2012/04/22

අමරදේවයන් තෙලිතුඩක පහසින්


ඩබ්. ඩී. අමරදේව උත්තර භාරතීය රාගධාරී සංගීතයෙන් සිංහල ගීත ක්‍ෂේත්‍රය පෝෂණය කල ‍‍ගෞරවණීය කලාකරුවෙකි. 1927 වර්ෂයේ දෙසැම්බර් පස් වන දින මොරටුවේදී මෙළොව එළිය දුටු, වනක්කුවත්ත මිටි වඩුගේ දොන් ඇල්බර්ට් පෙරේරා, ප්‍රකට ගායන හා සංගීතඥයෙකු ලෙස ශ්‍රි ලංකාවේදී හඳුනා ගනු ලබන්නේ ඔහුගේ ආරෝපිත නාමය වූ අමරදේව නමිනි. සිතාරය, තබ්ලාව, හාර්මෝනියම වැනි ශාස්ත්‍රීය සංගීට භාණ්ඩ එක්කොට ගනිමින්, සිංහල ජන සංගීතය සහ භාරත ජනමූල සංගීතය ස්වකීය නිර්මාණ විෂයට දායක කර ගනී. දරුවන් හය දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා වු අමරදේව දොන් ගිනෝරිස් පෙරේරා සහ මැගී වෙස්ලිනා මෙන්ඩිස් දාව උපත ලැබුවකු විය. කුඩාකල දී අමරදේව සංගීතමය අභාෂය ලැබුවේ තම පියාගෙනි. එමෙන්ම ඔහුගේ වැඩිමහලූ සහෝදරයකු ඉන්දිය ශාස්ත්‍රිය සංගීත ගුරුවරයකු ද වුයේය.

මෙම අසහාය කලාකරුවාව ශාන්ත කේ හේරත් විසින් චිත්‍රයට නගා ඇති ආකාරය විමසා බලමු.

No comments:

Post a Comment