධණය වේ. එය පොතක වනපොත්කර එක තැනක සිරකොට තබා ගතනොහැක.

විශේෂයෙන්ම ළමයා වැඩිහිටියා මෙන්නොවේ. වැඩිහිටියා දැනුමින් පොෂණය වීමේදී ඔහුතුළ ඇති නිර්මාණ ශීලීත්වය විනාස කරගනි. මෙය සිදුවන්නේ ඔහුටත් නොදැනීමය. මේ විනාසය සිදු නොවන තැනට කටයුතු කරන බවත් අපිට මේ සමාජය තුළ දක්න්ට නොලැබිම  ගැන කනගාටු සිතේ.

8 comments:

  1. ඊලගට ලියන්න අර අද්වකාත් නෝනාගේ කතනව්දරය , ඒක හෙන වටිනවා;

    ReplyDelete
  2. සිත්තරෙක් පින්සල පිහින රෙදි කෑල්ලත් කාලෙකින් මහා කලාකෘතියක් වෙනවයි කියල කියන්නෙ..
    හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මේ කතාවත් හොද තැනක් කලාව ගැන ගැන ගඹුරින් හොයන්න. නමුත් මතුපිටින් ගත්තොත් නම් විහිලුවක් වගේ තමා.. අපි මේවා ගැන කතාකරමු ඉදිරියට....

      Delete
  3. මේක කියවගෙන යනකොට මට මතක්වුනේ රවී ලියලා තියෙන සම්භාව්‍ය් කවි ලිවීමට උපදෙස් කියන පෝස්ට් එක.

    මෙතනින් කියවා බලන්න.

    ReplyDelete
  4. බොහොම කාලෙකට උඩදි ඔය ළමයගේ කතාව මම මුහුණු පොතෙන් දැක්කා. ඒක පාදක කරන් මාත් කෙටිකතාවක් ලිවුවා.

    ඊට වඩා මම හිතුවේ මෙච්චර කාලයක් ලියවෙන බ්ලොග් එක මට මිස් උනේ කොහොමද කියන එක.

    ReplyDelete