සියුම් කලාවන්
පිළිබඳ රටේ අවධානයක් නැහැ
ශාන්ත කේ. හේරත්
පොත් කවර කිරීම නිර්මාණාත්මක කලාවක් වන්නේ කෙසේද?
'නිර්මාණයක්' නම් එය කලාව හා බැඳෙනවා. නිර්මාණයක් නම් එය අපට හුරු පුරුදු - සුලබ, පොදු අත්දැකීමක් වන්නේ නැහැ. ඇතැම් විට සුලබ, පොදු අත්දැකීමක් නොසිතූ ආකාරයකට අපේ අවධානය වෙනස් කරනවා නම්, ආකර්ෂණයට පත් කරමින් අපේ සිතුවිලි ධාරාවට නව අරුතක් ගෙන එනවා නම් එතන නිර්මාණයක් බිහිවෙනවා. ඒ නිර්මාණය කලා කෘතියක්. කලා කෘතියක් බිහිවන්නේ නිර්මාණාත්මක අදහස් උදහස් ගොන්නක් සංකලනයවී අපූර්වත්වයකින් යුතුව යි. එම බිහිවීම තුළින්a පාඨක නැතිනම් සහෘද සිතුවිලිවලට කිසියම් ආකාරයක බලපෑමක් කළ හැකියි. එය අලුත් සිතුවිලි පරාසයකට යොමු කිරීමක් තිගැස්‌මක්, කෝපයක් හෝ විශ්මයක්‌ද විය හැකියි.
මේ ආකාරයේ උත්තේජනයක් කිසියම් කටයුත්තකින් සිදුවෙනවා නම් එහි කලාත්මක ගුණයක් ගැබ්වී තිබෙනවා යෑයි මා විශ්වාස කරනවා. එවැනි ගුණයක් සහිතවූ දෙයෙහි නිර්මාණාත්මක බව අඩංගුයි. එය පොත් කවරයක, කැන්වසය මත ඇඳි චිත්‍රයක, ඡායාරූපයක, මූර්තියක, නාට්‍ය දර්ශනයක, චිත්‍රපටයක හෝ වෙනයම් ඕනෑම මාධ්‍යයක විය හැකියි.
මෙවැනි ගුණයන් පොත් කවරයක තිබේ නම් එය පොත් කවර නිර්මාණයක්. නමුත් සුලබ අත්දැකීම් සහිතව, හුදෙක් වාණිජ පරමාර්ථ උදෙසා කෙරෙන පටු රාමුවක් තුළ බිහිවෙන දේ තුළ කලාව, නිර්මාණය දැකිය නොහැකියි. එම නිසා පොත් කවර යනු නිර්මාණාත්මක කලාවක්. සුලබ පොත් කවර නිෂ්පාදනය කලාවක් නොවේ.
කෘතියක පෙර වැසුම අදාළ කෘතියේ අන්තර්ගතයට කරන බලපෑම මොනවගේද?
පාඨක අවධානය අනෙකුත් පොත් අතරින් ක්‌ෂණිකව ඇද බැඳ තබා ගැනීමට කෘතියක පෙර වැසුම වැදගත්. එසේ ආකර්ෂණය කරගන්නා අතර අපේ අත්දැකීම්, හැඟීම් ඒ සමග බැඳ ගන්නවා. එය අපට නුහුරු බව හෝ අපි නොදන්නා හුරුවක් සිහිවීමක් විය හැකියි. එවැන්නක් කිරීමට සමත් නිර්මාණයක් බිහිකිරීමට කෘතියේ අන්තර්ගතය සෘජු බලපෑමක් කරනවා. කෘතියකට කවරයක් නිර්මාණය කරනවා යනු මිනිසෙකුට ඇඳුමක් මහනවා වගේ ක්‍රියාවක්. කෘතියේ ඇති නිර්මාණාත්මක බව,කෘතියේ අංග කවර නිර්මාණ ශිල්පියාට තම ඇඳුම නිර්මාණය කිරීම සඳහා බලපෑමක් කරනවා. කෘතියේ අඩංගු කරුණු හරහා එහි ඇති නැවුම් බව නිර්මාණාත්මක බව ඇඳුම නිර්මාණය කරන්නාගේ සිතුවිලි හරහා ගමන් කෙරෙන ප්‍රතිනිර්මාණයයි කලා කෘතියක් හරහා බිහිවන්නේ.
යම් කතුවරයෙක් මට අඬන කාන්තාවක්, කාමය පිරුණු රූපයක් සහිත කවරයක් නිර්මාණය කර දෙන ඉල්ලා සිටි විට, අන්තර් ජාලය හරහා එවැනි පින්තූරයක් තෝරාගෙන කවරයට ගෙනත් එය තම නිර්මාණයක් යෑයි සටහන් කිරීම සදාචාරාත්මක නැහැ. එය කලාවක් වෙන්නෙත් නැහැ. පොතේ අන්තර්ගතයට ඉන් සාධාරණයක් වෙන්නේ නැහැ. නිර්මාණ, කලාකෘති යන අර්ථයෙන් අප සාකච්ඡා කළොත් ඒවා නිර්මාණාත්මක නැහැ.
පාඨකයකුට යම් කෘතියක අන්තර්ගතය පිළිබඳ පූර්ව මිනුම් දණ්‌ඩක් ලෙස එම කෘතියේ පෙර වැසුම භාවිත කළ හැකි බවද ඔබ පවසන්නේ?
ඔව්. උදාහරණයක් වශයෙන් අපේ සමාජයේ පොලිස් නිලධාරීන් වෙනම නිල ඇඳුමක් තිබෙනවා. සෑම ආගමකම පූජකවරුන්ට වෙනම ඇඳුමක් තිබෙනවා. සාමාන්‍ය මිනිසුන් ඒ ඇඳුම් අඳින්නේ නැහැ.
සාමාන්‍ය මිනිසුන් ගේ පවා ආගමික, සංස්‌කෘතික, අධ්‍යාපනික මෙන්ම ඔවුන්ගේ ගති පැවතුම් හා අනෙකුත් මානුෂික සමාජයීය ගති ලක්‌ෂණ ඔවුන්ගේ ඇඳුමින් බොහෝවිට නිරූපණය වෙනවා. පොතක් සජීවී නම්, එය උසස් කෘතියක් නම්, එය මානව සමාජය නියෝජනය කරන්නේ නම්, ඔබේ ප්‍රශ්නයට 'ඔව්' යෑයි නැවතත් පැවැසීමට මා මැලිවන්නේ නැහැ.
යම් කෘතියක අලෙවිය සඳහා එම කෘතියේ කවරය සෘජුවම බලපෑමක් කරන බවද ව්‍යංගයෙන් ඔබ අඟවන්නේ...
නොයෙකුත් අයට විවිධ මත පළ කළ හැකියි. ඒ, ඒ අයගේ වාසිය පිණිසයි. නමුත් සාධාරණව, මධ්‍යස්‌ථව බැලුවොත් මම ඉහත දැක්‌වූ උදාහරණය සාධාරණයි. යම් පුද්ගලයකුගේ පෞරුෂය ඔහුගේ ඇඳුමින් නිරූපණය වෙනවා. එසේ නොවන අවස්‌ථාවනුත් තිබිය හැකියි. එතැන තිබෙන්නේ විකෘතියක්. කෘතියක අඩංගු ගැඹුර කවරය තුළින් යම් ප්‍රමාණයකින් හෝ ප්‍රතිනිර්මාණය වනවා නම් එය පොත මිලදී ගැනීමට හෝ රස විඳ ගැනීමට එය උත්තේජකයක් වෙනවා.
ඔබ යම් කෘතියකට කවරයක් නිර්මාණය කිරීමේදී අනුගමනය කරන ක්‍රමවේදය කුමක්‌ද?
පළමුව කවරය නිර්මාණය කරන කෘතිය මා කියවිය යුතුයි. දෙවනුව කවරය නිර්මාණය කිරීම සඳහා මට පූර්ව නිදහස අවශ්‍යයි. අවසාන වශයෙන් කවරය නිර්මාණය කරන්නේ පිනටද, ඒ සඳහා මට මුදලක් ලැබෙනවාද යන්න දැනගත යුතුයි. ඒ අපි නිර්මාණය කිරීම සඳහා අමුද්‍රව්‍ය නිෂ්පාදන වියදමක් දරන නිසා.
ඔබ එහිදී කෘතියේ කතුවරයාගේa අදහස් පිළිබඳ අවධානය යොමු කරන්නේ නැද්ද?
විෂය පිළිබඳ නොදන්නා බාලයකුට නම් එලෙස උපදෙස් අවශ්‍ය විය හැකියි. නමුත් වෘත්තිකයකුට කෘතියේ තිබෙන දේ පිළිබඳ පවසා කතුවරයාට අවශ්‍ය දේ මෙය යෑයි පැවැසීම ඔහුගේ නිර්මාණාත්මක බව අහුරා දැමීමක්. ඇතැම් විට ලේඛකයා ඔහුට අදාළ විෂය, කෘතිය පිළිබඳ හසළ දැනුම ඇති අයෙක් විය හැකියි. නමුත් අද අපට හමුවන මෙවැනි ප්‍රවීණයෝ තමුන්ගේ විෂය හැර අනෙකුත් විෂයන් පිළිබඳ මනා අවබෝධයක් ඇති අය නොවෙයි. ඒ බව ඔවුන්ගේ ක්‍රියාකලාප තුළින් අපට වැටෙහනවා. චිත්‍රය පිළිබඳ, එහි ශිල්ප ක්‍රම පිළිබඳ කිසිදු අවබෝධයක් නැති අයෙක් එම විෂය පිළිබඳ අවවාදදීම, බලපෑම් කිරීමට යාම වෛද්‍යවරයකු ළඟට ගිහින් තමන්ට තිබෙන රෝගය සහ අවශ්‍ය බෙහෙත් පිළිබඳ පවසනවා වගේ වැඩක්.
සැබෑ පරිනත උගතුන් අතින් මේ වැරැද්ද සිදුවෙන්නේ නැහැ. කතුවරයා සමග කෘතියේ අන්තර්ගත පිළිබඳ සාකච්ඡා කිරීම වැදගත්. නමුත් ශිල්පියා පොත කියවනවා නම් කර්තෘගේ බලපෑම සිය දහස් වාරයක් ශිල්පියාට ලැබෙනවා. ප්‍රශ්නය අද පොත් කවර කරන බොහෝ දෙනා අදාළ කෘතිය කියවන්නේ නැහැ. කර්තෘගේ හෝ පොත් ප්‍රකාශකයා පවසන දේ එලෙසින්ම කරනවා. කවරයේ තිබෙන දේ පොතේ අන්තර්ගතයට කිසිදු සම්බන්ධතාවක් නැහැ. එහිදී වෙන්නේ අක්‌කා පෙන්නලා නංගී දීමේ න්‍යාය. කෘතියේ තිබෙන කාමුක චිත්‍රයෙA, පින්තූරයේ රසය බලාපොරොත්තුවෙන් පොත මිලදී ගන්නා පාඨකයාට එම රසය නැතිව බොහොම ගැඹුරු සාහිත්‍ය රසයක් නම් එම කෘතියේ අන්තර්ගතවෙන්නේ ඉන් පාඨකයා අතරමං වෙනවා. ඒ වගේම කර්තෘ බලාපොරොත්තු වන පාඨකයාට එම කෘතිය යන්නේ නැහැ.
ඔබ නිර්මාණය කරන පෙරවැසුම නිරූපණය කරන්නේ අදාළ කෘතියේ අන්තර්ගතයේ සාරාංශයද?
සෘජුවම එයට ඔව් හෝ නැහැ යෑයි පැවැසිය නොහැකියි. උදාහරණයකට මිනිසෙක් ගත්තොත් ඔහු බැලු බැල්මට අහිංසක විය හැකියි. නමුත් ඇසුරු කිරීමේදී ඔහු භයානක විය හැකියි. නිර්මාණයකදී නිර්මාණකරුවා ඇසින් දකින දේ ඒ ආකාරයට ඇඳීම තුළ ගැටලු ඇතිවෙනවා. ඒ නිසයි අත්දැකීම් ඇති නිර්මාණකරුවෝ තම අභ්‍යාසය තුළින් ලබාගත් උපාය මාර්ග තම ප්‍රකාශන මාධ්‍යයට එකතු කරගන්නේ. කෘතියේ ඇති රසය විඳගෙන එහි අන්තර්ගතය නිරූපණය වන සංකේතාත්මක නිර්මාණයක් නම් මම හිතනවා එහි කලාවක් ගැබ්විය හැකි බව.
ඔබ නිර්මාණය කරන පෙරවැසුම් නිර්මාණවල දැකිය හැකි පොදු ලක්‌ෂණය නම් ඒවා බොහෝ දුරට සංකල්පරූපී වීම. එවැනි නිර්මාණ තේරුම් ගැනීමට තරම් පැසුණු පාඨක සමාජයක් අද පවතිනවා යෑයි ඔබ සිතනවාද?
ඔව්. ඥනයක් තිබෙන පාඨක පිරිසක් අපට ඉන්නවා. නැතිනම් මෙතරම් කෘති ලියවේවිද? මුද්‍රණය වෙයිද? පොත් උත්සව තිබෙයිද? ප්‍රශ්නය මේ මිනිසුන්ට තිබෙන ඥනයට ගැළපෙන, ඊට ගෞරවයක් ලබාදෙන ඊට සරිලන නිර්මාණ බිහිවෙනවාද කියන එකයි.
බොහෝ පණ්‌ඩිතයන් සිතන්නේ ඔවුන්ගේ දැනුම් මට්‌ටමට පහළින් ජනතාව සිටින බවයි. ඔවුන්ට වැරැදුණේ එතනයි. මෙවැනි අදහස් දරන්නන්නේ දැනුමේ ප්‍රමාණය විවෘතව ප්‍රදර්ශනය වන බව ඔවුන් දන්නේ නැහැ.
අද්‍යතනයේ සාහිත්‍ය සම්මාන උළෙල කෙතරම් පැවැතුණත් පොත් කවර කිරීමේ කලාව පිළිබඳ කිසිවකුගේ අවධානයක් යොමුවී නැහැ. එය ප්‍රධාන සාහිත්‍ය ධාරාව තුළ සාකච්ඡාවට බඳුන්වන්නේ නැහැ...
ඔව්. ඊට හේතුව එය කලාවක් වශයෙන් ඉස්‌මතු නොවීමයි. එසේ මතු නොවීම හෝ නොකිරීම සිදුවෙන්නේ මා ඉහත සඳහන් කළ පණ්‌ඩිතයන් ක්‍රියා කලාපයයි. පොත් හොඳයි පවසන, සම්මාන දෙන පොත් නිෂ්පාදනය කරන අයට උපදෙස් දෙන කළ යුතු නොකළ යුතු දේ ගැන කියාදෙන පණ්‌ඩිතයින් ටික දෙනකු තමයි මේ හැම දේම තීරණය කරන්නේ. ඔවුන්ට අභියෝග කරන්න හෝ එය සිදුවිය යුතු ආකාරය පහදා දෙන්න පෞරුෂයක් තිබෙන අය අද අඩුයි. සිටියත් ඔවුන් නිහඬයි. ජ්‍යෙෂ්ඨත්වය හෝ සිවිල් බලය මත ලබාගත් තමන්ගේ පණ්‌ඩිතකමට පහළින් අනෙක් සියලු දෙනාම සිටින බවයි ඔවුන් සිතන්නේ.
මේක අපේ රටේ නිර්මාණාත්මක කලාවට බරපතල බාධාවක්. මේ බාධාව දකින අය, කතා කරන අය, ලියන අය බොහෝ දෙනකුට මේ ප්‍රශ්නය විසඳිය හැකි බලයක් ලැබුණු විට ඔවුන් පවා ක්‍රියා කරන්නේ වැරැද්ද නිවැරැදි කිරීමට නොවේ. පවතින වැරැද්ද පවත්වාගෙන යැමට අනුබලය, ශක්‌තිය දීමටයි. සියුම් කලාවන් කෙරෙහි අපේ රටේ ඇති තත්ත්වය කණගාටුදායකයි.
සංවාදය - ලක්‌මාල් බෝගහවත්ත
ඡායාරූපය - සුජාතා ජයරත්න

ශාන්ත, ඔබ වැනි විශිෂ්ට නිර්මාණ ශිල්පීන් බිහිවන්නේ කලාතරකින්. එසේම ඔබ වැනි ඍජු පුද්ගලයන් බිහිවන්නේත් ඉතාම කලාතරකින්. ඔබසිටින්නේ මේ සමාජයට වඩා බොහෝ ඉදිරියෙන් බවයි මගේ අදහස. ඔබ කියන දේ අවබෝධ කරගන්නට මේ සාමජයට කල් ගතවන්නේ ඒකයි. ඉදිරියේදී මේ තත්වයන් වෙනස් කරන්නට උත්සාහ කරමු. දිගටම සටන් කරද්දී කාලය ගතවෙනවා. කාලයක් ගත වන විට අප කියා ඇත්තේ කමක් දැයි අවබෝධ කරගන්නට හැකි පුද්ගලයන් බිහි වේවි. ඔබට සුබපැතුම් නාරදගෙන්.
ReplyDeleteස්තුතියි...කාලය ගෙවීයනවා..අර ඔබකියන අය බිහිවෙන කල් බලාසිටිනවා....
Deleteඅපි හැමෝටම පේන්න තියෙන ඇත්ත ඒ නමුත් හැමෝම නොදැක්කා සේ සිටිනා සමාජගත කාරුණ කාරනා පිළිබද ඔබ විසින් ඉතාමත් පැහැදිලි විග්‍රහක් ඉදිරපත් කරලා තියෙනවා නිර්මාණකරනයත් වානිජකරණය වු සමයක ඔබවැනි අය අපේ රටට සම්පතක් ලෙසයි මා දකින්නේ..ඔබට සුභ පැතුම්
ReplyDeleteobe sithuvam behevin priya karana kenek mama. poth valata athishayin alum karana kenek hatiyata poth kavara vala sithuvam valatath kamathiy.mamath chithra anda kalayak thibuna.eth dan adinne na. me sithuvam vala abyanthraya dakinnata mamath uthsaha karanava. obata jaya!
ReplyDeleteඅවධානයට ලක් විය යුතු අගනා කරුණු රැසක්.
ReplyDelete